අශාන්ති හිත ගාවම ඇල වී හිඳීම

අශාන්ති ගැයූ අතිශය ජනප්‍රියම ගීත අතරින් විෂුවල් එකක් නැත්තේ " පෙම් කුමරා" ගීතයට පමණය. එයට හේතුව කුමක්දැයි වැටහුණේ ගීතයට හොඳින් සවන් දී විෂුවල් එකක් සිතින් මවා ගත් විටය.
හිත ගාවම ඇල වී ඉඳලා - සංසාරේ
ඔබ ගාවම දැවටී සිටියා
පෙම පූදින දෙනෙතේ ගලනා - මල් කැල්මේ 
වෙන කාටද ලැබිලා තිබුණා
මා දැක්කත් හිනැහීලා
ඈ එක්කත් දැවටීලා
තව කෙල්ලන් රවටාලා ආ පෙම් කුමරා
මල් රොත්තක් බිම දාලා
ඔය බැල්මට ඉඩ දීලා
ඇස් පියවෙන සේ ඉඹලා මා රොන් තවරා
සරුසාරෙට පපුවේ පිපුණා - රත්තරනේ
ඟඟ ගාවදි කඳුළු සැලුවා
දඟකාරෙට පපුවේ එතුණා - ඔය තුරුළේ
හිත වාවනු බැරි දේ හිතුණා
ඩියර් අශාන්ති ;
ඒක බංගසාල බජට් එකක් සහ පැය එකහමාරක විෂුවල් එකක් අවශ්‍ය ගීතයක් බව මම ද පිළිගනිමි. මේ " පෙම් කුමරා ගීතයට " විෂුවල් එකක් කිරීමට නම් මම ඉල්ලන ලැයිස්තුවය.
අවශ්‍ය චරිත
1. මා
2. ඈ
3. තව කෙල්ලන්
4. පෙම් කුමරා
5. රත්තරනේ
• දර්ශන සඳහා අවශ්‍ය කාලය
1. හිත ගාවම ඇල වී සිටීමට - මි. 1
2. ඔබ ගාවම දැවටී සිටීමට - මි. 1
3. වෙන කාටද ලැබිලා තිබීමට - මි. 3
4. මා දැක්කත් හිනැහීමට - තත්. 15
5. ඈ එක්කත් දැවටීමට - තත්. 30
6. තව කෙල්ලන් රවටාලා ඒමට - මි. 10
7. මල් රොත්තක් බිම දැමීමට - තත්. 2
8. ඔය බැල්මට ඉඩ දීමට - තත්. 2
9. ඇස් පියවෙන සේ ඉඹීමට - තත්. 5
10. ඟඟ ගාවදි කඳුළු සැලීමට - තත්. 30
11. හිත වාවනු බැරි දේ හිතීමට - මි. 3
• ග්‍රැෆික් අවශ්‍ය දර්ශන
1. සරුසාරෙට පපුවේ පිපීම
• සත්වෝද්‍යාන සහාය අවශ්‍ය දර්ශන
1. දඟකාරෙට පපුවේ එතීම
අදහස අත ඇරියා අශාන්ති !
හෙහෙයි හෙයි හෙ හෙයි හෙයි හෙයි
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments: