tag:blogger.com,1999:blog-37581815887104301452024-03-12T18:12:09.213-07:00කසීරKaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.comBlogger372125tag:blogger.com,1999:blog-3758181588710430145.post-83528934103014149612020-05-06T19:33:00.001-07:002020-05-06T19:33:16.898-07:00මැතිවරණ කොමිසමේ සභාපතිගේ පොලිස් දෙපාර්චමේන්තුව
මැතිවරණ කොමිසමේ සභාපතිගේ මාධ්‍ය හමුවේ මහින්ද දේශප්‍රිය මහත්තයා ස්තුති කරගෙන යනකොට එක තැනක දි 'පොලිස් දෙපාර්තමේන්තුව' කියන වචනය උගුර යටින්, භග්න ස්වරයකින් පිට වුණා. රටේ වෙලාවට ඒ මාධ්‍ය හමුව ආවරණය කරන්න ආපු මාධ්‍යවේදීන් අතර ජාතික රූපවාහිනියේ මහේෂ් නිශ්ශංක හිටියේ නෑ. වැරදිලා හරි මහේෂ් නිශ්ශංක ඉස්සරහා පුටුවක වාඩිවෙලා හිටියා නම් මහින්ද දේශප්‍රිය ට මේ කපේ ට මැතිවරණය කල් දාන්න වෙන්නේ නෑ.
මහේෂ් : සභාපතිතුමනි ; ආයෙම වතාවක් අහමුද ඒ වදන රටම හඳුනන, රටක් ආදරය කරන ඔබගේ ඒ ගැඹුරු හඬින් ?
මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව
මහේෂ් : සභාපතිතුමනි ; මම මෙහෙම යෝජනාවක් කරන්නම්. හැකි නම් මයික්‍රෆෝනය නොමැතිව ඒ වචනය අපිට අසන්නට සලස්වන්න තව වරක්.
මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව
මහේෂ් : අනර්ඝයි ! අනර්ඝයි !! අනර්ඝයි !!! මට මේ හඬ අසන මොහොතේ සිහියට නැගෙන්නේ ඔබ මෙන් ම අම්බලන්ගොඩ ධර්මාශෝකයේ නම රැන්දූ ආදි සිසුවෙක් වූ එල්ලමුල්ල කපුගේ ගුණදාස නම් අපූරු හඬ පෞරුෂය. ඔහු වෙන කවරෙක් හෝ නොවෙයි. ජනතාව වෙනුවෙන් හඬ අවදි කළ මහා ගායක ගුණදාස කපුගේ. මා ගෞරවනීයව සිහිපත් කරනවා ජන හද ගැසෙන රාවය වූ ඒ මහා ගායකයාණන් මේ මොහොතේ දී. ඉතින්, සහෘදයනි ; මේ මද්දහනේ අප සමග දොඩමළු වන, අප සමග ඒකාත්මික වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතගෙන් මා ඉල්ලා සිටිනවා ඒ සදා නොමියෙන ගායකයාගේ හඬින් අර පෙර කී වදන් පෙළ යළිත් මුමුණන ලෙස
මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව
මහේෂ් : අහා ... කොයි තරම් නම් සොඳුරු ද මේ මද්දහන. තරහ නැතිනම් අපට තව එකම එක වරක් පවසන්න ඔබගේ ස්තුතිය හිමි විය යුතු ඒ ගරු කටයුතු මහජන සේවයේ නම ..
මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව
මහේෂ් : දැවෙන ඉරු රැස් උණුසුම නොතකා මේ මොහොතට ...
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com1tag:blogger.com,1999:blog-3758181588710430145.post-89342414928778281832020-05-02T15:09:00.000-07:002020-05-02T15:08:59.948-07:00නිරෝෂා සහ උරේෂා සමග සන්සුන් රුවන් හද මන්දිරයේ
ළඟක දි දවසක යාළුවෙක් මට යූ ටියුබ් සිංදුවක් පෙන්නලා ඇහුවා 'මේක අහලා තියෙනවද ?' කියලා. ජින්ජර්ගේ උග්‍ර රසිකයෙක් වන ඒ යාළුවා කණ්ඩායම් සංගීතයට ඇලුම් කරන විනෝදකාමී පුද්ගලයෙක්. මම ඒ නිසා ඕනෙවට එපාවට ෆෝන් එක දිහා බැලුවේ එක්කෝ අදත් ජින්ජර්ගේ කස්තිරමක් හරි එහෙමත් නැත්නම් 'ආටක නාටක' වල ගිය විකාර සිංදුවක් හරි කියන හැඟීමෙන්. තම්බ්නේල් එක දකිනකොට ම මට ඒ හැඟීම තුරන් වුණා. නිරෝෂා විරාජිනී සමග උරේෂා රවිහාරි. 'මේකේ නිරෝෂාගේ වොයිස් මරු' යාළුවා කිව්වා. මමත් ඉක්මණට සිංදුව ප්ලේ කරන්න කියලා කිව්වා. ඉතිහාසේ මුල් වරට යාළුවා මම එකඟ වෙන කතාවක් කියලා. ඇත්තට ම ඒ සිංදුව මරේ මරු. හැබැයි ඉතිං ආයෙත් මගෙයි යාළුවාගෙයි පරණ නොගැලපීම එනවා. මට නම් වැඩියෙන් ම ලස්සන උරේෂාගේ හඬ.
'සන්සුන් රුවන් හද මන්දිරයේ' කියන්නේ 1971 තිරගත වුණු 'කේසර සිංහයෝ' චිත්‍රපටයේ එන ගීතයක්. ඒ තරම් කරළියට ආවේ නැති සංගීතඥයෙක් වුණු, මෑතක දී වියෝ වුණු ප්‍රේමදාස අතුකෝරළගේ තමයි සංගීතය. පද රචනය සිරිල් ඒ. සීලවිමලගේ. සිංදුව ගායනා කළේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග ශ්‍රීමතී තිලකරත්න. ඒ කාලේ ශ්‍රීමතී රණසිංහ.
ශ්‍රීමතී කියන්නේ අතිශය ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායිකාවක් නොවුණත් මේ සිංදුව නම් අදටත් අමරණීයයි. 'කේසර සිංහයෝ' චිත්‍රපටයේ අනික් සිංදු හතර ගායනා කළේ , එච්.ආර්. ජෝතිපාල - ජේ.ඒ. මිල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොළ , සුජාතා අත්තනායක , ලතා වල්පොල වගේ චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්රයේ පතාක යෝධයෝ. එහෙම වුණත් ඒ අතරින් ටිකක් හරි ජනප්‍රිය වුණේ ලතා ගැයුව 'කිත්සිරි රැන්දූ' ගීතය විතරයි. ඒත් ඒ සිංදුවට ශ්‍රීමතී - මිල්ටන් ගේ මේ සිංදුව එක්ක හැරෙන්නවත් පුළුවන් ද ?
චිත්‍රපටයේ දී සිංදුවේ රූප රාමුව නම් හරිම බොළඳයි සහ මෝඩයි. නීටා ප්‍රනාන්දු මල් බොකේ එකක් දෝත දරාගෙන, ඒක බදාගෙන එහේ මෙහේ දුවනවා. මල් බොකේ එක විජය දිහාවට දිගු කරමින් , හිස නමා නමස්කාර කරනවා. ආයෙමත් ගේ පුරා දුවනවා. මේ විකාරරූපී නර්තනය පුරා ම විජය කුමාරණතුංග නාමිකව පෙනී සිටිනවා පමණක් නෙමෙයි ,ඒ රූප රාමුව මිල්ටන්ගේ හඬේ තියෙන හැඟීම්බර බව යටපත් කරලා පාගා දමනවා. ශ්‍රීමතීගේ ප්‍රේමයෙන් උද්දාම වුණු නැවුම් හඬට අස්ප කුලප්පුවක් ඇති කරනවා. හරියටම කිව්වොත් ගායනයේ හැඟීම රංගනය විසින් විනාස කරනු ලබනවා.
දැන් ඒ අස්සේ මේ සුරේෂ් මාලියද්දගේ නව සංගීත සංයෝජනයට කියන 'සන්සුන් රුවන් හද මන්දිරයේ' ඇහෙන්න ගන්නවා. අද වෙනකොට ලාංකේය රිදී තිරයේ අණසක පතුරවලා ඉන්න උරේෂා සහ නිරෝෂා ගේ මිහිරි ගායනය හිත පුරවගෙන යනවා. විශේෂයෙන් ම කිසිදු ආයාසයකින් තොරව ලෙල දෙන හඬකින් ගයන උරේෂා ! ඒ හඬ නිසා දීර්ඝ මතකයක් දිග ඇරෙනවා.
'මල්සර දෝණි' චිත්‍රපටය ට අජන්තා රණසිංහ වගේ කෘතහස්ත ගීත රචකයෙක්ගේ පද රචනයක් (උන්නා එක ගංගාවක) ගායනා කරලා අපේ ළමා ලෝකයේ වීරවරියක් වුණු උරේෂා පස්සේ කාලෙක කැසට් ලෝකයේ අතරමං වෙලා අනන්‍යතාව අහිමි කරගන්නවා. 'ජීවිතේට කාටවත්ම නෑ මා මෙවැනි ලිපියක් ලියා' වගේ කසිකබල් වචන සහිත බාල හින්දි අනුකාරක ගී කැසට් වලට වෙන් වෙලා හිටිය උරේෂා පස්සේ කාලෙක මම දකින්නේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු 'ඉඩෝරයක මල් පිපිලා' නාට්‍යයේ තේමා ගීතයෙන්. ඒ සංගීතය කේමදාස මාස්ටර්ගේ. බාල බොළඳ හින්දි අනුකාරක ගී , පිළිතුරු ගී කිය කිය දෙවැනි සංජීවනී වීරසිංහ කෙනෙක් වෙමින් හිටිය උරේෂා අර නාට්‍යය ට 'උඩුහුළඟට අල්ලා ගිනිහුල දල්වා' සිංදුව සමන්ත පෙරේරා එක්ක කියපු හැටි අද වගේ මතකයි. 'චන්ද්‍රවංශයේ වරංගනා නුඹ - කිරුළු පළන් රැජිණියේ - ආදර ඉඩෝරයේ' කියලා ගයන මනරම් ගැයුම තවම මතකයි.
එතකොට නිරෝෂා ? අනූ ගණන් වල මුල් කාලේ Super Suns සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාව විදියට ජනප්‍රිය සිංහල, දමිළ ගීත ගායනා කර කර හිටිය නිරෝෂා මුලින් ම ස්වාධීන ගායිකාවක් විදියට කරළියට ආවේ 'සිත හඬයි' කැසට් පටයෙන්. පස්සේ කාලෙක සිරස ටී.වී (ඒ කාලේ එම්.ටී.වී) නාලිකාවේ ගිය වෙසක් ගී වැඩසටහනක 'යසෝදරා' කියලා අති උච්ඡ ස්වරයෙන් කෑ ගසා කියන සිංදුවක් ගැයුවාත් මතකයි. ඒ එක්කම, ඒ නාලිකාවේ ම අජන්තා රණසිංහ ලිව්ව 'රෑ දොළොස් පැයේ නිදි කඩුළු ඇරන්' ගීතයත් , අජන්තා රණසිංහ ම ලිව්ව 'මා දෑස පියා උන්නාම රළ හැපුණා' කියන ගීතයත් එක්ක විරාජිනී ගායිකාවක් විදියට මේ ක්ෂේත්රයේ නම සලකුණු කරනවා. පස්සේ කාලෙක විරාජිනී පුදුමාකාර විදියට තමන්ගේ හඬ අලංකාරවත් කරගෙන, කලින් තිබුණු හඬටත් වඩා ඉතාමත් සංවිධිත , පුහුණු හඬක් ලබා ගන්නවා.
මාලියද්දගේ නව සංගීත සංයෝජනය ඇතුළෙන් හැත්තෑවේ දසකයෙන් ඇරඹෙන කතාව අනූව දසකයේ අපේ මතකයත් එක්ක ලොකු රවුමක් ගහනවා. විරාජිනීගේ, උරේෂාගේ හඬ අහනකොට ශ්‍රීමතී ට ඇයි ඒ තරම් අවස්ථා හිමි නොවුණේ කියන දුකක් දැනෙනවා. ඒ අතරින් මගේ ප්‍රියතම උරේෂා අනායාසයෙන් ද නිරෝෂා කැපවීමෙන් ද ගයනවා ඇහෙනවා. හිත ඇතුළේ නීටා - විජයගේ විකාර චිත්‍රපට නැටුම කුණු මුල්ලට දාන මිල්ටන් - ශ්‍රීමතී කැරකි කැරකී නටනවා.
ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැළුම් බර නිල් මල් පිපේ
තුරුහිස් මුදුන් දළු සුළඟින් සැලේ
සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-88212830368345741732020-04-28T18:42:00.000-07:002020-04-28T18:42:45.270-07:00කොරෝනා සමඟ සත්‍යාවබෝධ වීම
මම මේ කල්පනා කළේ වෛරස් එකක් ම එන්න වුණානේ අපිට ඉතිං මොළේ පෑදෙන්න.
පහුගිය අවුරුදු ගාණක් පුරා ම ලංකාවේ පොදු වැසිකිළියක දොරක සොයිබයක් කැඩුණත් ෆේස්බුක් ලයිව් ඇවිත්, එහෙම නැත්නම් රට වෙනුවෙන් කැක්කුමට අටවාගත්ත පේජ් වල පෝස්ට් ලිය ලිය මේ රට යන්න ඕනේ දිශානතිය ගැන උපදෙස් දුන්න සෙට් එකක් හිටියානේ. ඒකෙන් වැඩි දෙනෙක් හිටියේ දකුණු කොරියාව, ඉතාලිය , මැලේසියාව වගේ රටවල් වල. අර නානසාරව අත් අඩංගුවට ගත්තාම 'මෛත්‍රිපාල ! නිදහස් කරපං ඌරො අපේ හාමුදුරුවන්ව' කියලා වීඩියෝ එකක් දාලා 2016 කටුනායක දි අත්අඩංගුවට පත් වුණු සුමල් කුමාර ලක්මහ වගේ ඈයෝ හිටියෙත් මැලේසියාවේ.
දැං ඔය නානාප්‍රකාර රටවල් වල ඉන්න දේශප්‍රේමී උපදේශක බලකාය රට, ජාතිය, ආගම ගැන උපදෙස් දෙනකොට , ඒ උපදෙස් බෙදාහැරීමේ රාජකාරිය වෙනුවෙන් දක්වපු ලොකුම සුදුසුකම තමයි තමන් 'අහවල් රටේ' ඉන්නවා කියන එක. අනේ අම්මේ ! ඒ රටවල් හරි ම නීතියට වැඩය, සියලුම වැඩ හරි ම පිළිවෙල ය, කොළ කෑල්ලක්වත් බිම දමන්නේ නැතිය, රටේ ජීවත්වන මිනිස්සු ඒ සියලුම දේට ශිෂ්ටසම්පන්නව අනුගත වෙනවාය කියන කාරණා උඩ ඒ අයට ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටකට උපදෙස් දෙන්න ඉහළම සුදුසුකම් තිබුණා. සමහර ඒවා උපදෙස්ම නෙමෙයි. අණ කිරීම් ! විධාන ! 'අපි මේ ඉතා දියුණු ජීවන තත්ත්වයක් තියෙන රටක ජීවත්වෙන ගමන්, ඒ සියලුම දියුණු සමාජ ලක්ෂණ අත්විඳින ගමන් කතා කරන්නේ, ලංකාවේ ඉන්න නරපණුවෝ , අහරකුක්කෝ ටික අපි කියන දේ අහන්න ඕනේ' කියන පණිවුඩය තමයි බොහෝ දෙනෙක්ගේ රාෂ්ට පාලන උපදෙස් වල හරය වුණේ.
අනේ ඉතිං අපිත් හිතුවා මේ අය ඔය කියන සශ්‍රීක, නීතිගරුක මනරම් කේතුමතියේ වැඩ වසලා ඒ සියලුම උසස් සමාජ රටාවන්, ආකල්ප වලින් පෝෂණය වෙලා ඇති කියලා. ඒ ඒ රටවල නීතියට හිස නමන, ඒ ඒ රජය විසින් නියම කරන බදු මුදල් ගෙවන ශික්ෂණයෙන් සහ නූතන බවෙන් පිරුණු රටවිරු බලකාය ! අපි එහෙම හිතුවා.
ඒ අස්සේ ලෝකයටම කොරෝනා උවදුර ආවා. වෙන රටවල් වල හිටිය අයට ආපහු මෙහෙට එන්න වුණා. හදිසි උපද්‍රව තත්ත්වය මත රටේ නීති රීති වෙනස් වුණා. මෙන්න යකඩෝ අර රටවල් හදන්න බණ කියපු උදවියගේ වෙස්මූණු ගැලවිලා වැටුණා. ඉන්න රටවල් වලින් පනවන දහසක් නීති වලට හිස නමාගෙන ඉන්න අය ලංකාවේ නීතියට කටින් ගහලා දිනන්න බැලුවා. නීතියට අවනත වෙන්නේ නෑ කියලා අභියෝග කළා. තවත් සමහරු නීතියට අනුගත නොවී කට්ටි පැන්නා. නිරෝධායනය නොවී කට්ටි පැනලා නිකං හිටියේ නැහැ. ලෙඩේ බෝ කර කර ලංකා සවාරි ගියා. කොරෝනා වැළඳිලත් භාර නොවී හිටියා. ඒ අස්සේ නිරෝධායනය නොවුණු තව එකෙක් ඉතාලියේ ඉඳන් ආපු බව වසං කරලා පපුවේ අමාරුවක් කියලා රෝහල්ගත වෙනවා. හැදිලා තියෙන්නේ කොරෝනා නිසා වාට්ටුවේම රෝගීන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය අනතුරේ හෙළනවා. නිරෝධායනය නොවී පැනලා ආපු උන් නිසා පොලිස් ඇඳිරි නීතිය පවා දාන්න වෙනවා.
ආන්න දැං අපිට තේරෙනවා; මෙච්චර කාලයක් තිස්සේ මේ අය කරලා තියෙන්නේ අති විශාල රඟපෑමක් ය කියන එක. ලංකාවේ මොන මළදානයක් හරි වුණ ගමං 'අපි ඉන්න රටේ නම් කරන්නේ මෙහෙමයි' කියලා අපේ නැට්ට තවමත් ඉතුරුවෙලා තියෙන එක ගැන විස්මයෙන් වගේ අදහස් පල කළාට ඒ අයගේ නැට්ටත් තවම කපලා නැති බවත්, හදිසියක් වුණු ගමං අර ඇඳුම් ඉරාගෙන නැට්ට වැනෙන බවත් ඔප්පු වෙන්න කොරෝනා වගේ වෛරසයක් ම එන්නම වුණා.
දැන් නම් රට ජාතිය ගැන ෆේස්බුක් ලයිව් එකක් දාන්න හිතෙන තරමට මාර ආඩම්බරයක් දැනෙනවා
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-82434943022332994182020-04-23T13:19:00.001-07:002020-04-23T13:19:12.182-07:00Bodyguard : මායා විසින් ජංගම දුරකතනය විසි කිරීම
මේ වගේ තත්ත්වයක ලව්ලි ව මුණ ගැසීමට දුම්රිය පොළට යන්නට නොහැකි නිසා දිව්‍යා වහාම තමන්ගේ යෙහෙළිය මායා ට මේ සිදුවීම හෙළි කරනවා. ඉක්මණට ලව්ලි ව මුණ ගැසී ඡායා යනු තමන් බව පවසා ඒ මොහොතේ එතැන ඔහුව මුණ ගැසෙන තරුණිය ලෙස රැඳී සිටින ලෙසට ඉල්ලා සිටිනවා. ලව්ලි සිං ගේ දුරකතනය මේ මොහොතේ ඔහු ළන්නග නැති නිසා මායා එතැනට ගිය පසු තමා මායා ගේ දුරකතනය අමතා ලව්ලි සිං ට සියල්ල පැහැදිලි කරන බවත් ඡායා පවසනවා. ඒ කියූ ලෙස ම මායා අවසාන මොහොතේ දුම්රිය පසුපස හඹා ගොස් ලව්ලි සිංගේ ආධාරයෙන් දුම්රිය ට ගොඩ වෙනවා. මේ සිටින්නේ 'ඡායා" කියා විස්මයට පත් වෙන ලව්ලි සිං ඇයව ආදරයෙන් වැළඳ ගන්නා විට සර්තාජ් එවූ මැරයා ඔවුන් සමීපයේ සිට බලා සිටිනවා. ඒ නිසා කිසිවක් හෙළි කරගැණීමට අපොහොසත් වූ මායා ට දිව්‍යාගෙන් දුරකතන ඇමතුමක් ලැබෙනවා. තවමත් ලව්ලි සිං ට තුරුළු වෙලා ඉන්න මායා එක සැණෙකින් මතු වෙන සිතිව්ල්ලකින් ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ධාවනය වන දුම්රියෙන් එළියට විසි කරනවා. එතැනින් එහාට දිව්‍යා ගේ පරිච්ඡේදය අවසන් වෙනවා.
අදටත් අපි කාලෙකින් සම්බන්ධ කරගන්න බැරි වුණු චරිත, අතුරුදන් වෙලා ගිය චරිත, ආගිය අතක් නැති වුණු චරිත ගැන වද වෙනවා. ඒ අයට මොකද වුණේ කියලා කොයි තරම් විපරම් කළත්, කොයි තරම් හොයා බැලුවත් කිසිම ආරංචියක් නැහැ කියලා පසු තැවෙනවා. බාගදා ඒ අයත් එක්කම තව කවුරුහරි ත් අපේ ජීවිත වලින් අතුරුදන් වුණු බව අපිට තේරිලා නැතිවෙන්න, අපට නොදැනෙන්න පුළුවන්. ඒත් හරියට හොයලා බැලුවොත් ඔය එක පාර අතුරුදන් වෙලා තියෙන්න මේ වගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරලා , දුවන කෝච්චියෙන් එළියට විසි කරපු අය තමයි. එතන මොකද වුණේ කියලා තේරෙන්න නම් ඔබට ලව්ලි සිං ගැන අවධානයක් තියෙන්න ඕනේ. වැරදිලා හරි ඔබ ලව්ලි සිං ගැන ඒ තරම් වද වෙන කෙනෙක් නෙමෙයි නම් ඔබ මුළු ජීවිත කාලයේ ම , සමහර විට මරණ මංචකය දක්වා ම මායා ට මොකද වුණේ කියලා දුක් වෙයි. හැබැයි ලව්ලි සිං කියන්නේ ප්‍රේමය, ධනය හෝ මුදක් විතරක් ම නොවන බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. වෙලාවකට ලව්ලි සිං කියන්නේ දක්ෂතාව, කීර්තිය, ප්‍රසිද්ධිය, ප්‍රශංසාව වගේ වෙන්නත් පුළුවන්. ජංගම දුරකතනය දුවන කෝච්චියෙන් විසි කළාට පස්සේ කොහොමද ලව්ලි සිං ඔබට ළං වෙන්නේ ?
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com1tag:blogger.com,1999:blog-3758181588710430145.post-50240731469337874502020-04-22T09:59:00.000-07:002020-04-23T13:16:15.679-07:00අපේ ඔෆිසියේ තේ බෙදන්නේ ජැමෙයිකන් ස්ප්රින්ටර්ස්ලා ය
කොහොම වුණත් දැන් තමා අපේ ඩිපාර්ට්මන්ට් එකට නමටම ගැලපෙන තාලේ ටී ගර්ල් කෙනෙක් ලැබිලා ඉන්නේ. කලින් හිටියා චම්පා , කමලා , නයනා , බානුමතී , සඳරේඛා වගේ නානාප්‍රකාර අය. ඒ මිස්ලා තේ බෙදනවාට අමතරව සමහන් හදලා දුන්නා . ඇඹරෙල්ලා ගෙඩි දෙකක් දුන්නාම ඒකෙන් අච්චාරු හදලා හැටකට බෙදලා ගිනස් වාර්තා තිබ්බා. ඊට අමතරව එයාලා හෙණ ෆෙමිනිස්ට්ලා. කවුරුහරි එයාලට විතරක් ගෙනත් දෙන කිරි අම්මලාගේ දානයක කැවුම් පාර්සලේ , බිල්ඩින් එකේ ලේඩීස්ලා විතරක් තෝර තෝර පොඩි කෑල්ලක් හරි බෙදලා දෙනවා. අනේ අපි සැලෙයි ඕවාට.
ඒකටත් එක්ක දැන් අපිට ඉන්න ටී ගර්ල්. එයාගේ නම 'දුර්ගා'. නමේ හැටියටමයි වැඩ. එයා ඈතින් එනකොට අපිට පේන්නේ දේවතාවියක් එනවා වගේ. ඉතිං අපි තේ , කිරි තේ , සීනි නැති තේ , ග්‍රීන් ටී ඉල්ලලා කන්නලව් කරනවා. යහපත් චර්යාවකින් හිටිය නරපණුවන් ට දුර්ගා දේවියගේ බැල්ම වැටිලා ඉල්ලපු දේවල් ලැබෙනවා. අනික් අයට මොකුත් ම නෑ. ඉතිං ඒ අය නැවත නැවත කන්නලව් කළාම දුර්ගා ගේ හිත උණු වෙලා ඉක්මණට මොකක් හරි එකක් ගෙනත් තියනවා. දුර්ගා දේවිය පූජාවට තියෙන ඉඟුරු බිස්කට් , ලෙමන් පෆ් , චොකලට් බිස්කට් වලින් බැතිමතුන්ට දමා ගහනවා. එපා කියනකොට බිස්කට් හතරක්ම තියනවා. කන්නේ නෑ කිව්වොත් තියන්නේ දෙකයි. කෙම්මුර දවසට සමෝසා දෙන්නේ නම් සලාකෙට.
මම නම් දුර්ගා දේවියගේ කීකරු බැතිමතෙක්. කොච්චර ද කියනවා නම් හිනාවුණත් ඇති , 'තව තේ එකක් ඕනෙද ?' කියලා අහනවා.
අන්න දේවතාවියෝ !!! අපිට බෑ ස්පයික්ස් දාගෙන ටී මිස්ලා පස්සේ පන්නන්න. විඛාර !
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-69231879598906034172020-04-21T12:11:00.000-07:002020-04-21T17:13:05.410-07:00තාප්පයෙන් උපන් පිකාසෝලාගේ චිත්රවල අනාගතය
ලංකාවේ පරණ චිත්රවල , ඉදිකිරීම් වල විවිධාකාරයේ වෙනස්කම් තියෙනකොට අපිට ඒ වෙනස්කම් සම්බන්ධ පසුබිම, හේතු කරුණු එහෙමත් උගන්නනවා. උදාහරණ විදියට කිව්වොත් මෙන්න මේ වගේ.
පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ ගවයාගේ රූපය දකින්න නැහැ. 'ඇත්,අශ්ව,සිංහ,ගව' කියන සත්ත්වයෝ හතරදෙනාගෙන් 'ජාති,ජරා,ව්‍යාධි,මරණ' කියන සිව් බිය නිරූපණය වෙනවා කියලා උගන්නනකොට පොළොන්නරු යුගයේ ගවයා ඉවත් වෙන්න හේතුව වුණේ එවකට පැවති දකුණු ඉන්දියානු පාලනයේ බලපෑම් කියලා අපිට කියනවා. ගවයා හින්දු ආගමේ පූජනීය සත්ත්වයෙක් නිසා සඳකඩ පහණක පයට පෑගෙන්න යොදන්න හොඳ නෑ කියලා හිතලා ගවයාව ඉවත් කළා ලු.
පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමයෙන් නිරූපණය වෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණය. පිළිමයේ පාද වල මහපොට ඇඟිලි සමපාත නොවීමත් , සිවුරේ රැළි වල ද්විත්ව රේඛා මැදින් ඛණ්ඩනය වීමත් හරහා පිරිනිවන නිරූපණය වෙනවාලු.
මැදවල ටැම්පිට විහාරයේ බිතු සිතුවම් වල සැතපෙන බුදු රුවට මදුරු දැලක් එහෙමත් සිතුවම් කරලා තියෙනවා. දෙගල්දොරුව ඇතුළු විහාර කීපයක ම බිතු සිතුවම් වල ගල්ගුහා අඳිනකොට කර්ට්න් පෝල්ස් සහිත තිර රෙදි සිතුවම් කරලා තියෙනවා. දෙගල්දොරුවේ 'මාර පරාජය' සිතුවමේ මාරයා අතේ තුවක්කුවක් තියෙනවා. කතළුව විහාරයේ බිතු සිතුවමක මහධන සිටුවරයා ඉන්නේ කලිසම් කෝට් ඇඳගෙන , සිටු දේවිය අඳින්නේ බොස්තරැක්කයක්. මේ වෙනස්කම් ගැන උගන්නනකොට කියනවා චිත්‍ර ශිල්පියා තත්කාලීන සමාජ සාධකවල බලපෑම ලබලා තියෙනවා කියලා. ධනවත් බව හෝ සැපවත් බව, රුදුරු බව වගේ දේවල් තත්කාලීන සමාජ ඇගයීම්, මිනුම් දඬු ඇසුරෙන් සංකේතවත් කරන්න ගිය නිසා මේ වෙනස්කම් දකින්න පුළුවන් කියලා.
අපි වැඩිහිටියෝ වෙනතුරුත් විශ්වාස කරනවා මේ චිත්රවල, පිළිම නිර්මාණවල වෙනස්කම්, විශේෂ ලක්ෂණ වලට බලපාන්න ඇත්තේ අර වගේ ප්‍රබල සමාජ දේශපාලනික කරුණු තමයි කියලා. පාලකයාගේ ආගමික නැඹුරුවේ සිට සමාජයේ පැවතුණ මිනුම් දඬු දක්වා ම විවිධ කාරණා මේ කලා නිර්මාණවල සියුම් අංග කෙරෙහි බලපාන්න ඇති කියලා
ඒ අස්සෙ 2019 අවුරුද්දේ අග වෙනකොට ලංකාවේ මහජනතාව අතරේ චිත්‍ර ඇඳීමේ උන්මාදයක් පැතිරිලා, ඒ උන්මාදය පාර දෙපැත්තේ චිත්‍ර අඳින මට්ටමට පැතිරෙනවා. මුල් කාලයේ ඔජ වඩාගෙන ජාතික මෙහෙවරක් විදියට අහස මට්ටමට නැගගෙන ගිය මේ බිතු සිතුවම් ක්‍රියාන්විතය එන්න එන්න ම දියාරු වෙනවා. සමහර තැන්වල ඇල්ටමයිරා, ලැස්කෝ ගුහා චිත්‍ර වලට සමාන ප්‍රාථමික රූපාක්ෂර ඇඳෙනකොට තවත් සමහර තැන්වල ගෝත්‍රික සහ පසුගාමී අදහස් සිතුවම් වෙන්න ගන්නවා. එන්න එන්න ම දියාරු වෙන චිත්‍ර ව්‍යාපෘතිය බාගෙට ඇඳපු, බාගෙට පාර කරපු චිත්‍ර එක්ක පාර දෙපැත්තේ අඩ නිරුවතින්, ලැජ්ජාවෙන් ඉන්න ආකාරය දැන් අපිට දකින්න පුළුවන්. මේ චිත්‍ර අඳින්න මැදිහත් වුණේ ලංකාවේ සිතුවම් සහ චිත්‍ර ඇඳීම කියන විෂයයන් ගැන ප්‍රාමාණිකයෝ නෙමෙයි කියන එකත්, තම තමන්ට පුළුවන් විදියට මොනවා හරි අඳින එක මහා ජාතික වගකීමක්, මෙහෙවරක් විදියට හිතුව සමාජයක් පවතින බවත. අපි අමතක කළ යුතු නැහැ.
තව වසර පන්සියයක් යනකොට මේ අසම්පූර්ණ චිත්‍රයක් කොහේ හරි තාප්පයක ඉතිරි වෙලා තිබුණොත් ලංකාවේ මේ යුගයේ චිත්‍ර කලාව ගැන පුදුම විද්වත් අදහස් ටිකක් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා.
'මිනිස් රූපයේ නාසය මුක්කං වීම තුළින් වායු ගෝලය දූෂණය වීමත් දකුණු ඇස ලොකුවට ඇඳීමෙන් දක්ෂිණාංශික දේශපාලන ධාරාවේ ප්‍රබල බවත් පෙන්වයි.වම් ඇස කටට සමීපව ඇඳීම තුළින් වාම දේශපාලන ධාරාව ගිල දමන්නට ආසන්න බව පැවසේ. තීන්ත ආලේප නොකළ සුදු පැහැති හිස්තැන් තුළින් සමාජ ශූන්‍යත්වය නිරූපණය වේ. මිනිස් රූප දෙක දෙයාකාරයක රේඛා තාක්ෂණයකින් ඇඳීම හරහා පෙන්වන්නේ චිත්‍ර ශිල්පියා මිනිස් සමාජයේ දෙබිඩි බව දකින ආකාරයයි'
ඉතිහාසය කියලා අපි ඉගෙනගත්ත දේවල් ආපහු වතාවක් කියවගෙන එන්න හිතෙනවා. අපි ඔය උඩ දාගෙන ගිහිං ලංකාවේ අනන්‍යතාව කියලා බලන බිතු සිතුවම් පිටිපස්සේ තියෙන්නෙත් මේ කාලේ තාප්ප වල තියෙන කතාවමද දන්නේ නෑ කියලාත් හිතෙනවා.
මිත්‍රවරුනි ,
ඇඳීම සහ ඇඳ ගැනීම යනු එකිනෙකට වෙනස් කාරණා දෙකකි.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-64597890713275921232020-04-20T08:46:00.001-07:002020-04-20T11:27:05.642-07:00විසාකේස චන්ද්‍රසේකරම් : වේදිකාව; සිනමාව; නවකතාව සහ ගීත රචනය
සඳ ගිනි මිරිඟුව ක්ෂිතිජය සිඹිමින්
දිලිසී - දිලිසී
ආගන්තුක මානවයෙකු හට පාරක් කීවා
ඝන මේඝ වියන් ඇද පතුරා - අන්ධකාර ලප වපුරාලා
මට සැඟවෙන්නට තිත්පල සැදුවා
රහසේ - රහසේ
මම අන්ධකාරයේ සැඟවුණ
රස උල්පත් කණිමින් උන්නා
සඳ ගිම්හාන ගින්නෙන් දැවුණ
සඳ ගිම්හානයේ - රා ගින්නෙන් වැළපී දැවේ
රළ සත් සාගරේ - වඩබා ගින්නෙන් තැවේ
ගායනය : සූර්යා දයා රුවන්
පද රචනා : විසාකේස චන්ද්‍රසේකරම්
සංගීතය : ශාන්ත පීරිස්
විසාකේස ආදම්ගේ උද්‍යානය ද , තහනම් ගස ද , තහනම් ඵලය ද සර්පයා ද වෙනත් ඇසකින් දකින්නේ ය. ඔහු ලාංකේය සිනමාව තුළ මෙතුවක් කල් විකාරරූපී මුහුණවරකින් ඉදිරිපත් කළ ප්‍රස්තුතයක් ශික්ෂණයකින් සහ හැදෑරීමකින් ඉදිරිපත් කළේ ය. විසාකේසගේ සම්ප්‍රාප්තිය තෙක් ම කල් ලාංකේය සිනමාවේ සමකාමියා යනු විටෙක රකුසෙකි. විටෙක කවටයෙකි. චන්ද්‍රරත්න මාපිටිගමගේ - ෂෙල්ටන් පයාගල අධ්‍යක්ෂණය කළ 'මලට නොඑන බඹරු' සහ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගේ 'තිසරාවි' වැනි සිනමා නිර්මාණ හරහා සමකාමීත්වය පිළිබඳ අධ්‍යනයකින් සහ තාර්කික බවකින් තොර ගම්මැද හෑලි ජනගත වූ අතර මිත්‍යාවන් වපුරනු ලැබීය. ලාබ සිනාව සහ කෙසේ හෝ ආදායම් ලැබීමේ අරමුණින් සමකාමී චරිතයක් සිනමා නිර්මාණයකට එක් කර ගැනීමේ බංකොළොත් උපාය ක්‍රියාවට නැං වූ අධ්යක්ෂවරුන් සහ චරිතයක් සහ වේතනයක් වෙනුවෙන් ආත්මය වුව ද පාවාදෙන නළුවන් ද ලාංකේය සිනමාව තුළ ඕනෑ තරම් දැක ගත හැකි වේ. උදයකාන්ත වර්ණසුරිය ගේ 'බහුභුතයෝ' හි රිචඩ් මානමුදලි ගේ රංගනය , උපාලි පියරත්න ගේ 'ඇලඩින්ගේ වෑල්ඩින්' හි ක්ලීටස් මෙන්ඩිස් , රිචඩ් මානමුදලි , කිරාන් ජී. සොයිසා යන අයගේ රංගනය, ගිරිරාජ් කෞශල්‍ය ගේ 'සිකුරු හතේ' හි ඇන්ටන් ජූඩ් , ප්‍රියන්ත සෙනෙවිරත්න ගේ රංගනය , උදයකාන්ත වර්ණසුරිය ගේ 'කොස්තාපල් පුඤ්ඤසෝම' ලසන්ත උඩුකුඹුර ගේ රංගනය උදයකාන්ත වර්ණසුරියගේ 'ගින්දරී' හි රිචඩ් මානමුදලි ගේ රංගනය ආසන්න උදාහරණ ලෙස දැක්විය හැකිය. විසාකේස චන්ද්‍රසේකරම් මෙලෙස 'සයපෙති කුසුම' හරහා කලාත්මකව ස්පර්ෂ කරන්නට යෙදුණේ ලාංකේය සිනමාව තුළ කාලාන්තරයක් මුළුල්ලේ අඳබාල කලාකරුවන් කොට්ඨාසයකගේ බඩගෝස්තරවාදී ගොදුරක් බවට පත් වූ සමාජ ප්රස්තුතයකි.
සයපෙති කුසුම : ලාංකේය සිනමාවේ සමකාමීත්වයට නව දොරටුවක්
වර්තමානය වන විට චිත්‍රපට අධ්යක්ෂවරයෙක් ලෙස නම දිනූවද විසාකේස යන නාමය දසක දෙකක් තිස්සේ ලාංකේය වේදිකාව තුළ ඇසුණු පෙරළිකාර නමකි. 2004 වසරේ දී 'කටු යහන' නම් වූ පෙරළිකාර වේදිකා නිර්මාණය ඔස්සේ සාම්ප්‍රදායික වේදිකාව අභියෝගයට ලක් කළ විසාකේස චන්ද්‍රසේකරම් 'රජ සහ ඝාතකයා' නම් ද්වි භාෂාත්මක නවකතාව රචනා කළේ ය. "තට්ටු පිටින් ගලාගිය මඩ නදී තීරයේ ජනාධිපතිගේ පුතුන්ගේ වාස භවනය පමණක් නොව හරිත ගස් වැල් මුළුමනින්ම වසා ගනිමින් වේගයෙන් ගලා යන නදියේ තනුක බොර දියට එක් වෙමින් තිබිණි. ඉදින් කඳු කඩා හැලී තිබිණි" යි විසාකේස ලියූ එම නවකතාව තුළ ජනප්‍රියවාදී අසපුවක ගී ගයන ගායිකා චරිතයක් වූ අතර ඇය ගැයූ ගී , එනම් විසාකේස රචනා කළ ගී සියල්ල අඩංගු සංගත තැටියක් පොත සමග ම පිදිණ.
රජ සහ ඝාතකයා : ගීතාවලියක් නිදන් කළ අනාගතාත්මක නවකතාව
තම මාමණ්ඩිය ; එනම් රටේ ජනපතිවරයා අසනීප ව කොළඹ ගෙන එන පණිවුඩය අසමින් වුවද නොසැලුණු සන්ධ්‍යා තැවුල් සඟවාගෙන තම ඉමිහිරි ගායනයෙන් අසපුව සන්තර්පණය කළා ය.
රන් කොත් සිඹිනා උල්කාවකින් බුදුරැස් කෙසේ ඒදෝ
බුදු පා පිදූ පරවූ පියුමෙ සුවඳක් කෙසේ ඒදෝ
අවිද්‍යා නේත්‍රා පියා විදර්ශනා දකිමින්
සකි යාත්‍රා කරන් නිර්වාණ මං සොයා
සුනීත සෝපාක දරුවන්ගේ
අබිසාරි අඹපාලි අඟනුන්ගේ
සැනසීම ගෙන දුන්න කරුණා ගුණේ
කොහේ කහවත් දරන යතියන්නේ
මැති රාජ සිටු චෞර සේනා විනා
නැත පාරමී පුරන වෙසතුරු පුතුන්
නැලියක් සොරා කා කළඳක් බෙදා දී
සුදුවත් දරා උන් ද්වේශයන් පතුරන්නේ
විසාකේසගේ නවකතාව අනාගතාත්මක ය. නමුත් ඔහුගේ දෘෂ්ඨිය කාලාත්රය ම කළඹවන සුලු ය.
තම සැමියා මනුෂ්‍ය ඝාතනයක් මෙහෙය වූ බව සිතන සන්ධ්‍යා ඔහුට බැණ වැදුණා ය. "ඔහෙගෙ මස්වැද්දො එකතු වෙලා ඒ අහිංසකයගෙ ඇට කඩුත් කඩල."
නුඹ බොහෝ දුරක් ගොස් ඇත මහිමී
මම බොහෝ දුරක් ආවා මහිමී
මට බොහෝ වෙහෙස දැනෙනව මහිමී
මට තවත් දුර නොයා හැක මහිමී
නුඹේ සිහින මැදක සිරව
නුඹම තනිව කොඳුර කොඳුර
නුඹේ මගම යයි නුඹ මහිමී
මා බොහෝ පසු පසින් ඇවිදිමි
බොහෝ පමා වී එන්නෙමි
නොබලයි නුඹෙ පසු පස මහිමී
සන්ධ්‍යා බොහෝ කලකට ගී නොගැයුවා ය. අනතුරුව යළිදු ගායනය ට පිවිසියා ය. වත්සුණු ආලේපන පිළිකෙව් කර ඇය හඬ පමණක් අවදි කළා ය.
ගගන සඳලූ තලේ
සුර සක්මන් කරනෙමි වළා පහස අතරේ
අඩ සඳ අඳුරේ
රඹ විදුලි ලතා රිය වැල් බිම රටා මවයි
ඒ දවසත් නිමාවෙලා - නිදා වැටේ
හිරු අමතමි මම හෙට විදුලි දුම්රියේ කවුළු තුළින්
වීථි සරා - අඳුරු උපැස් දැරූ ආගන්තුකයන් අතරින්
මහල් නිවස් කුටියේ දොර ගුළු ලෑවා
හැමදා මේ ලෙස වෙහෙසෙන්නේ ආයේ ආයේ
ඇයිදැයි මා නෑසුවේ
සන්ධ්‍යා දැන් ජනපති ආර්ය්යාවයි. නමුත් ඇය තවමත් ගී ගයන්නී ය. පෙළපොතේ ඉතිහාසය වනපොත් කළ පාසලේ අනෙක් ළමුන් ඉදිරියේ දී මුසල්මානුවෙකු වීම නිසා කොන් වන ෆයිසාල් හට ජනපති ආර්යාව ගැයූ නවතම ගීතයක් ඇසෙයි. එය "නුඹෙ අම්මාත් ඉතා කළුයි" නම් ගීතය ය.
සිංහබාහුගේ කේශර කොහෙදෙ කියපං මල්ලියෙ
කොටියගේ වලිගේ දෙකකුල් අස්සෙ බලාපං
වඳුරට නෑකම් කී අපේ මී මුත්තගෙ පනත්තාගෙ
නමට නිගරු නොකර ඉඳිං මෝඩ කතා පට බඳිමින්
නුඹෙ අම්මාත් ඉතා කලූයි - නුඹෙ අප්පාත් ඉතා කලූයි
නුඹ විතරාක් තලඑලලූයි - නුඹෙ සීයා ටිකක් සුදුයි
නුඹෙ මුත්තා තවත් සුදුයි - කිරි අත්තා ගොඩක් සුදුයි
සුදු සීයා සුදුම සුදුයි
මේ සියලු කැළඹීම් මැද බලයට පත් ව සිටින ජනපති පැරකුම් යනු පෙර සිටි මනුෂ්‍යයා නොවන බවත් ඔහු සමකාමීන්ගේ අයිතීන් කෙරෙහි නම්‍යශීලී නොවන බව සන්ධ්‍යා වටහා ගත්තා ය. සැමියාගේ එ හැසිරීම් නොඉවසන ඇය සමකාමිනියන් වෙනුවෙන් ගීයක් ගැයුවා ය.
මුළු ලොවේ කුඩා තිතකිය මම නොපෙනෙනා මාඉමේ
මටත් මගේ පුංචි ලොවක් ඇතේ මම ඉඳිමි පාඩුවේ
මුළු ලොවට වඩා මහ බරක් සිතේ ඇත කෙසේ කියනු මං
මගෙ පුංචි ලොවේ දොර වෙත පියමැන එන්න දැන් ඉතින්
අසම්මතයි නම් මගෙ පෙම කෙලෙස පෙමක් පිබිදෙන්නද
ආදරයට නීති කුමට වෛරය තහනම් නැති විට
මමයි මගේ පෙමයි මගේ ලොව තුළ තනි වී ඇති විට
මගෙ අවිහිංසික සිහිනය බිඳ ලද හැකි ඵල මොනවද
ඒ 'සයපෙති කුසුම' මෙන් ම 'රජ සහ ඝාතකයා' ගෙන ආ විසාකේස චන්ද්‍රසේකරම් ය. අනාගාතාත්මක කතාන්දර ලියන , ලාංකේය සමාජ දේශපාලනයේ ඉසියුම් අනාගතය විනිවිදින , එමතු නොව ඒ ඇසුරෙන් නැවුම් ගී ලියන ගීත රචකයා ඔහු ය.
ඉතින් විසාකේස ! ඔබට හදවතින් සුබ පතමු !
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com1tag:blogger.com,1999:blog-3758181588710430145.post-54238851297187091182020-04-19T03:36:00.000-07:002020-04-19T03:36:30.867-07:00මුත්තු අත්තා සහ අඩහඳයා නොදකින අපි
අවුරුද්ද සමග රන්වල; දළුපොත; බැද්දගේ සහ වැදිසිංහ මතකය සමග තවත් එක් අමතක නොවන මතකයක් දිග හැරේ. ඒ අමරකීර්ති මතකය ය.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම 'අටවක පුත්තු' හි අවුරුද්ද පිළිබඳ නොනැසෙන මතක සටහනක් තැබී ය. ඔහු අඬහඳයාගේ වදනින් එ පුවත මෙලෙස සාරාංශ ගත කළේ ය. 'තවත් අපේ ගම්වල අවුරුද්දට, ඒ කාලේ ඉපදිලත් නැති කොල්ලෙක් උනත් රතිඥ්ඥයක්වත් පත්තු කරන්නෙ දුකින් අඩක් පිරුන හදින්. එක සැරයක් අවුරුදු බතක් බාන කොටම එය මලබතක් බවට පත් කරමින් කෙල්ලෙක් මියගිය විත්තිය දැන් පොඩි කොල්ලෙක් උනත් දන්න හින්දා' මාවතගමට ටිකක් උඩ දී වෙරිකාරයෙක් ගේ වෑන් එකේ හැප්පෙන නන්ද බාප්පගෙ රේස් බයිසිකලය ද ; වෙලේ ළිඳ ගාව මහ නියර උඩ දිගා කර සිටි අනෝමක්කා ද තවමත් මතකයෙන් ඈත් කළ නොහැකි අවුරුදු සමරුවකි.
ගෙදර තිබූ පැරණි 'ශ්‍රී' සඟරාවක කිය වූ චිත්‍ර කතාවක බොනිපස් පෙරේරා රේස් බයිසිකල් තරගය ජය ගන්නා අතරවාරයේ කතා නායිකාව කැවුම් බදින්නට ගොස් තෙල් තාච්චුව පෙරළී ගින්නට හසුව මිය යන කතාවක් මතකයේ ඇත. ඒ ගම ම කුල්මත් කරවන සුළු රේස් බයිසිකල් තරග දැන් නැත.
අමරකීර්ති ගේ 'අටවක පුත්තු' එසේ අතීතකාමය දනවමින් ; අළු යට සැඟවුණු ගිනි පුපුරු වලට පිඹින අතරතුර ඔහුගේ ම 'කුරුලු හදවත' ඒ අතීතකාමී සිතුවිලි මතට ඇල් වතුර කෝප්පයක් වක් කරයි.
රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඇතුළු මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැගෙන අවුරුද්ද සහ බොහෝ සිරිත් විරිත් නරඹමින් ඉන් ලාහෙන් එකක් හෝ අප අත් විඳ ඇතැයි අවංක වන්නට උත්සාහ කරන මොහොතේ සිහියට නැගෙන්නේ 'කුරුලු හදවත' කතාවේ එන 'මුත්තු අත්තා' ය.
දිනසිරි හෙවත් කුරුලු ගංගොඩ නම් වූ ජනකාන්ත මාධ්‍ය පූරකයා , ගුවන් විදුලියේ හිඳ රසවත් ලෙස වර්ණනා කරන සිංහල ගැමි චාරිත්‍ර පිළිබඳ ඔහුගේ ගමේ වැඩිහිටියෙකු වන මුත්තු අත්තා ට වෙනස් ආකාරයේ කියවීමක් තිබිණ.
වැල්ලව , බුදනාපිටිය පිහිටි වළංගංගොඩ නම් ගම පසුකාලීනව කුරුලුගංගොඩ නමින් ප්‍රචලිත වන්නට හේතුව වන්නේ දිනසිරි නම් වූ උසස් පෙළ අසමත් තරුණයෙක් ගුවන් විදුලියට යැවූ මේ පෝස්ට් කාඩ්පත හේතුවෙනි.
'නිරංජලා රතු නැන්දා, මධුවන්ති නංගි, අම්මා, තාත්තා, සමග ‘පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ' ගීතය ඉල්ලන්නේ දිනසිරි කුරුලු ගංගොඩ , කුරුලුගංගොඩ , බුදනා පිටිය, වැල්ලව'
අනතුරුව දිනසිරි කුරුලු බවට පත් වී 'මියුරු එෆ්.එම්' නම් පෞද්ගලික ගුවන් විදුලියට ගොස් ගම සහ ගමේ සිරිත් ගැන බොහෝ දෑ රටට ම පැවසීය. කුරුල්ලන්ට පීනන්නට නොදන්නා බව වටහාගන්නා විට ඔහු බෙහෙවින් ප්‍රමාද ය.
අමරකීර්තිගේ අනෝමක්කා වෙළේ ළිඳ ට පැන මිය යන විට දිනසිරි මිය යන්නේ දියවන්නා ඔයේ ඔරු පදින්නට ගොස් ය.
වළංගංගොඩ, කුරුලුගංගොඩ බවට පත් කරමින් පෝස්ට් කාර්ඩ් යැවූ තැනැත්තා කවුදැයි සෙවීමෙන් ඵලක් නැත.
මෙමොහොත වන විට අප වඩාත් වෙහෙස මහන්සි විය යුත්තේ අප හදවත් තුළ සිටි 'මුත්තු අත්තා' හෝ 'අඩහඳයා' තවමත් ජීවමාන ව සිටිනවා ද යන්න තහවුරු කරගැනීම ට පමණය.
බොහෝ දෙනෙක් ඒ කවුද යන්න පවා නොදන්නා බව දැන දැන ම මෙය ලියමි.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-20644022956111803152020-04-18T01:12:00.000-07:002020-04-18T01:12:32.478-07:003 Idiots : ෆර්හාන් සහ රාජු විසින් රැන්චෝ සොයා ඒම
'මම කාවවත් හම්බ වෙන්න යන්නේ නෑ. ඒත් දවසක ගෝතයෝ දෙන්නෙක් මාව හොයාගෙන එයි.එතකොට ඔබ මොකද කරන්නේ' කියලා ඔහු නිතරම කිව්වා .....
මොන තරම් විශාල රහසක් රැකගෙන හිටියත් තමන්ගේ යාළුවෝ දෙන්නා කවදා හරි දවසක තමන්ව හොයාගෙන එන බව 'බොරු රැන්චෝ' දැනගෙන හිටියා. අවුරුදු ගණනක් නිහඬව තිබුණත් කවදාවත් අමතක කරන්න බැරි, කවදාවත් ගැලවෙන්න බැරි මිත්‍රකම තමන් පසුපස ලුහුබඳින බවත් බොරු නමකින් පෙනී ඉඳලත් තමන්ට ගැලවෙන්න බැරි බවත් ඔහු ඒකාන්තයෙන් ම දැනගෙන හිටියා. නිශ්ක්රීයව පැවතුණත් කවදා හෝ සක්‍රීය වී පිටාර දමන ගිනි කන්දක් වගේ මිත්රයින් ගැන ඔහුට නිවැරදි කියවීමක් තිබුණා. අත් නොහරින මිත්‍ර සම්පත්තිය! ලෝකේ කොයි කොණෙක, මොන තරම් හුදෙකලාවක කාලය ගෙවන්න වුණත් මිනිහෙක් ට ඒ විශ්වාසය ම ඇති දෛවය තමන් වෙනුවෙන් උරුම කරන දවස් කීය වුණත් සතුටින් ගත කරන්න.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-77211076231498467292020-04-17T01:57:00.000-07:002020-04-17T01:57:00.971-07:00ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා ?
'අධ්‍යාපනය' යන විශ්වීය සංකල්පය තව දුරටත් 'ආගම' නම් ගෝත්‍රික හමස්කඩයෙන් වසා තබන්නට ඔබට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අන්‍යාගමික දරුවන්ට දොරගුලු විවර නොවන, 'ආගම' ප්‍රවේශය කොටගත් සියලුම පාසල් රජයේ නඩත්තුකරණයෙන් ඉවත් කරවා ගැනීම ය. රටක පුරවැසියන් ජාති - ආගම් භේදයකින් තොරව උපයන
මහජන මුදල් , ආගමේ නම තෙවරක් හඬ ගා කියූ විට පමණක් ගල් දොරටු විවර වන විසි එක්වන සියවසේ අධ්‍යාපනික ගල්ගුහා නඩත්තු කිරීම පිණිස වෙන් කිරීම අයුක්තිසහගත ය.
බෞද්ධ හෝ කතෝලික හෝ ඉස්ලාමීය ආදී කවර හෝ ආගමක් පදනම් කොටගෙන දරුවෙකුගේ අධ්‍යාපන අයිතියෙහි වරණය සිදු කරන්නා වූ ඕනෑම පාසලකට මේ විවේචනය අදාල ය.ඔබ අධ්‍යාපනය නම් විශ්වීය මොණර මාළුව බෙදා දෙන්නේ ආගම පදනම් කොටගෙන තෝරා ගත් තමුන්ගේ ළමුන්ට පමණක් ම නම් අදාල ආගමික සංස්ථාව විසින් එම අධ්‍යාපන ආයතනයේ බරපැණ දරනවා විනා රජය විසින් දැරිය යුතු නැත.
ඉදින්, කිසියම් ආගමක් පදනම් කරගෙන අධ්‍යාපනය සඳහා වූ ප්‍රවේශය විවර කරදෙන පාසලක් වේ නම් ඔවුන් මූලික වශයෙන් කළ යුත්තේ තමන්ට අදාල ආගමික ස්ථානයේ ඇති පිංකැට වල ඇති මුදලින් එම පාසල් නඩත්තු කර ගැනීමට කටයුතු කිරීම ය. මන්ද යත් ආගමික බැතිමතුන් විසින් පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානයන් වෙත පරිත්‍යාග කරනු ලබන, කිසිදා විගණනයකට ලක් නොවන එම මුදල් කන්දරාව යෙදවිය යුත්තේ ඒ ඒ ආගම නඩත්තු කරනු පිණිස විනා ඒ ඒ ආගමේ නියෝජිත ලෝගුධාරීන් නඩත්තු කිරීම සඳහා නොවන බැවිනි.
ඔබේ පාසල ද අන්‍යාගමික දරුවෙකුගේ ආගමික පදනම මුල් කොටගෙන ඒ දරුවාගේ හෝ දැරියගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් දොරගුලු විවර නොකරන්නේ නම් , ඔබට සර්වාගමිකයන්ගේ ද නිරාගමිකයන්ගේ ද බදු මුදල් එකතුව සැදුම් ලත් රජයේ ප්‍රතිපාදන වලින් එම පරම පවිත්‍ර ආගමික බිබික්කම නඩත්තු කිරීමට සදාචාරසම්පන්න අයිතියක් නැත. කරුණාකර ඔබේ ආගමික සිද්ධස්ථානයේ ඇති පිං කැට වලින්ම ඒ කරුණු ඉටු කරගන්න.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-51366542401318144122020-04-15T13:25:00.001-07:002020-04-17T08:58:50.670-07:00විකට ඇඳුම්
අලුත් ඇඳුමක් කාරිය ඇඳලා, බෙල්ට් එකයි සපත්තු දෙකයි දාගෙන, කමිසය යට කරලා, හෙයාර් ජෙල් ටිකක් උලලා, ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් මූණේ ගාගෙන පාරට බහිනවා නේද ?
එදාට පාරේ ඇඳිරි නීතිය. එහෙම නැත්නම් දෙබර වදයක් ඇවිස්සිලා. සුනාමි අනතුරු සංඥා නාද වෙලා. එක්කෝ පිස්සු බල්ලෙක් පාරේ දුවනවා. එහෙම නැත්නම් නගර සභා කුණු ලොරිය පාර පුරා කුණු හලාගෙන ගිහිං. ඒ කියන්නේ වර්ග සැතපුම් මහ ගොඩක් යනකං එක මනුස්ස පුළුටක් නෑ. මගේ ඇඳුම් ටිකයි මමයි විතරයි. කවුරුත් නෑ ඒවා දකින්න.
විනාඩි පහකටනේ කියලා ඇඳං උන්න සකලබුජං කොට කලිසමට උඩින් ටී ෂර්ට් එකක් දාලා කොණ්ඩේ අතින් ඇදගෙන, කකුල් දෙක හෝදන්නෙත් නැතිව බාටා කෑලි දෙකක් දාගෙන පාරට බහින්න බලන්න.
ෆේස්බුක් එකේ යාලුවෝ දුසිමයි, කලින් ඔෆිස් එකේ යාළුවෝ දුසිම් කාලයි, අවුරුදු ගාණකින් නොදැක්ක යාළුවෝ දෙන්නයි මුණ ගැහෙනවා. දහම් පාසලේ දී ට්‍රයි කරපු ගෑණු ළමයා වාහනේ නවත්තනවා. ඒ මහ දවල් කඨින පෙරහැර පාරේ යනවා. පොඩි කාලේ සැණකෙළියෙදි මගහැරුණු සහෝදරයාව මුණ ගැහෙනවා. ළඟම තියෙන කොන්වන්ට් එක කලින් අරිනවා. බාලිකා පාසලක උසස් පෙළ විනෝද චාරිකාව යන බස් එකේ රෝදේ හුළං යනවා. මහරැජණ ලංකා සංචාරයක නිරත වෙන්න ඇවිත් අත වනාගෙන යනවා.
මම මාළු බෑක් එකක් අතේ තියාන තෙමිච්ච පූසෙක් වගේ පාර අයිනේ බලාගෙන ඉන්නවා.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-5771035925845686102020-04-15T00:42:00.000-07:002020-04-15T12:10:41.989-07:00ධම්මිකා කරුණාරත්න ! නොයා ජීවන මං තලාවේ ඈත දුරකට පියඹලා
අසා ඉමු අපි සුමුදු වැල්ලට
මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත සිතිජයේ
මැවෙන සෙවණැලි පෙම් රටා
ධම්මිකා කරුණාරත්න සමග සෝමසිරි මැදගෙදර ගයන මේ ගීතය දසක තුනකට එහා අතීතයක් අවුස්සාලනසුලු ය. අසූව දසකයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් ස්ථාපනය කළ 'යොවුන් ගී' කණ්ඩායමේ මුල්ම ගායක ගායිකාවන් හයදෙනා වූ චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා කරුණාරත්න, මාර්ෂල් ජනතා සහ තේජා දමයන්ති අතරින් ගායක ගායිකාවන් දෙදෙනෙක් ගයන මේ යුග ගීතය තුළ අප දන්නා හඳුනන සෝමසිරි මැදගෙදරගේ හඬ අභිබවා ඇසෙන ඒ මියුරු කාන්තා හඬ පසුකාලීනව ලාංකේය ගායන ක්ෂේත්රය තුළ අසන්නට නොලැබුණු තරම් ය.
ධම්මිකා කරුණාරත්න 'යොවුන් ගී' කැසට් පට සහ 'තවලම් අපි යනවා' නම් ජනකාන්ත ගීතයේ ගැයුමට අමතරව ගායන ලොව තුළ නොරැඳුණු අතර ඇය ද තේජා දමයන්ති මෙන් ම ඉතිහාසයට එක් වූ බෙල්වුඩ් තාරකාවක් බවට පත් වන්නීය. නමුත් , ඉතිහාසයේ මාර්ෂල් ජනතාගේ පැහැදිලි පිරිමි හඬට සිදු වූ අසාධාරණය ම ධම්මිකාගේ මිහිරි කාන්තා හඬටත් සිදු විණි දැයි සිතෙන තරමට ඇගේ සුගායනීය රාවය ප්‍රබල ය. අසන්න.
නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා
ඒ මිහිරි නාදය පසුකාලීනව කාලච්ඡේද වලට හිර වූ සංගීත අභ්‍යාසයකට ,එනම් ගුරු වෘත්තියට කැප වුණු බව අසන්නට ලැබිණ. රෝහණ වීරසිංහයන්ගේ පුත් කළිඳු වීරසිංහ ද සංගීතවේදී දර්ශන වික්‍රමතුංග ද පුවත්පත් සාකච්ඡාවල දී තම සංගීත ගුරුවරිය ලෙස හඳුන්වාදෙනු ලැබුවේ කොළඹ අසෝක විද්‍යාලයේ සංගීතාචාරිණිය වන ධම්මිකා කරුණාරත්න කෙනෙකි. සංගීතවේදී නදීක ජයවර්ධන ද තම සංගීත ගුරුවරිය ලෙස පවසන්නේ ධම්මිකා කරුණාරත්න නම් ගුරුවරිය ය.
කලාතුරකින් අසන්නට ලැබෙන මිහිරි හඬක් ඇති, චාම් සාරියෙන් සැරසුණු තැන්පත් ගායිකාව, ඒ ගැයුම් අමතක කර බාලක පාසලක කෑකෝ නද පරදවා කෑ ගසා බිලාවල් රාගය ගයනයුරුත්, හුණු කූරු පහස විඳිමින් කළු ලෑල්ලක ලඝු , ගුරු , ප්ලුත සටහන් කරනයුරුත් සිතින් මවාගනිමි.
ඒ අතර ධම්මිකා නම් අර මිහිරි හඬැති ගායිකාවට මෙසේ පවසමු.
පතා ආ ලෙස ඈත භවයේ
මෙමංතලයේ හමුවෙලා
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-52439259156705203602020-04-13T14:13:00.000-07:002020-04-13T14:13:26.379-07:00මාෂල් ජනතා ! කවුරුදෝ ඔබ කවුරුදෝ
'දොර කවුළුවෙන් එබී බලා' ගීතයේ අද ඇසෙන්නේ ෂර්ලි වෛජන්ත-මාලනී බුලත්සිංහල ගැයූ පසු ගායනය යි. එය බටහිරට ලැදි තානයක් සහිත සංගීතයකින් , කඩිනම් ව ගැයෙන, මිහිරි ගීයකි.
නමුත් මෙහි මුල් ගායනය, එනම් 'යොවුන් ගී' කැසට් පටයට මාෂල් ජනතා - චන්ද්‍රලේඛා පෙරේරා ගයන ගීතය අසන විට පැරණි නාද මාලා අතරින් ඉපැදෙන පැරණි හඬ මතකය කෙතරම් ආනන්දජනක ද ? ෂර්ලි වෛජන්තගේ කටහඬට ට වඩා සිය දහස් ගුණයක පෞරුෂයකින් හෙබි මාෂල් ජනතා ගේ පැහැදිලි කටහඬ ද, මාලනී බුලත්සිංහලගේ පුහුණු කළ සීනු ස්වරයට වඩා හදවත ට ගැයෙන චන්ද්‍රලේඛා පෙරේරාගේ නැවුම් කටහඬ ද මේ ගීතය පුරා ඉස්මතු වී ඇසෙයි.
ඉතිහාසය තුළ මාෂල් ජනතා නම් සංගීතවේදියා වෙනුවෙන් වෙන් වූ ඉඩ ප්‍රමාණවත්දැයි නැගෙන සෝක භරිත සිතිවිල්ල සමග මේ ගීතය නැවත නැවත අසමි.
'කවුරුදෝ ඔබ කවුරුදෝ ... මන්දහාසයෙන්' ලෙස මාෂල් ජනතා ගයන පද කීපය අසමි. ඒ පැහැදිලි හඬ පෞරුෂය ලාංකේය සංගීත පරිධියෙන් විතැන් වීමත් අවසානයේ කේමදාස සංගීත වෘන්දයේ හඬක් ලෙසින් පමණක් ම නැංගුරම් ලෑමත් පිළිබඳ ව දුක් වෙමි. අනෙක් අතට ඒ නිසි අවධානය නොලද හඬ එක්වනම නිහඬ නොවී එවන් මහ ගසක් සෙවණේ හෝ අවදි වුණියැයි සිතා සතුටු වෙමි.
මාෂල් ජනතා !
කවුරුදෝ ඔබ කවුරුදෝ ... මන්දහාසයෙන්
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-39536034797600572792020-04-12T20:20:00.001-07:002020-04-12T20:20:40.978-07:00Chen Shih-hsin | ජාතික ගීය සහ ජාතික ධජය අහිමි රන් පදක්කම | 2004
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-83685069647866710112020-04-12T00:49:00.001-07:002020-04-12T12:41:32.426-07:00නිරෝෂා විරාජිනී : මගේ ජීවිතේ මල් පිපුණාවේ
'මා දෑස පියා උන්නාම රළ හැපුණා' (අජන්තා රණසිංහ | අතුල අධිකාරී) ගීතය ගියා 1995 දි සිරස ටී.වී. නාලිකාවේ. විරාජිනීගේ මුල් කාලීන තියුණු කටහඬ රැගත් මේ ගීතයේ රූප රාමු වල සමදරා ආරියංවශ හිටියා මතකයි. ඊ ළඟට 'පුන්සඳ රෑට ඇවිදින්' (රත්න ශ්‍රී විජේසිංහ | ඔස්ටින් මුණසිංහ) ගීතය තමයි විරාජිනීගේ ගායනයේ හැරවුම් ලක්ෂ්‍යය. මම දන්න විදියට ඒ සිංදුව මුලින් ම ගායනා කළේ ඉන්දීවරී ආරියසිංහ. ගුවන් විදුලියේ සරල ගී වලට ගැයුණ ඒ ගීතය ඔස්ටින් මුණසිංහ විසින් විරාජිනීට ලබා දෙනවා. මේ සිංදුවේ අන්තරා කොටසේ තියෙන 'තුන්පත් රෑන' කියන යෙදුම ගැන දීර්ඝ සංවාද, පාසල් වල සිංහල කාල පරිච්ඡේදවල පවා ඇති වුණා ඒ කාලේ. ඔය කාලේම තමයි 'රෑ දොළොස් පැයේ' (අජන්තා රණසිංහ | ඇන්තනී සුරේන්ද්‍ර ) ගීතය සමාජගත වෙන්නේ. 'දෙකනට දෙමික්කං' සහ 'හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා' වගේ අජන්තා සාමාන්‍යයෙන් යොමු නොවන ගැඹුරු ජනවහර ඒ ගීතය තුළ ගැබ් වෙලා තිබුණා. ඔය කාලේ කැළුම් ශ්‍රීමාල් ගීත රචනයට පිවිසුණා. ඉස්සර 'ලක්බිම - රිද්ම' අතිරේකයේ යනවා අලුතෙන් පිට වෙන සිංදුවක ස්වර ප්‍රස්තාර. 1998 විතර කාලේ වෙනකොට 'සඳු සාක්කි කියාපුදෙන්' (කැළුම් ශ්‍රීමාල් | ඇන්තනී සුරේන්ද්‍ර ) සිංදුව අහලා නැතිව ඒ ස්වර එක්ක පද මාලාව කියවපු අපිට ප්‍රශ්නයක් ආවා කොහොමද දෙයින්නේ මේ හෑල්ල සිංදුවක් විදියට කියන්නේ කියලා. ඒ අස්සේ 'සඳු සාක්කි කියාපුදෙන්' ගීතය රවීන්ද්‍ර මුණසිංහගේ ඉතා ආකර්ෂණීය සහ වෙනස් රූපරාමුවක් එක්ක ජාතික රූපවාහිනියේ 'නදුන් උයන' වැඩසටහනේ පෙන්නුවා. උපේකා ගංගොඩවිලගේ නර්තන කණ්ඩායම එක්ක රඟපෑව ශ්‍රීනාත් මද්දුමගේ පෙම්වතාට හිටියා විතරක් නෙමෙයි. අලි ඇඟත් එක්ක අපූරුවට නැටුවා. සිංදුව සුපර් හිට් වුණා. මේ අතරේ වෙන්න ඕනේ විරාජිනී දමිළ බසින් ගයන 'වෙන්පුරාවේ' (එම්.එච්. ෂම්ස් | ප්‍රේමසිරි කේමදාස) ගීතය මෙරට සිංහල - දෙමළ රසිකයින් අතර එක වගේම ජනප්‍රිය වෙන්නේ. රිදීවන් තටු ගසන සුදු පරෙවියා ගැන ගැයෙන විරාජිනීගේ කටහඬ යුද්ධයෙන් බැටකන රටකට කඳුලක් එක් කරනවා. සුදත් රෝහණගේ 'යුග විලක්කුව' ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ 1999 දි. නැවතත් යුද්ධයට එරෙහිව ගයන විරාජිනී 'ලේ සලකුණු පමණයි රණබිමට ඉතිරිවන්නේ' (සුනිල් ආරියරත්න | රෝහණ වීරසිංහ) තේමා ගීතය ගයමින් 'කවුරුද සතුරෝ කවුරුද රණ විරුවෝ - ජය ලද්දෝ දෙපිලම බිලිගත් මරුවෝ' වගේ දාර්ශනික මතයක් සමාජගත කරන්න තමන්ගේ මියුරු හඬ උපයෝගී කරගන්නවා. ඔය අතරේ 'නාඳුනන සිහිනේ' ඇල්බමයට 'සිනා තොටක් විය' (බන්දුල නානායක්කාරවසම් | රෝහණ වීරසිංහ) ගීතය ගායනා කරන විරාජිනී සහස්‍රය මුල් භාගයේ පරාජිත පෙම්වතියන්ගේ පරමාදර්ශය බවට පත් වෙනවා. පද රචකයා තමන්ගේ ඊ ළඟ ගී පද සංග්‍රහයට 'සිනා තොටක්' කියලා නම යොදන මට්ටමට ගීතය ජනප්‍රිය වෙනවා. නොකියා 1100 වගේ දුරකතන වල අපිට රින්ගිං ටෝන් හදාගන්න පුළුවන් වුණාම පරිශීලකයෝ අතර වඩා ජනප්‍රිය ගී තනු දෙකෙන් එකක් බවට පත් වෙනවා. මේ අතර ජාතික රූපවාහිනියේ 'ඇඟිලි සලකුණ' කියන විවාදාසම්පන්න වැඩසටහන ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ කියන කාරණා දෙකෙන් එකකට ළං වෙනවා. 1999 අවුරුද්දේ ඉනෝකා සෙව්වන්දි නම් සෙබළිය ඝාතනය කළ ඇයගේ පෙම්වතා වන ප්‍රභාත් මනබන්ධන සේරම් නමැත්තාට 2001 අවුරුද්දේ දි අධිකරණය විසින් මරණ දඬුවම ලබා දෙනවා. 'ඇඟිලි සලකුණ' වැඩසටහන මේ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන විට පසුබිමෙන් විරාජිනීගේ ගීතයක් යොදා ගත්තා. 'අළු පාට හැන්දෑවේ' (සුරම්‍යා මාපිටිය | නන්දසේන කටුවාවල) හෙවත් 'සිනාසෙන්න මට' සිංදුව ඒ වැඩසටහනත් එක්කම එක රැයින් ගීතලෝලීන් වැළඳ ගත්තා. අදටත් ඒ ගීතය ඇහෙනකොට ඉනෝකා සෙව්වන්දි ගැන කම්පනීය මතකයක් අවදි වෙනවා. සුරම්‍යාට තව සියවසක් සිංදු ලිව්වත් මේ සිංදුවට අභියෝග කරන්න සිංදුවක් නම් ලියන්න බැහැ කියලා හිතෙනවා. ඔය අතරේ විරාජිනී ආයෙමත් යුද්ධයේ බිහිසුණු බව පිළිබඳව ගායනා කරනවා. 'කරදිය සුළඟට සුසුමක් හැර දා' (නිලාර් එන්. කාසිම් | සරත් දසනායක) ගීතය එතෙක් සොල්දාදුවා පිළිබඳ ගැයුණු අධි තාත්වික සහ යාන්ත්‍රික නිර්වචනයෙන් වියුක්ත වෙලා මානුෂික සහ හැඟීම් දැනීම් ඇති කතිකාවකට දොරගුළු විවර කරනවා. 'වෙඩි හඬ නෑසෙන ඈතක හිත ඉගිලී යාදෝ - පුපුරණ විට ළඟ පාතක සිහිනය මියැදේදෝ' කියන දෙපදයේ ම ඒ හැඟීම් ගැබ් වෙලා තියෙනවා.
රැයේ ඇස් නොසොල්ලා - මලේ රොන් සිඹින්නා
සඳේ රැස් ද මා දැන් අවුලාවී
හසුන් තුඩු හඬාවා - මෙවුල්දම් බිඳේවා
නිවාලන්න ගිනිගත් සන්තානේ
සුසුම් සර විලාපේ ලවන් පීර පීරා
පිපාසෙන්ද මත් වී මල් යහනේ
හැඟුම් නග්න දෑසේ නොකී භාව ගීයේ
සදානන්ද සීමා කොයි මානේ
පූර්ව නිර්මිත තනුවක් ඇතුළට යොදන වචන රාසියක්; අර්ථ රසයෙන් මේ තරම් පොහොසත් වනවා වගේ ම විරාජිනීගේ හඬට රිසි ලෙස ගීතවත් වන්නට තරම් සුගම වීම ගැන මම පුදුම වෙන්නේ නෑ.
සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුණාවේ
මම පුදුම වෙන්නේ මෙන්න මේ පද පේළිය ගැන.
මගේ ජීවිතේ මල් පිපුණාවේ
ඇන්ජලීන් - ජෝතිපාල දෙන්නා 'අබිරහස' චිත්‍රපටයට ගයන 'සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා' කියන ගීතයේ පෙම්වතියගේ සමස්ත නිෂ්ටාව ම තියෙන්නේ 'මහදේ සොඳුරු අහසේ අනාගතේ' කියන පද පේළියේ. සුජාතා අත්තනායක 'ගංගා' චිත්‍රපටයට ගයන 'මීදුම් වලාවන් ගලාලා' ගීතයේ පෙම්වතිය නිරූපණය කෙරෙන්නේ 'සවනට මොනවාද මුමුණා කියන්නේ' කියන පද පේළියෙන්. යමුනා විනෝදනීගේ 'අසුරු සැණින් එක මොහොතක දී' ගීතයේ කැඩපත වෙන්නේ 'අපේ ම වී අප ඉපදේවා' කියන පද පේළියේ.
අන්න ඒ වගේ; මේ ගීතයේ ආත්මය රැඳිලා තියෙන්නේ, ගීතයේ ම අර්ථය අත් පසුරට ගන්නාසුලු මේ පද පේළියේ.
මගේ ජීවිතේ මල් පිපුණාවේ
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-84583909003699316042020-04-11T07:29:00.000-07:002020-04-11T07:29:22.358-07:00නවක වධය - නොනිමෙන ගොදුරු මාලාව
තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින් මරණ මංචකයේ වැතිර සිටින සිසුවා වෙනුවෙන් නොව තමාගේ මස් රාත්තල බේරා ගැනීම උදෙසා සටන් වදින ෂයිලොක් විද්‍යාර්ථීන් රැසකගේ අදහස් දැක්වීම් ද දැක තාරුණ්‍යය මෙතරම් වේගයෙන් තිරස්චීන වන්නේ කෙසේදැයි විමතියට පත් ව සිටින්නෙමි.
සරසවි පරිශ්‍රය තුළ CCTV කැමරා සවි කිරීමෙන් ශිෂ්‍යයන්ගේ කුමක්දෝ පරම පිවිතුරු දෙයකට හානි වන බව පවසමින් කැලණිය සරසවි සිසුන් අරගල කළේ ද මහා වීරත්වයකින් යුතු ව ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් CCTV කැමරා ගලවා භාර දෙන පුණ්‍යකර්මයක් පැවැත්වූයේ ද මසක් ඇතුළතදී ය.
මෙරට සරසවි සිසුන් හට ඇති මූලිකම බාධාව සහ තර්ජනය වන්නේ ආරක්ෂිත කැමරා පද්ධති සවි කර තිබීමය.ඒ බව අප දනිමු. ඒ යුගයේ ආරක්ෂිත කැමරා තිබුණා නම් 1975 වසරේ දී පේරාදෙණිය සරසවියේ කෘෂි අධ්‍යයන පීඨයේ පළමු වසරේ සිසුවිය රූපා රත්නසීලි නවක වධය ඉවසාගත නොහැකිව රාමනාදන් ශාලාවේ දෙවැනි මහලෙන් පනින ආකාරය සනිටුහන් වන්නට ඉඩ තිබිණ. ඒ යුගයේ ආරක්ෂිත කැමරා තිබිණි නම් 1986 වසරේ දී කොළඹ සරසවියෙන් කැඳවාගෙන ගොස් හිරණ තොටුපළ අසල ගෙල කපා මරා දැමූ දයා ආනන්ද පියසිරි පතිරණගේ ඝාතකයින් හඳුනාගන්නට ඉඩ තිබිණ. එකල ආරක්ෂිත කැමරා තිබිණි නම් 1992 වසරේ දී පුෂ්පා මධුවන්ති ගුණවර්ධන සිසුවියගේ ගමේ පෙම්වතා කැලණිය සරසවි භූමිය තුළදී ම ඇයට පිහියෙන් ඇන මරා දමනයුරු සටහන් වන්නට ඉඩ තිබිණ. ආරක්ෂිත කැමරා තිබිණි නම් 2002 වසරේ දී නවක වධයට විරෝධය පල කළ නිසා නවක වධ පාක්ෂික ජනතා විමුක්ති පෙරමුණට සමබන්ධ සරසවි ශිෂ්‍ය පිරිසක් විසින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ ශිෂ්‍ය, ඕවිටිගල විතානගේ සමන්ත සිසුවා ඝාතනය කළ ආකාරය සාක්ෂ්‍ය සහිතව බලාගන්නට තිබිණ. ආරක්ෂිත කැමරා තිබිණි නම් අද වන විට ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් දිවිදුන් ශිෂ්‍ය වීරයන් ලෙස ඉතිහාසගත වී සිටින සමහරෙක්ගේ මරණ වල සැබෑ හේතුව හෙළිදරව් වී සියලුම ව්‍යාපාර නිරුවත් වන්නට ද , අනුස්මරණ නාම පුවරු ගැලවෙන්නට ද ඉඩ තිබිණ.
ලැන්කෂයර්හි එළිමහනක සිටි අයිසැක් නිව්ටන්ගේ හිස මතට වැටුණේ ඇපල් ගෙඩියකි. ජයවර්ධනපුර සරසවි භූමිය ඇතුළත සිටි සිසුවාගේ හිස මත වැටෙන්නේ ට්‍රැක්ටර් ටයරයකි. උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබා කළමනාකරණ පීඨයට තේරී පත් වූ පසිඳු හිරුෂාන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ප්‍රායෝගික පාඩමක ප්‍රතිඵලයක් ලෙස කොළඹ ජාතික රෝහලේ යන්ත්‍රානුසාරයෙන් ජීවිතය සමග සටන් වදී. කහ රෙදි පොරවාගත් මචං සාදුලා ප්රමුඛ ශිෂ්‍ය සංවිධාන සරසවි තුළ ආරක්ෂිත කැමරා සවි කිරීම ශිෂ්‍යයන්ගේ නිදහසට බාධාවක් යැයි අරගල කරති. කැමරා ගලවා උත්සවාකාරයෙන් භාර දෙති. නීතිය කඩකළ නිසා නීතිය හමුවට පැමිණවූ විට එක රැයින් ශිෂ්‍ය වීරයන් වන්නට කැසකවති.
දරුවනි ;
පණහ දසකයේ දී 'ලිට්ල් රොක් නයින්' ලෙස හැඳින් වූ කළු ජාතික ඇමරිකානු උසස් පාසල් සිසුන් ද හැටේ දසකයේ දී රූබි බ්‍රිජස් නම් හුදෙකලා කළු දැරිය ද වර්ණභේදයකින් තොර අධ්‍යාපන නිදහස වෙනුවෙන් අරගල කරන විට ; දෙදහස් දොළහ වසරේ දී බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අරගල කර මලාලා යුසුෆ්සායි නම් පාකිස්ථාන දැරිය තලිබාන් වෙඩි ප්‍රහාරයට ලක් වන විට නුඹලා දෙදහස් විස්ස වසරේ දී ලංකාව තුළ අරගල කරමින් ඉල්ලා සිටින ශිෂ්‍ය නිදහස වන්නේ නවක සිසුන්ගේ හිස මතට ටයර අත ඇරීමේ වරප්‍රසාදය ද ?
ශ්‍රීමත් විලියම් ගෝල්ඩිං විසින් රචිත Lord of the Flies කෘතියෙහි කියැවෙන්නේ බ්‍රිතාන්‍ය පාසල් සිසුන් කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් පාළු දූපතකට කඩා වැටෙන සිදුවීම ය. නියමුවා මිය ගියද සිසුන් සියල්ලම තම දිවි බේරාගන්නේ වැඩිහිටියෙක් තොර දූපතක හුදෙකලා වෙමිනි. ආරම්භයේ එකිනෙකා සහයෝගයෙන් වැඩ රාජකාරි බෙදා හදාගෙන තම පැවැත්ම සුරක්ෂිත කරගන්නා යොවුන් දරුවන් කල් ගතවත්ම නායකත්වයේ සහ පාලන බලයේ වියරුවෙන් එකිනෙකා හා සටන් වදින්නට ගනී. සිසුන් දෙදෙනෙක් ඝාතනය වන අතර කඳු මුදුනේ සිට පහළට ගල් පෙරළමින්; කුසගිනි නිවන පළතුරු ගස් සහිත කැළෑව ගිනිතබමින් පවා විරුද්ධවාදියා නැසීමට තරම් ඔවුන් සැහැසි වූහ.
අවසානයේ තමා හඹා එන අනෙක් වියරු යෞවනයින්ගෙන් බේරීමට දිවවිත් වෙරළේ පැකිලී වැටෙන රැල්ෆ් දකින්නේ නාවුක භට කණ්ඩායමක් ගොඩ බැස තමා දෙස බලා සිටින බවය. කැළෑව ගිනි තබමින් ම්ලේච්ඡ වෙස් ගෙන එකිනෙකා හඹා යන ළමුන් සෙල්ලමක් කරන්නේ යැයි භටයින් සිතති. බ්‍රිතාන්‍ය ළමුන් පිරිසක් නිසා සියලු දෙනාම මීට වඩා වැදගත් ආකාරයට හැසිරෙතැයි සිතූ බව නාවුක නිළධාරියා පැවසූ විට තම සමවයස් පිළිමළුන්ගෙන් දිවි බේරාගත් රැල්ෆ් මෙසේ පවසයි.
"අපි එකට තමයි හිටියේ .. පස්සේ"
නාවුක නිළධාරියා ඊට බාධා කරමින් තම උපකල්පනය ළමයා මත ආරෝපණය කළේය.
"මට තේරෙනවා. සාමූහික වැඩ. හරියට කොරල් දූපත පොතේ වගේ"
“I know. Jolly good show. Like the Coral Island"
අද වන විට විශ්ව විද්‍යාල පද්ධතිය විලියම් ගෝල්ඩින් රචිත ඒ අහඹු හුදෙකලා දූපත ය.වැඩිහිටි පාලනයකින් තොර යෞවනයින් හට දිනෙන් දින අහිමි වන සහ අහිමි කරගන්නා අගනා කම් පිළිබඳ තක්සේරුවක් නැත.
නාවුක හමුදාව වෙරළ බට සෑම මොහොතකම සාමූහිකව , කොරල් දූපත කතාවේ මෙන් සමගිව සිටි බව ඔවුහු ඒත්තු ගන්වති. නමුත් සැබෑ තත්ත්වය කොතරම් ම්ලේච්ඡ ද , කුරුරු ද සහ හිංසාකාරී ද යන්න දන්නේ ඔවුන් පමණය.
සිසු දරුවනි ;
ඔබ ජීවත්වන්නේ ද විලියම් ගෝල්ඩින් රචිත ඒ වැඩිහිටි පාලනයකින් තොර යෞවනයින් වෙසෙන අහඹු හුදෙකලා දූපතේය.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com1tag:blogger.com,1999:blog-3758181588710430145.post-85440505395748823392020-04-05T09:32:00.000-07:002020-04-05T09:32:34.944-07:00ලංකාව ; රටක් වශයෙන් ඉදිරියට යෑම
ලංකාව රටක් වශයෙන් ඉදිරියට ගොස් ඇති අකාරය ඉතා විස්මයජනක ය.
1994 වසරේ දී වයඹදිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉරණවිල ප්‍රදේශයේ 'ඇමරිකන් හඬ' ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ඉදිකිරීමට විරෝධය පල කරමිනි. මේ සම්ප්‍රේෂණාගාරය හේතුවෙන් ප්‍රදේශවාසීන් හට සෞඛ්‍ය උවදුරු හට ගන්නා බවත් , චූල ධීවර ප්‍රජාවගේ බත සරි කරන කලපු සහ තවත් කුඩා ජල පෝෂක ප්‍රදේශ අහිමි වන බවත් පවසමින් ගෙනගිය සටන අවසන් වූයේ බෙනඩික්ට් ප්‍රනාන්දු නම් ධීවර විරෝධතාකරුවා වෙඩි උණ්ඩයකින් පරලොව යෑමෙනි. 'ඇමරිකන් හඬ' නවත්වන්නට හැකි වූයේ නැත.
වසර 26 ක් ගෙවී ඇත. 2020 වර්ෂය වන විට ලංකාවේ වයඹදිග වෙරළ ධීවරයින් සටන් වදින්නේ කඩොලාන බිමක් ක්‍රීඩා පිට්ටනියක් බවට පරිවර්තනය කරගනු පිණිස ය. කඩොලාන පිළිබඳ කිසිදු තැකීමක් නැති ධීවරයෙක් ඔක්සිජන් ද අනවශ්‍ය බව පවසයි. ඇමතිවරයා කඩොලාන රකින්නට තැත් කරන වන සංරක්ෂණ නිළධාරිනියගේ උත්සාහයට අපහාසමුඛයෙන් සමච්චල් කරයි. ඒ සියලුම නොපනත්කම් මැද ඉගෙනගත් ශිල්පයට ණය නැති හුදෙකලා ගැහැනියක් යුක්තිය වෙනුවෙන් නොපැකිළිව සටන් වැදුණා ය.
නරුම මහජනතාවක් සහ කසඩ මැති ඇමතිවරුන් රැසක් මැද ජීවත් වන විට දිනෙන් දින ඉහළ යන කළකිරීම සහ ශූන්‍ය වන අපේක්ෂා අතරින් දැල්වෙන එක ම කුඩා ආලෝක පුංජය වන්නේ ඒ වන සංරක්ෂණ නිළධාරිනිය බඳු උපතින් ම පිටකොඳු ගෙනා මිනිසුන් ය.
ඒ හැරෙන්නට සැබැවින් ම මෙහෙව් රටකට ඔක්සිජන් ඕනෑ ම නැති බව හෙණ ගහන සත්‍යයකි.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-16739218380094140892020-04-03T12:29:00.000-07:002020-04-03T12:29:16.868-07:00ලස්සන ඇස් නොදකින අපි
වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.
ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් එල්ල කළ සාරීන් (Sarin) වායුවට නිරාවරණය වීම නිසා සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෙගාතුර වූ අතර පන්දහසක් පමණ පිරිසක් තාවකාලිකව පෙනීම ආශ්රිත ආබාධ වලින් පීඩාවට පත් විය.
අන්තර්ජාලය පිළිබඳව අසා නොතිබුණු යුගයෙක පුවත්පත් වලින් කියවා කම්පනයට ලක් වූ තෝකියෝ විෂ වායු ප්‍රහාරය යනු අනූව දසකය පසු කළ පරම්පරාවට මතකයෙන් අතු ගා දැමිය නොහී ව්‍යසනයකි. අවුෂ්විට්ස් , බුකන්වල්ඩ් වඳ කඳවුරු වල ගෑස් උදුන් පිළිබඳව ද, ඈන් ෆ්රෑන්ක්ගේ යොවුන් වියේ අවසාන කාලය පිළිබඳව ද , චර්නොබිල් , බෝපාල් වැනි ඛේදවාචක පිළිබඳව ද විදෙස් බසින් සිංහලයට පරිවර්තනය වූ සීමිත මූලාශ්‍ර කියවමින් වැඩිහිටියන් වූ අප අද ; එනම් ෂ්‍යෝකෝ අසහරාගේ ප්‍රහාරයෙන් වසර විසි පහක් ගත වන තැන එකී තත්ත්වයන් අත් විඳිමින් සිටින්නෙමු.
වියට්නාම යුද්ධයේ දී නාපාම් ප්‍රහාරයට ලක් ව නිරුවතින් දැවෙමින් මහමග දිව ගිය 'නාපාම් දැරිය' හෙවත් නම හැවිරිදි Phan Thị Kim Phúcගේ කළු සුදු ඡායාරූපය පවා එක්වර බලන්නට තරම් දිරියක් නොමැති ළමා කාලයක් ගත කළ ඔබ , අප මේ ලිපිය කියවන්නේ ස්වයං නිවාස අඩස්සියකට නතු ව ජීවිතය පිළිබඳ අපේක්ෂා වෙනස් ම තැනක ප්‍රති ගබඩා කළ මොහොතක ය. දිවයිනට ම බල පෑ ඇඳිරි නීතිය නොතකා රට ම වෙළා ගනිමින් සිටින වසංගත වෛරසයක් සමග දිනෙන් දින ඉහළ යන ජීවිත හානි සංඛ්‍යාව ! වසංගත රෝගයක් සැදුණු විටෙක නගරවාසීන් ගෙයි බිත්තියක් බිඳ පලා ගියේ යැයි බෞද්ධ ඉතිහාසයට ඉගෙන ගත් අප , වසංගත රෝගයක් පැතිරෙන මොහොතේ බිත්ති හතරට ජීවිතය භාර කර බලා සිටින්නෙමු.
1942 අප්‍රේල් 5 වැනි දා පාස්කු ඉරිදා ජපනුන් කොළඹට බෝම්බ හෙළූ විට පුළුන් කැබලි කණේ ගසාගෙන , කෝටු කෑලි විකාගෙන මේසය යට සැඟවෙන්නට පුහුණුව ලබා සිටි කොළඹ වැසියන් ඇඳිවත පිටින් මහමගට බැස කෙම්බිමක් සොයා යොදුන් ගණනක් පා ගමනින් ම ඇවිද ගියහ. එසේ කොළඹ අතැර පලා එන පිරිස්වලට මග දෙපස ගම්වාසීන් තම වතු වලින් කුරුම්බා කඩා සංග්‍රහ කළහ. කරුණාසේන ජයලත් " ලස්සන ඇස්" නවකතාව ලියන්නේ ඒ සිදුවීම පසුබිම් කරගෙන ය. කොළඹින් පැමිණි වික්ටර් නම් යොවුන් ගැටවරයා සුජාතා නම් වූ ගම්බද යුවතියගේ නෙත් කැල්මෙන් වසඟ වන අයුරුත් , අප්රකාශිත සුන්දර ප්‍රේමය හදවත් තුළ ම වේදනාප්රාප්තව රැඳෙනයුරුත් ජයලත් සුපුරුදු කම්පනීය හැඟීමෙන් ම අකුරු කළේ ය.
අද වන විට ඔබ අපට , ඇඳිවතින් හෝ මහමග ට බැස කෙම්බිමක් සොයා යන්නට අවසර නැත. ලෝකයම දණ ගැස්වූ වෛරසයක් හමුවේ කෙම්බිමක් පවතින්නට ඉඩ නැති බව අවබෝධ කරගන්නට තරම් අප වැඩී සිටිමු. සියල්ල අතැර දා මේ බිමේ පිලිසරණ සොයා එනවුන් හට කුරුම්බා ගෙඩියක් කපා දෙන්නට තබා වැළඳගන්නටවත් නොහැකි තැනකට තල්ලු වී අසරණව සිටිමු.
ඉදින් මෙවන් වාතාවරණයක අද දවසේ වික්ටර්ලා හට සුජාතා මග හැරෙන බවත් , ජයලත් දුටු ඒ ලස්සන ඇස් දැක ගන්නට නොලැබෙන බවත් කණගාටුවෙන් වුව ද පවසමි. ව්‍යසනයක් මැද පවා සියල්ල අමතක කරවනසුලු ප්‍රේමණීය බැල්මක් සොයාගන්නට හැකි මනුෂ්‍ය ප්‍රාණියෝ දුර්ලභය.
ජයලත් ;
මම නුඹට පෙම් කරන්නේ එබැවිනි.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com1tag:blogger.com,1999:blog-3758181588710430145.post-55039840517277921352020-04-02T09:32:00.000-07:002020-04-02T09:32:26.317-07:00ලස්සනට ඉදුණු වැලට හැදුණු හෙවත් චින්තිගේ සිංදු ලස්සනට ඇසීම
පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ 'ලස්සනට ඉදුණු' සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා.
ලස්සනට ඉදුණු වැලට හැදුණු කොමඩු පිපිඥ්ඥා
පුරහඳ දඟ කර හිත විස කර පස්ස රතිඥ්ඥා
පණ හතක් ගියත් එපා වෙන්නේ නෑනේ රත්තරං
සුමනෝ මගෙ මැණිකේ වෙයං බං
පස්ගෝරස - මී රස - ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලිකටු වැල ගෙල වැළඳලා හොලවන රෝසා
මට මතක් වුණේ කලින් සැරේ කාපු පැණි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං
සිංදුවේ වචන වල අර්ථය ගැන මම හිතුවේ නැත්තේ චින්ති කියන සිංදු වල අර්ථ රසයට වඩා ශබ්ද රසය මාව කුල්මත් කරවන නිසයි. චින්තිගේ 'සොකරී' වගේ සිංදු වල ඉඳලා මේ සිංදුව දක්වාම නොවෙනස් ලක්ෂණයක් තියෙනවා. ඒ රස්තියාදු ගැමි හඬ. වචන උච්ඡාරණය ටිකක් බටහිර වුණාට ඒ ඇතුළෙන් අමු ගැමි හඬක් මට නම් ඇහෙනවා. 'මේ ගම්මානේ කඳු වැටි සීමාවේ' කියන රෝහණ බැද්දගේ, ' ආශාවේ මල් වැටෙන් එබී' කියන බණ්ඩාර ආතාවුද , 'අනේ ගැටවුනේ නිකා ඉඳපල්ලා' කියන සේනානායක වෙහෙරලියැද්ද , 'කහමලියේ අන්නර කහමලියේ' කියන ලයනල් රන්වල තුළින් ඇහෙන ගැමි හඬම , ඒ සංඥාවම තරමක් වෙනස් විදියකට චින්තිගේ කටහඬෙන් ඇහෙනවා. 'මම ජහුටා පොළෙන් තෑගි ගෙනෙන්නම්' කියන කොටස ගායනා කරනකොට මගේ අනුමානය හරි කියලා හිතෙනවා.
චින්තිගේ හඬ ඇතුළේ ගැමියෙක් ඉන්නවා කියන කාරණය ඇතුළේ දේශීයකම, අපේකම හරි ජන නාද රටා ගැන අදහසක් මම ඉඟිකරන්නේ නෑ. මේක හුදු නිරීක්ෂණයක් විතරයි. චින්ති ගායනා කරන්නේ බටහිර ආරේ සිංදු. මේ සිංදුව වුණත් ස්පාඥ්ඥ , ලතින් වගේ නාද රටා බ්ලෙන්ඩ් වුණ මිශ්‍ර සංස්කෘතිකමය නිර්මාණයක්. ඒ ඇතුළෙන් මට චින්තිගේ ගායනයේ ගැමි ඌරුවක් ඇහෙනවා. හරියට ජනීනා පීරිස් ' මල් මල් හීනය සීතල උදයේ' සිංදුව මුලින් ම කියනකොට , ශ්‍යාමි ෆොන්සේකා 'ඈතින් ඈතට' චිත්‍රපටයට ' රන් මාල රන් තෝඩු' ගීතය ගයනකොට ඒ සිංදු වල සිංහල ගතිය අතරින් ඒ අයගේ හඬේ තියෙන බටහිර ගතිය මතු වුණා වගේ. රුක්මණී දේවි 'පෙම් රජ දහනේ අහස් මාලිගා' සිංදුව කියනකොට ශෝකී රාවය අතරින් වරින් වර ඇහෙන ටවර් හෝල් නාටිකාංගනාවගේ හඬ වගේ.
සිංදුවේ විෂුවල් එක වුණත් සරලයි. Bruno Marsගේ ගීත වල විෂුවල් වල තානය සිහිපත් කරවනසුලු මේ සිංදුව පහුගිය කාලේ ෂැගීගේ සිට ඒකෝන් දක්වාම අනීවාරතයේ කොපි කරපු ලාංකේය ගීත විෂුවල් සම්ප්‍රදායට පාඩමක් උගන්වනවා. කාපිරියෙක් කකුල් දෙක පළල් කරගෙන වාඩි වුණාම රටේ කාන්තා ජනගහණයෙන් බාගයක් ම ඔහුගේ ඔඩොක්කුවේ වාඩි වීමේ දර්ශනය නැතුව සිංදුවකට විෂුවල් කරන්නත් පුළුවන් එහෙනම් !
සංගීතය අහනකොට කුල්මත් වෙන , සිංදුව අහනකොට මරු කියලා හිතෙන සිංදුවක් ගැන ලිව්වේ බොරුවට ශාස්ත්‍රීය සිංදු විතරමයි අහන්නේ කියලා පෙන්නගෙන ඉන්න අවශ්‍යතාවක් නැති නිසා. මොකද අපේ ආයු කාලය දොරමඬලාවේ ආරාධිතයින්ගේ ආයු කාලයට වඩා අඩුයි. මතක හැටියට 2005 දි විතර ආනන්දේ 'සංදේශය' උත්සවයේ ආරාධිත අමුත්තා වුණේ අත්තනායක එම්. හේරත් මහත්තයා. එතුමා 'අහංකාර නගරේ' සිංදුව පේළියෙන් පේළිය විග්රහ කරලා අතින් රඟපාලා පෙන්නුවා ' ඉඟත් බෝම පොඩි - ලැමත් බෝම ඇති' තරුණියකගේ ස්වභාවය. සුසාධිත කලාව වනසන්න ආපු මාරදූතයෙක් විදියට වසන්ත දුක්ගන්නාරාලව පළු ඇරියා. අපිත් හරිම ප්‍රබෝධයෙන් ඒවා හිතට ගත්තා. දුක්ගන්නාරාල අවුරුදු ගාණකට පස්සේ 'අහංකාර නගරේ' ගීත සංග්‍රහය මුද්‍රණය කරනකොට ඒකේ පෙරවදන ලියන අත්තනායක එම්. හේරත් ' අපිට එදා වැරදුණා' වගේ කතාවක් ලියනවා. එදා BMICH එකේ ඉඳගෙන හේරත් මහත්තයා කියපු කතා ඔළුවට ගත්ත කී දෙනෙක් මේ පෙරවදන කියෙව්වද කියලා දන්නේ නෑ.
චින්තිගේ සිංදුවක් දැනුණාම ඒක ලස්සනයි කියලා ලිව්වේ අදහස් දැක්වීම අතින් අත්තනායක එම් හේරත් කෙනෙක් වෙන්න බැරි නිසා. 'කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ' ගැන කිය කිය හිටිය බැද්දගේ පවා නැවතුණ තැන බලනකොට තමන් ආසා කරන දේ කරන , තමන් ට දැනෙන දේ ම ඒ විදියට එළියට දාන චින්ති වගේ ආටිස්ට්ලාගේ පිළිමයක් හැදුවත් පාඩු නෑ කියලා හිතෙනවා
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-52961239565508055902020-03-30T10:24:00.000-07:002020-03-30T10:24:36.342-07:00දෙබෙදුම : පරම්පරා ගැටුම මැදහත් සිතින් දැකීම
සේපාලි මායාදුන්නේ ගේ 'දෙබෙදුම' නවකතාව ආයෙත් වතාවක් කියවන්නට හිතුණා. ඒ 1993 අවුරුද්දේ ප්‍රශස්තම නවකතාව විදියට ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනපු නවකතාව. ඉතිහාසය පුරා ම විජේවර්ධන සම්මානය දිනූ සහ නිර්දේශ වුණු අනිත් කෘති බොහෝමයක් රසවත් වුණත් සර්වකාලීන කියවීමක් සඳහා පොළඹවනසුලු බවින් අඩුයි. කම්මැල්ලවීරගේ 'අට අවුරුද්ද' කිරිවත්තුඩුවගේ 'ඉසුරු සොයා' සුනේත්‍රාගේ 'සඳුන්ගිර ගිනි ගනී' වගේ කෘති වල ප්රස්තුතය සමකාලීන යුගය සමග දැඩිව බැඳිලා තියෙනවා. ශාන්තිගේ 'වරා මල්' දැන් කියවනකොට ඒ කතාවේ තියෙන ශාන්තිමය මුහුණුරෙන් ගැලවෙන්න පාඨකයාට බැහැ.
නමුත් සේපාලිගේ 'දෙබෙදුම' නවකතාව නුවර කලාවිය ජනජීවිතය ඇසුරෙන් පරම්පරා ගැටුම දෙස බලන නූතනවාදී කෝණය අදටත් විස්මය දනවනසුලුයි. පෙරවදනේ සඳහන් වන විදියට සේපාලිගේ අම්මා කියන්නේ උතුරුමැද පළාතේ පළමුවන විවාහ, උප්පැන්න සහ මරණ ලේකම්වරිය. මහලු අවිවාහක ජෝඩු පණහ - සියය එකවර විවාහ කරවන විට ඒ උත්සව වලට අම්මාගේ අතේ එල්ලීමැදගම , පුල්එළිය, විරාමුරුක්කුව, මළමිරියාගම වගේ ගම්මානවල ඇවිදලා ලද නොමියෙන මතක තමන්ගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා කියලා ලේඛිකාව සඳහන් කරනවා.
නුවර කලාවියට නූතනත්වයේ සෙවණැල්ල වැටෙනකොට සුපුරුදු ගම්බද ජීවිතය හැල හැප්පීම් වලට මුහුණ දෙන ආකාරය දෙස උපේක්ෂාවෙන් බලන සේපාලි පෙරවදනේ මෙහෙම ලියනවා.
'මෙයින් වර්තමාන පරපුර පැරණි නොකිලිටි ගැමි පරපුරට හාත්පසින්ම බැහැර වූ පුහු ගතිසිරිත් කරපින්නා ගත්තවුන් යයි බොහෝ දෙන ඇදහූව ද යුග දෙක තුළ ම ජීවත් වූවන් හොඳ තරමට ම එකසේ ම නරක යයි එදා සේම අද ද මගේ සිත තුළ ට ඇතුළු වී තිබෙයි. ඒ නිසා ම පරම්පරා ගැටුම පිළිබඳව ලියැවෙන බොහෝ නිර්මාණවල මෙන් පැරණි පෙළ සාරධර්ම හා ඒවා කෙළෙසා ගත් නූතන පෙළ පිළිබඳව මගේ නවකතාවට ඇතුළත් නොකළෙමි. ඒ ඔවුන් සියල්ලන්ම එකසේ ම හොද මෙන්ම නරක ද හෙයිනි.'
'දෙබෙදුම' නවකතාවේ අන්තිම පිටු දෙකේ දී පිංචි තමන්ගේ මාමණ්ඩිය සහෝදරා ට කරන දෝෂාරෝපණය ඇතුළේ ලේඛිකාවගේ සමස්ත ජීවනාදර්ශය ම කැටි වෙලා තියෙනවා. තුට්ටු දෙකේ සෝප් ඔපෙරා නිළියගේ ඉඳන් සැළලිහිණියෙක් ගිල්ලාක් බඳුව කෑ ගසන පීචං ගායිකාව වෙනකං රූපවාහිනියේ , පුවත්පත්වල මන්තරයක් වගේ ජප කරන 'අලුත් පරම්පරාව කමකට නැහැ. අපේ කාලේ වගේ නෙමෙයි' කියන යල් පිනූ නන් දෙඩවිලිත් එක්ක සේපාලි මායාදුන්නේ කියන ලේඛිකාවගේ චින්තනය ගැන ගෞරවයක් ඇති වෙනවා. දුටුව හැම මොහොතකම අඳුරු පැහැති ඔසරියකින් සැරසී හිටිය, සමාජශීලි නොවන තරමක් තද බැල්මකින් යුතු වුණු ඇය ඇතුළේ තිබුණු නවීන සිතිවිලි ගැන මවිතයක් ඇති වෙනවා.
'දෙබෙදුම' නව කියවීමකට පෙළඹවීම ඇති කරවනවා.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-70164459865129010642020-03-29T14:55:00.001-07:002020-03-29T14:55:46.719-07:00කලු රංජි ; මුග්ධ අහිංසකයෙක් ද ?
අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ 'කලු රංජි' වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා විවේචනාත්මක සටහනක් එහෙමත් යොදලා තිබුණා. එතන විදර්ශන කතාකරන තියරි බහුතරයකට තේරුම්ගන්න බැරි බව පහළින් වැටෙන කමෙන්ට්ස් වලින් පෙනුණා. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද විදර්ශනගේ කෝදුව අපිට තේරුම්ගන්න අමාරුයි. කිලී මහරාජාගේ 'සිරස' ජඩ මාධ්‍යකරණයට එරෙහිව අරගල කරපු විදර්ශන දිලිත් ජයවීරගේ 'දෙරණ' අලුත් පාර්ලිමේන්තුවට සහභාගී වෙලා තවම මාස හයක් නෑ. ඔය කියන තියරි ඇප්ලයි කරන්න ඕනේ විදිය තේරුම් ගන්න නම් කන්නංගර කියවලා තියෙන පොත් කන්දරාව අපිත් කියවන්න ඕනේ. එහෙම නැතිව කන්නංගර ලියන පෝස්ට් ඔළුවට ගන්න යන එකෙන් වෙන බරපතල ම හානිය වෙන්නේ ඒවා පහළින් කණිෂ්ක ජයලත් වගේ සක්‍රීය පෙරටුගාමී සහෝදරවරු ඇවිත් 'මම නම් කලු රංජි කෙනෙක් ගැන අහලාවත් තිබුණේ නැහැ' වගේ කතා ආඩම්බරෙන් වගේ කියන එක. ඉන්දියාව ගැන දන්නේ නෑ කියලා බංග්ලාදේශේ කිව්වා වගේ. ඒ අතරේ අන්තිම නරක දේ තමයි තවත් සමහරු කලු රංජිටත් සුනිල් මාධව ප්‍රේමතිලකට වුණු දේ වෙයි කියලා අනුමාන කරලා තිබුණ එක. මම හිතන්නේ කලු රංජි වගේ මනුස්සයෙක් ව සුනිල් මාධව ට සමාන කරන එක තරම් කලු රංජිට කරන නින්දාවක් ලොවෙත් නැහැ.
කොහොමින් කොහොම හරි හුඟ දෙනෙක් ට 'කලු රංජි' ට ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දි 'අහස පොත් උළෙලේ' දී සම්මානයක් පවා ලැබුණු බව අමතක වෙලා තියෙනවා කියලා පේනවා. බාගදා සමහරු 'අහස' කියන්නේ මී පැණි වලට , දඩමස් වලට පොත් පත් හුවමාරු කරන තැනක් මිසක් ව්‍යාපාරික ආයතනයක් නෙමෙයි කියලා හිතනවා ඇති. එහෙම නැත්නම් එදා ඒ සම්මානේ දුන්නේ කේ.කේ. සමන් කුමාර අතින් නිසා එහෙම නම් කමක් නෑ කියලා හිතෙනවා ඇති. රෝයල් තැප්‍රොබේනියන් එකේ ඉතිං සර්පයා වගේ මරුමුස් පාටකට පේන්න ඉන්නේ අජන්ත අලහකෝන් විතරයි. ඒත් අජන්තගේ කොණ්ඩේ වැඩියි. ඉතිං කොහොමද කලු රංජිට උපහාර කරන්නේ ?
කලු රංජි ගැන මගේ තියෙන මුල් ම මතකය වෙන්නේ අවුරුදු ගණනකට කලින් චන්ද්‍රකුමාර වික්‍රමරත්න ගැන තොරතුරු හොයනකොට මට ලැබුණු ටිප් එක. 'මාතලේ කමල් පී. අලහකෝන් සහ කොළඹ කලු රංජි තමයි හොඳම දෙන්නා' කියලා මට ඔත්තුවක් ලැබුණා. කමල් පී අලහකෝන් ඒ මාතෘකාවේදි සංවේදී වෙනවා වැඩි නිසා මගේ අරමුණට බාධා වුණා. ඉතිං මම පච්ච සෝමේ වගේ නමක් තියන 'කලු රංජි' ට බයෙන් බයෙන් කතා කළා. ඉදකිං ! ඒකත් මාතලේ ඉටි පන්දමට එහා ඉටි පන්දමක්. චන්දරේගේ නම කිව්ව ගමං සංවේදී වෙලා අතීත වේදනාවෙන් වැක්කෙරෙනවා. මම එඩිටර්ට දන්වලා ලිපිය ලියන එකෙන් අයින් වුණා.
මම මේ සටහන ලියන්නේ කලු රංජිලාගේ සක්‍රීය යුගය ඇහැට නොදැකපු , ඒ යුගය ගැන පත පොතෙන් සහ මුඛ පරම්පරාවෙන් හදාරපු වයස තිස් ගණනක පුද්ගලයෙක් හැටියට. අපි 'එළියකන්ද වධ කඳවුර' ගැන කියෙව්වේ ප්‍රංසයට පැනලා ගිය රෝහිත මුණසිංහගේ පොතෙන්. ඒ අනූව දසකය මුල දි. ඒත් අවුරුදු කීපයකට කලින් අජිත් පැරකුම් ජයසිංහ තමන්ගේ එළියකන්ද කඳවුරේ අත්දැකීම් පොතකට නැගුවාම රෝහිත මුණසිංහ ඒ ගැන හැසිරුණේ උමතුවෙන් වගේ. හෙන්රි කල්දේරා එයාගේ සිංදුවක 'මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා' කියලා ප්‍රශ්න කරන රික්තකය සදාකාලිකව ම පැවතිය යුතු ද කියන ප්රශ්නය මගෙ හිතේ නලියනවා. අපි 'එළියකන්ද' ගැන දැනගන්න ඕනේ රෝහිත මුණසිංහ කියන ඒවායින් විතරම ද ? චන්දරේ ආගිය අතක් නැති නිසා චන්දරේ ගැන කමල් පී ගෙන් හරි කලු රංජිගෙන් හරි ඇහුවා වගේ කවදා හරි දවසක අපි 'කලු රංජි' ගැන දැනගන්න ඕනේ වමේ සාමාජිකයින්ගෙන් ම ද ? අපිට කලු රංජි ජීවත්වෙලා ඉන්න කාලේ කලු රංජිව එක තැනකදි මුණ ගැහිලා ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන එක නරකද ? අද වෙනකොට මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සරසවි මානවිකාවෝ ත්රීමාවිතාන කියන්නේ සිසු විරුවෝ දෙන්නෙක්ගේ නම් කියලා හිතාගෙන 'ත්රීමා - විතාන' වෙනුවෙන් ෆේස්බුක් එකේ කවි ලියන තත්ත්වයක කලු රංජිලා සියැසින් දැකගෙන, ඔය ලියන කවියක් කණට කොඳුරලා කියන එක ප්‍රායෝගික නැද්ද ?
අනෙක් කාරණය ; රෝයල් තැප්‍රොබේනියන් කියන්නේ ධනවාදී අවකාශයක් නිසා කලු රංජි මේ සැලකුම් ප්‍රතික්ෂේප කරන්න ඕනේ ද ?
අසූ ගණන් වලදි රාජ්‍ය වේදිකා නාට්‍ය උළෙලේ අනුග්‍රාහක දුම්කොළ සමාගමක් ය කියන කාරණයට විරෝධය පළ කරලා ; සම්මානය ප්‍රතික්ෂේප කරලා ධර්මසිරි බණ්ඩාරනායක වීරයෙක් වුණා. ඊට පස්සේ ලංකාවේ වේදිකාවට ඒ වගේ අනුග්‍රාහකයෙක් හම්බ වුණා ද කියන එක අපිට වෙනම ම හොයා බලන්න පුළුවන්. දුම්කොළ වෙළෙන්දන්ගේ අනුග්‍රහය ට විරුද්ධව සම්මාන ප්‍රතික්ෂේප කරපු ධර්මසිරිගේ 'බව දුක' චිත්‍රපටයේ නිෂ්පාදකයා ඝාතනය වෙන්නේ මොන ජාතියේ වෙළඳාමක් අරභයා හටගත්ත ආරවුලකින් ද කියලා දන්නේ කීයෙන් කී දෙනා ද ?
මේ ඔක්කොම විපරීත අංගුලිමාල සමාජයක් මැද්දේ විජේරාම හංදියේ පර්චස් හතරක අවකාශෙක , තමන් තෝරපු සිංදුවක් ගායනා කරලා , පරණ ආගිය කතාවක් මතක් කරලා, වැළඳගැනීම් සීයක් දෙසීයක් මැද්දේ , සෙල්ෆි සීයක් ගන්න අඬගහන අවස්ථාව ප්‍රතික්ෂේප නොකරන කලු රංජි එතකොට මුග්ධ අහිංසකයෙක් ද ?
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-62620184881868075802020-01-09T23:08:00.000-08:002020-01-09T23:08:15.627-08:00ගල්නෑව - ඔක්කොම දවසක රජ වෙනවා
සමහර කතන්දර ඇතුළේ කඳුළු සහ සිනහව දෙකම රැඳිලා තියෙනවා.
අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදහන් වුණාම දෙමව්පියන්ට දැනෙන හැඟීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සූ සැට බරණින් සැරසුණු කුල කාන්තාවක් පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට ම නිරුපද්‍රිතව පයින් ඇවිදගෙන ගියා ය කියලා කියන රටක අද අපි අහන්නේ මොන වගේ පුවත් ද ? මේ තාක් ම අතුරුදන් වුණ දරුවන් ගැන අපි අහලා තියෙන්නේ ම අසුබ ආරංචි. ඒ හැම සිදුවීමකදි ම වගේ ළමයින්ගේ ළමාකම සහ ළපටි හිත ප්‍රයෝජනයට ගන්න වැඩිහිටියන් හිත් පිත් නැති විදියට තමන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න හැටි අපි දැක්කා. මහා ධර්පාල ජාතකයේ වගේ මුලින්ම එළු ඇට ටිකක් පෙන්නලා , පස්සේ දරුවා ජීවතුන් අතර ඉන්න බව හෙළිකරන සුඛාන්ත අපි අහලාම නැති තරම්. හැට දසකයේ ගෝඨාභය කිරඹකන්දගේ ඉඳන් අසූව දසකයේ සමන් කුමාර, අනූව දසකයේ සදීප ලක්ෂාන් සහ දෙදහස දසකයේ ජූඩ් වර්ෂා රෙජී වන තෙක් ම ඒ අමිහිරි අත්දැකීම් කෙළවර වුණේ මරණයෙන්. ඉතිං ! අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදන් වෙලා හම්බ වුණාම ඒ අම්මලා තාත්තලාට කොයි තරම් නම් සන්තෝසයක් දැනෙන්න ඇතිද ?
ඒ සන්තෝසය අතරේ මේ පොඩි දරුවෝ දෙන්නාගේ වික්‍රමය අහනකොට ආදරණීය හැඟීමකින් හිත පිරෙනවා. ගල්නෑවේ ඉන්න පොඩි උන් දෙන්නෙක් ලෝක සිතියම බලාගෙන ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව බලන්න බයිසිකල් පැදගෙන යනවා කිව්වාම අපේ හිත් ඇතුළේ හැංගිලා ඉන්න ළමයා හෙමින් හෙමින් අවදි වෙන්න ගන්නවා. 'මඩොල් දූවේ' ජින්නා - උපාලි වගේ දූපතකට ගිහිං වගා කරන්න , 'වනගත ළමෝ' කතාවේ වගේ අලි ඉන්න කැළෑවක වීර , පළු ගස් මුදුනක දෙබලක රෑ ගත කරන්න , 'සෝමපුර වීරයෝ' කතාවේ වගේ රහස් පරීක්ෂකයෙක් වෙන්න අපේ හිත් ඇතුළේ කොයි තරම් නම් රහස් සැලසුම් තිබුණද ? 'කඔරු ඉකෙයා' නමින් වල්ගා තරුවක් නම් කෙරුණු හැටි , 'ප්‍රියංකා වීරසේකර' වගේ ටෙලිවිෂන් එකේ සිංදු කියන හැටි, 'හිරන්ත මහතන්තිල' වගේ ටෙලි නාට්‍ය වල ළමා චරිත වල රඟපාන හැටි අපිව මොනතරම් ප්රමෝදයට පත් කළාද ? අපි තුන වසරෙදි අපේ ඉස්කෝලෙට චිත්‍ර සහිත ළමා කතා පොතක් විකුණන්න ආවා. මට අදටත් මතකයි , 'කේජු කෑම' කියලා නම් කරපු ඒ පොත ලියලා තිබුණේ 'වින්ධ්‍යා ඉරෝෂා කුඩලිගම' කියලා කවුද , කොහේද නොදන්න අපිට වඩා වැඩිමල් අක්කා කෙනෙක්. ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඇවිත් , ඒ පොත අරගෙන, මාත් කවදා හරි පොතක් ලියන්න ඕනේ කියලා හිතපු ළමා කාලයක් එක්ක මේ ලෝක සංචාරයක යන්න හිතන පොඩි දරුවෝ දෙන්නව ආදරයෙන් වැළඳගන හිතෙනවා. බයිසිකලයකින් ලෝකේ වටේ යනවා හැරෙන්න ඒ දරු පැටවුන්ට මේ කාලේ ළමයි ආසක්ත වෙන ජනප්‍රියවාදී ආසාවල් නැද්ද කියල හිතිලා පුදුමයක් ඇති වෙනවා. හර්ෂණ දිසානායකගේ 'පාන්දරින් ඉස්කෝලෙට' සිංදුවේ ළමයා වගේ ළමයි තවම ගල්නෑවේ ඉන්නවා කියලාත් හිතෙනවා.
ඉස්කෝලෙන් ශිල්ප අරං මං ලොකු මිනිහෙක් වෙන්නම්
පෙව්ව කිරට ඇද්ද බරට කළගුණ මං සලකන්නම්
බැරිබර දෙන මේ වියකර නුඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න ගෙජ්ජි වැලක් පළඳන්නම්
ලොකු මිනිහෙක් වෙලා තොප්පි ගොනාට ගෙජ්ජි වැලක් පළඳවනවා වගේ හීන දකින පොඩි උන් මේ ලෝකේ තවමත් ජීවත් වෙනවා කියලා ඇහෙනකොට, හෙට දවස ගැන හිතේ කොණක යම් බලාපොරොත්තුවක් රැඳෙනවා.
'හත්පෙති මල' කතාවේ ශේන්යා අතින් අම්මාගේ මල් පෝච්චිය බිඳෙන්නේ ජනේලෙන් එහා පැත්තෙන් ඉගිළුණ කාක්කො රංචුව නිසා. මොකද , ශේන්යාට ඕනේ වෙනවා ඒ රංචුවේ හිටියේ කාක්කො හතක් ද අටක් ද කියලා හරියටම දැනගන්න. ඉතිං ශේන්යා පුටුව උඩ නැගලා කාක්කො ගණින්න ගිහිං අම්මාගේ වටිනා මල්පෝච්චිය බිඳිනවා. අවුරුදු තිහකට විතර කලින් ළමයෙක් විදියට එහෙන් මෙහෙන් අකුරු අහුලගෙන කියවනකොට සෝවියට් පොතක් ඇතුළෙන් දැක්ක මේ 'ළමා කුතුහලය' මම ආයෙත් වතාවක් දකින්නේ වැඩිහිටියෙක් වුණාට පස්සේ. ශේන්යා වෙනුවට හමුවෙන්නේ ගල්නෑවේ කොලු ගැටව් දෙන්නෙක්. කොළඹ බලලා , ගාලු කොටුව බලලා ලංකා සවාරියක් යන්න හිතන්නේ නැතිව බයිසිකලයක් පැදගෙන ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව බලන්න තරම් කුතුහලයකින් පෙළෙන මනුස්ස පැටව් දෙන්නෙක් පොත් වලින් එළියේ ලෝකේ දකිනකොට මට කත්‍යානා අමරසිංහ අනාදිමත් කාලෙක පත්තරයකට කියපු දෙයක් මතක් වෙනවා. රුසියන් නමක් දැම්මා මදිවට, පොඩි කාලේ ඉඳන්ම කත්යානාට රුසියානු කතා පොත් දීලා 'මේ ළමයාව ඇත්තට ම නැති ලෝකෙක අතරමං කරනවා' යලා අම්මා නිතරම තාත්තට බණිනවාලු. කත්‍යානා ! මම හිතන්නේ ඒ ලෝකේ ගැන අපිට තවමත් පොඩි හරි අපේක්ෂාවක් දල්වන්න පුළුවන්.
මස්ඉඹුලගේ 'සෙංකොට්ටං' නවකතාවේ වීරප්පුලි හේනයා සහ මල්මා රිදී පෙරුම්පුරාගෙන අනුරාධපුරය වන්දනා කරගෙන ආපහු එන්නේ හිස් අතින්ම නෙමෙයි. අනුරාධපුරයට යන්න ලැබෙන්නේ නැති අනික් උදවිය වෙනුවෙන් පොඩි බෝ පැළයක් අතින් දරාගෙන. කුලපීඩිත මිනිස්සු දෙන්නෙක්ගේ දෑතින් ගම්මානයට සේන්දු වුණ ඒ පොඩි බෝ පැළය දසක ගණනාවකට පස්සේ සංස්කරණය වුණු ඉතිහාසයක් එක්ක කුලවතුන්ගේ බෝධියක් බවට පත් වෙනකොට අපිට වේදනාවක් දැනෙනවා. ඒ , අර අනුන්ගේ සතුට වෙනුවෙන් කැපකිරීම් කරපු කුලපීඩිත අඹු සැමියන්ගේ උදාර සිතිවිලි ගැන තියෙන ගෞරවය මුසු හැඟීම් නිසා. අමරකීර්තිගේ 'අටවක පුත්තු' නවකතාවේ පොල් සුනිල් ගැනත් මගේ හිතේ ඒ ගෞරවයම උපදිනවා. පොලිස් ජීප් එක දැක්කාම දමයන්තට කරට නැගලා කම්බි වැටෙන් පනින්න පිට දීලා තමන් කාණුවේ හැංගෙන , දමයන්තව හමුදාවෙන් ඇල්ලුවොත් පෙන්නන්න දෙයක් නැති වෙයි කියලා හිතලා , ආයුධය තියෙන තැන හෙළි නොකරම මැරුම් කාපු පොල් සුනිල් ගැන හිතාගන්න බැරි තරම් ආදරයක් ඇති වෙනවා. ඒ ඔක්කොම සිදුවීම් මේ වෙලාවෙම මට මතක් කරවන්නේ ගල්නෑවේ ලාබාල ලෝක සංචාරකයෝ දෙන්නාගේ අනික් මිතුරා. 'සැලසුම් කළ ආකාරයට එක් පාපැදියකින් තිදෙනෙකුට යාමට නොහැකි නිසා එක් දරුවෙක් ගොස් නැති බවත් .... ' කියලා විතරක් ඉඩක් වෙන්වුණු , මේ ප්‍රවෘත්තියේ සමස්තයම අභිබවන කුඩා දරුවා ට මේ මොහොතේ හිස නමලා ආචාර කරනවා. බයිසිකලයේ තුන්දෙනෙක්ට යන්න ඉඩ නැති නිසා අනික් යාලුවෝ දෙන්නාට ලෝකේ වටේ ගිහිං එන්න කියලා නවතින්න තරම් පරිත්‍යාගශීලි හිතක් තිබුණ තුන්වැන්නා වැඩිහිටි අපිට අනින ටොක්ක හිතාගන්නවත් බැහැ. ඒ අස්සේ මට පේෂලා මෙන්ඩිස්ගේ 'ඉරහඳ මොකටද අපේ ලෝකයට' සිංදුව ඇහෙන්න ගන්නවා. එතකොට මේවා කල්පිතයන් විතරක් නෙමෙයි ද?
මිණිමුතු අතරේ නොරැඳෙන දෑතේ
කැට කැබිලිති රන්මසු වෙනවා
සක්විති රජවරු අප අතරේ නැත
ඔක්කොම දවසක රජ වෙනවා
ශේන්යාට තිබුණු නොතිත් කුතුහලයෙන් පිරීගිය ළමයි වගේ ම , දවසක ඔක්කොම රජ වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන් ළමයි පවා ගල්නෑවේ ඉන්නවා. පරමාදර්ශ භෂ්මාවශේෂ වෙලා නෑ කියලා හිතෙන තැන දි ඒ දරු පරපුර වෙනුවෙන් සතුටු කඳුළක් උපදිනවා.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com3tag:blogger.com,1999:blog-3758181588710430145.post-33194387332323579602020-01-08T20:05:00.000-08:002020-01-08T20:05:05.699-08:00කාල් මලර් ! ඔබට සුබ ගමන්
කාල් මලර් | 1935.10.22 - 2019.12.02
මහාචාර්ය ලියනගේ අමරකීර්ති මේ වසරේ එක්තරා දවසක ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ව දීර්ඝ ෆේස්බුක් සටහනක් යෙදී ය. එහි දී ජීන් අරසනායගම් පිළිබඳ විචිත්‍ර විස්තරයක යෙදුණු ඔහු මෙසේ පැවසීය.
"මා වසන නගරයේම වසන අවසන් බර්ගර් ලේඛිකාව ඇය නොවේවායි මම පතමි. අනෙක් බර්ගර් ලේඛකයා වන කාල් මලර් රෝගීව සිටියි. ඔහුට දැන් ලියන්නට බැරිය. ජීන් තවමත් ලියයි"
අමරකීර්තිගේ වර්තමාන කාල ප්‍රකාශයන් සියල්ලම අතීත කාලයට පරිවර්තනය කරමින් පළමුව , ජූලි මාසයේ දී ජීන් අරසනායගම් අප අතරින් වියෝ වූ අතර දෙසැම්බර් ආරම්භයේදීම කාල් මලර් ද සමු ගත්තේය. සෙංකඩගලපුර සිට ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යය පෝෂණය කළ බර්ගර් වරු දෙදෙනාම එලෙස ඉතිහාසයට එක් වූහ.
ග්‍රේෂන් සාහිත්‍ය ත්‍යාගලාභී ලේඛක කාල් මලර් සිය දිවියේ සැඳෑ සමය චිත්ත වික්ෂේපීව ගත කළ අතර බොහෝ දෑ අමතක වීමේ සැහැල්ලුව අත් විඳමින් සිටියේ ය. ඔහු ඉතිහාසයේ එක් දවසක විසි එක්වැනි වියේ දී අකාලයේ රිය අනතුරකින් මිය ගිය තම ලාබාලතම පුතු ඩෙස්ට්‍රි මලර් කෙරෙහි අපරිමිත ස්නේහයකින් දීර්ඝ ලිපියක් ලියන්නේ ; මහත් ශෝකයෙන් මෙසේ අවසන් කළේ ය.
"අපගේ ඉන්ද්රචාපයට, තම රන් පැහැ තීරය අහිමි වූ නුමුදු ඔහු අපගේ හදවත් තුළ සදාකල් ජීවමානව හිඳිනු ඇත. නැත පුතුණුවනි , මෙය කිසි දිනෙක සමුගැන්මක් නොවේ."
කාල් මලර් එදා ප්‍රතික්ෂේප කළ සමුගැන්ම අද වන විට, එනම් අසූ හතර වැනි වියේ දී භාරගත් පුවත මොහොතකට පෙර සැල විය. ඔහුගේ දෙවැනි පුතු , රොනී මලර් තම මුහුණු පොතෙහි පළමුව සිඳුලෝලියෙක්ව ද රණකාමියෙක්ව ද හිඳ අවසානයේ නිර්මාණශීලි සාහිත්‍යධරයෙකු ලෙසින් මෙලොවින් නික්ම ගිය තම පියාණන් පිළිබඳ ලියූ සටහන මෙසේ නිම කර තිබිණ.
Goodbye Dada. You have gone to finally meet Destry who we said farewell to those many years ago, and we will all meet you again someday, when our time too will come.
"සුබ ගමන් තාත්තේ. අවසානයේ දී ඔබ වසර ගණනාවකට පෙර අපෙන් සමුගත් ඩෙස්ට්‍රි හමුවන්නට ගොසිනි. අපගේ ද මොහොත උදා වූ කවදා හෝ දිනෙක දී යළිත් ඔබ හමු වනු ඇත"
කාල් මලර් ! ඔබට සුබ ගමන්
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com0tag:blogger.com,1999:blog-3758181588710430145.post-41718022010798119052020-01-07T23:04:00.000-08:002020-01-07T23:04:52.213-08:00යුග විලක්කුව
යාපනය විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභාව තමා සංවිධාන කළ මහ විරු දිනය අරභයා ලියන ලද්දක්යැයි පැවසෙන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තැවරුණු සටහනක් කියවන්නට ලැබිණ. එහි මෙසේ සඳහන් වේ.
"අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව
ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව
ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොව
ඔවුන් අපේ දරුවන්ය
ඔවුන් අපේ සහෝදරයින්ය
ඔවුන් අපගේ මිතුරන්ය.
ඒ සෑම දෙයකටම වඩා ඔවුන් අප වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ය.
ඔබ ඔවුන්ව විරුවන් ලෙස පිළි ගත යුතු නැත.
ඔබ ඔවුන්ට වන්දනා මාන කළ යුතු නැත.
එහෙත් ඔවුන් කෙරෙහි අප හද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිළිගන්න. එයම පමණක් අපට ප්රමාණවත්ය. එතුමන්ලා අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පිරිසක් බවට වන සත්‍ය පිළිගත් අප හදවත් බිඳ නොහරින්න.
මේ යථාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සුදානම් වනු ඇත."
සංවිධායකයින් විසින් ඉතා නිරවුල් පැහැදිලි කිරීමක් සමග සංවිධාන කළ යාපනය මහ විරු දිනය සහ මහා සමාජය විසින් ඉතා යහපත් අවබෝධයකින් යුතුව භාරගැනීම සුසාධිත සමාජ ස්ථරයක අනාගත අපේක්ෂා දල්වන සිදුවීමකි. ඔබ අප ජීවත්වන්නේ එවකට දේශද්‍රෝහීන් සහ අපරාධකරුවන් ලෙස බෞතීස්ම වූ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයින් පවා අදටත් නිදහසේ 'ඉල් මහ විරු සමරුව' පවත්වන සමාජයක ය. එසේ නම් මේ දූපතේ ම තවත් මිනිස් කොට්ඨාසයකට තම අහිමි වූවන් පිළිබඳ සංවේදී වන්නට හිමිකමක් නැතිද ?
"රිචඩ් ද සොයිසාගෙ අම්මා මනෝරනි සරවනමුත්තු දොස්තර නෝනා කියල තිබුණා දරුවෙක් නැති වුණා කියන්නේ තමන් නැති වුණා කියනවට කියල. ඒක ඇත්ත. කොයි පැත්තෙන් බැලුවත් උන් බිලි ගන්නෙත්, බිලි දෙන්නෙත් අපේ පුත්තු. උන්ගේ පුත්තු රජ කරවන්න අපේ පුත්තු බිල්ලට දෙනවා" එසේ පවසන්නේ සෝමා ජයකොඩි රචිත "රන්ගිර" නවකථාවේ එන මොණරවිල මාතාව ය. දකුණේ හමුදාවට සහ උතුරේ සටන්කාමීන්ට එකලෙස බලපවත්වන ධර්මතාවක් මොණරවිල මාතාවගේ වදන් තුළින් තියුණු හී සරයක් සේ පපුව තුළ තැන්පත් වේ.
යුද්ධය ; අවි ආයුධ සහ සටන් වැදීම පිළිබඳව පශ්චාත්තාපය තිබෙන්නේ දකුණට පමණක් ම ද ? උතුර යනු යුදකාමීත්වයේ සහ මරණයේ නිම්න භූමිය ද ? එල්.ටී.ටී.ඊ කාන්තා සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වූ තමිළිනී ජෙයක්කුමාරන්ගේ රූපය ඈතින් බොඳ වී පෙනෙන්නට ගනී. ඇය ලියූ කතාව "තියුණු අසිපතක සෙවණ යට" නමින් සිංහලයට නැගිණ. එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුණු එක් තරුණියකගේ පියා පැමිණ තමාගෙන් මෙසේ විමසූ බවත් ඒවා තමා ඒ ප්රශ්නය ඉදිරියේ නිරුත්තර වූ බවත් තමිළිනී ලියුවා ය.
"දුව අරගලයට එකතුවුණ එක ගැන මගෙ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනෙ ඒක. ඒ උනත් දුවේ, හෙට පිට රටවල් වල ඉඳන් දොස්තරලා , ඉංජනියර්ල වෙලා ඉගෙන ගන්න අය මෙහාට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තෙ නැති හිඟන්නො හැටියටනෙ ඉන්ඩ වෙන්නෙ. ඒ ගැන හිතනකොට තමයි මට දුක"
දිවි හිමියෙන් යුදබිමට වැද අනෙකා හෝ තමා නැසෙන තෙක් වෙඩි තබාගැනීම යනු දකුණේ ජීවිත වල අභිප්‍රාය නොවන බව අප දනිමු. එසේ නම් උතුරේ දරුවන් උපදින්නේ 'දකුණ කැති ගා මිස නොමියෙම්' යැයි උදාන වැකියක් පවසමින් ද ? තුවාල ලද ළමා සොල්දාදුවෙක් ලෙස රජයේ හමුදාවට හමු ව ප්‍රතිකාර ලබා පුනරුත්ථාපනය කෙරුණු රදිකා පදමනාදන්ගේ රුව බොඳ වී පෙනෙන්නට ගනී. ඇය ඉරිදා ලක්බිම පුවත්පත ට මෙසේ පැවසුවා ය. "සහෝදර සහෝදරියො හත් දෙනෙක් ඉන්න පවුලක් වෙලත් අපිට එක තුරුළේ ඉන්න බැරි වුණා. මට අදටත් පාරේ තොටේදි එකට යන සහෝදර සහෝදරියො දකිනකොට හිත ඇතුළෙන් ලොකු කඩා වැටීමක් ඇතිවෙනවා , අනේ අපිට පොඩි කාලේ එකට ඉන්න බැරි වුණා නේද කියලා. අම්මලා තාත්තලා එක්ක හුරතල් වෙන්න ඕනේ වයසෙදි මම ළමයි දෙන්නෙක් බලාගෙන මහන්සි වෙලා ඉගෙන ගත්තා. අන්තිමට නැවතුණේ යුද්ධෙන්." කකුලකට වෙඩි වැදී තෙදිනක් පුදුකුඩුඉරිප්පු රෝහලේ සිහි විසඥව සිටින මේ ළමා සෙබළියට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අණ කර තිබුණේ රෝහලෙන් පිටව තම නිවසට යන ලෙසිනි. ඔවුනට කකුල් කැඩුණු අශ්වයින්ගෙන් පලක් නැත.
යුද්ධය නිසා උතුර හෝ දකුණ අහිමි කරගත් දෙයක් විනා දිනූ දෙයක් නොමැති බව අනාදිමත් කාලයක් තිස්සේ මානව දයාව හඳුනන මිනිසුන් පුන පුනා පවසන්නේ මානව සබඳතා යනු හුණු කූරකින් අඳින රේඛාවන් බෙදා වෙන් කළ හැකි දෙයක් නොවන බැවිනි. රෝහණ විජේවීර ඇතුළු පිරිස කතරගම වනගතව සැඟවී ජීවත් වූ කාලය පුරා ඔවුන් හට ආහාර සැපයූ අනූ හැවිරිදි නෙත්තිකුමාර මාතාව මෙලොවින් සමුගත්තේ මාස කිහිපයකට පෙර ය. ඇය රෝහණ විජේවීර සමග මරුමුවට පත් තම පුත්‍රයා ඇතුළු අනෙක් සහෝදරවරු දෙස අවසාන මොහොතේ පවා දැක්වූයේ මාතෘ දාරක ස්නේහයකි. 'ගින්නෙන් උපන් සීතල' නමින් රෝහණ විජේවීර පිළිබඳ සිනමා නිර්මාණයක් බිහිවෙන බව පැවසූ විට ඇය පවසන්නේ "ඔය කොල්ලන්ට බත් ඇදලාමයි නාකි මම තිරිහං වුණේ. මගේ පුතා කවදා හරි බුදු වෙන්න ඕනේ " යනුවෙනි.
මිත්‍රවරුනි ;
රජය ට හෝ ජාත්‍යන්තරයට එසේත් නැතිනම් මේ සක්වළට ම ඔබ ත්‍රස්තවාදියෙක් හෝ අසාදුගත පුරවැසියෙක් විය හැකි ය. එසේ වූ පමණින් ඔබගේ සමීපතමයන් සහ ඔබ අතර පැවති ස්නේහ බන්ධනයන් සහ මතක සමුදායන් අලු දූවිලි වන්නේ නැත.
1999 වසරේ තිරගත වූ සුදත් රෝහණගේ "යුග විලක්කුව" ටෙලි නාට්‍යයට සුනිල් ආරියරත්නයන් ලියු මේ ගීතය ගැයුවේ නිරෝෂා විරාජිනී ය
ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරිවන්නේ
මේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ
එකම රටක එකම බිමක විරු දරුවෝ
දෙපිල බෙදී රණ බිම් වැද අවි දැරුවෝ
කවුරුද සතුරෝ - කවුරුද රණ විරුවෝ
ජය ලද්දෝ දෙපිලම බිලිගත් මරුවෝ
දොර දොර මළබෙර ගොඩ ගොඩ ඇටසැකිලී
අවතැන් ජීවිත දළ සෝ ගිනි ඇවිලී
උරුමය මෙය වේ සටනක කෙළවරදී
තිබේද විසඳුම් ගිනි දඬුවල ලියැවී
මේ ගී පද සහ දකුණේ අපේ මතකයන් සමග උතුරේ මහ විරු සමරුව දෙස අවලෝකනයක යෙදෙන්න. කිසිදා ජයක් හිමි නොවෙන යුද්ධයකින් අහිමි වූයේ අපට පමණක් ම ද ?
අතීතයේ තුවාල පැසව පැසවා ඕජස් ගලන්නට ඉඩ නොදී , ඒවා සුවපත් වන්නටත් , කැළැල් මැකී යන්නටත් ඉඩ හසර සලසන ඕනෑම රජයක් හෝ පාලනයක් කෙරෙහි අපේ ගෞරවය පුද කරන්නේ වඩාත් මානවවාදී අනාගතයක් කෙරෙහි දුටු සිහින රැකගනු පිණිසම ය.
මිත්‍රවරුනි ;
යේසුස් ක්‍රිස්තූන් වහන්සේ කෙරෙහි මහත් වූ විශ්වාසය නිසා ඉතාලියේ පාදිරි පියෝගේ ශරීරයේ හට ගත් තුවාල ශ්‍රී වණ කැළැල් ලෙසින් ගෞරවයට පාත්‍ර වූවාට, වර්ගවාදයෙන් හෝ ජාතිවාදයෙන් පැසවා ඔඩු දිවූ , ඔබගේත් මගේත් හදවතේ තුවාල වලට ඒ අගය ලැබෙන්නේ නැත. ඉදින් ඒ බව වටහා ගනිමු. සුවපත් කරගනිමු.
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com2tag:blogger.com,1999:blog-3758181588710430145.post-56739049782622449222020-01-07T01:47:00.000-08:002020-01-07T01:47:07.477-08:00බදුලු කෝච්චිය
"ඔය බෑග් එක ඔතන තියෙන එක පුතාට කරදරයක් නෙමේ නේද ?" එහා පැත්තේ ආසනයේ ඉන්න වයසක ගැහැණු කෙනා තුන්වෙනි පාරටත් අහනකොට පසන් ට පොඩ්ඩක් කේන්ති ගියා. ඒත් ඒක නොපෙන්නා ඉන්න වග බලාගත්තා. "අපෝ නෑ ආන්ටි" මවාගත්ත මහත්මා හිනාවකින්න් පසන්ගේ මූණ පිරිලා ඉතිරිලා ගියා. "ඒක මගේ කකුලේ වැදෙන්නේ නෑ"
පසන් බදුල්ල කෝච්චියේ දෙවනි පංතියේ වෙන් කරපු ආසනයට නැග්ගේ ගම්පහ ස්ටේෂන් එකෙන්. ටිකට් එකේ විදියට අංක 28 ආසනය හොයාගෙන යනකොට පෙට්ටිය ඉස්සරහම තියෙන වම් පැත්තේ ජනේල ආසනයක් පසන් ට හම්බ වුණා. දෙවනි පංතියේ මැදිරි වල එක පේළියක ආසන දෙක ගණනේ ආසන හතරක් තිබුණා. පසන් වමේ අයිනේ. ඊට මෙහා පැත්තේ තමයි උද්යෝගිමත් ඇන්ටි වාඩිවෙලා හිටියේ. පසන් වාඩි වෙනකොට ඇන්ටිගේ එක ගමන් බෑග් එකක් පසන්ගේ ආසනය ඉස්සරහ කකුල් තියෙන තැනට හේත්තු කරලා තිබුණා. මේ සැරින් සැරේ අහන්නේ ඒ බෑග් එක ගැන. "නෑ... නෑ.. නෑ.. නෑ" කියලා හිනාවක් දාලා වෙනදා පුරුදු විදියට ෆෝන් එකට එබෙන්න ගත්තට වැඩේ හරි ගියේ නෑ. මොන ? ඇන්ටි ට කතාකරන්න හුඟක් දේවල් තියෙනවා වගේ. අන්තිමට පසන් ෆෝන් එකෙන් ෆේස්බුක් එක හරහා ලෝකය බලන අදහස අත ඇරලා අල්ලපු සීට් එකේ කතා සරිත් සාගරයෙන් එපිට ලෝකය බලන්න ගත්තා.
ඒක මෙහෙමයි වුණේ. පසන් කෝකටත් කියලා ඇන්ටිගෙන් ඇහුවා ඕනේ නම් මේ ජනේලේ අරින්නද කියලා. "පුතාට ඕනේ නම් අරින්න" කියපු ඇන්ටි අනෙක් අතට හරස් ප්‍රශ්න කීපයක් අහන්න ගත්තා. එහෙම ජනේලේ ඇරියොත් හොරු ජනේලෙන් අතදාලා බඩු හොරකම් කරනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවාම පසන් කිව්වා එහෙම දේවල් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇන්ටිත් ඒකට එකඟ වුණා. එකඟ වෙලා කිව්වා ඒක එයා අහලා තියෙන්නේ ඉස්කෝලේ යන කාලේදි , එයාගේ තාත්තා රේල්වේ එකේ වැඩ කරපු සංදියේ කියලා. පසන් හිනාවෙලා ජනේලෙන් එළිය බලාගෙන ඉන්න හැදුවට ඒ පාර ඇන්ටිට දැනගන්න ඕනේ වුණා මේ පහු වුණ ස්ටේෂන් එක මොකක්ද කියලා. ඒ වෙනකොට ඇන්ටි දෙවතාවක්ම පසන් ට කියලා තිබුණේ මේ අංක 28 ආසනය වෙන් කරපු කෙනා හරියටම නගින්නේ ගම්පහ ස්ටේෂන් එකෙන් කියලා එයා අනුමාන කරපු බව. "නන්දා ! මම කොළඹදිම කිව්වා නේද?" ඇන්ටි සාක්කි විමසුවේ එහා සීට් එකෙන්. චහ් ! අමතක වුණානේ. එහා සීට් එකේ ඉන්න , බොහොම උනන්දුවෙන් ඔලුව එළියේ දාගෙන කුටු කුටු ගගා යන දෙන්නා මේ ඇන්ටිගේ යාළුවෝ දෙන්නෙක් ලු. තුන්දෙනා ම මේ බදුල්ල කෝච්චියේ ගිහිං හවසට දියළුම ඇල්ල බලලා ආයේ රෑට කෝච්චියෙන් කොළඹ එනවලු. "මම කිව්වා පුතේ පොඩි කාමරයක් අරං නවතිමු කියලා. මොකෝ උස්සං යන්න අපි කෙල්ලෝ යැ. කොහෙද ඉතිං ? මෙයාලා බයයිනේ" ඇන්ටි ඒ කියන අස්සේ අනික් යාළුවෝ දෙන්නා මෙලෝ සිහියක් නැතිව එළියේ ගමන ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. "ඔය වීඩියෝ කරන්නේ පුතාලට යවන්න" පසන්ගේ ඇහැ යොමු වුණේ කොහෙද කියලා දැනගත්ත ගමං ඇන්ටි ස්වේච්ඡාවෙන් ම පැහැදිලි කළා. "එයාගේ පුතා රට ඉන්නේ. ඒ පුතා තමා මේ ගමනට සල්ලි එව්වේ. අනේ ඉතිං දෙවියන් වහන්සේ ඒ දරුවාට වැඩි වැඩියෙන් දෙන්න ඕනේ මේ දක්වන කාරුණිකකම් වලට" කියලා අනෙක් අතට ඇන්ටි තව ප්‍රශ්නයක් මතු කළා. "පුතා බෞද්ධ ද ? මම කතෝලික" පසන් ඔව් කියන්න හිනාවුණා. එතනින් එහාට ඇන්ටි කිව්වේ බෞද්ධ නොවුණාට තමන් සිරීපාදේ ඉඳන් මුතියංගන , අනුරාධපුර , පොළොන්නරු සිද්ධස්ථාන වලට ගිය සංචාර ගැන. "මම නම් ගමනක් යන්න හිතුණොත් තනියම හරි යනවා පුතේ. අපි ඉතිං අද ද හෙට ද දන්නේ නෑනේ. මගේ යාළුවෝ දෙන්නා කොහෙවත් ගිහිං නෑ. ඒකයි අර පුතා සල්ලි එවලා කිව්වේ අපි තුන්දෙනාට බදුල්ල බලලා එන්න කියලා. අනේ ඒ දරුවන්ට ජේසු පිහිටයි" ඇන්ටි ආයෙම ප්‍රශංසා කරන්න වුණා. "ඒ හින්දමයි මම ජනේලේ අයිනේ සීට් එක එයාලට දීලා මැදට ආවේ. මම ඕවා බලලා තියනවනේ." ඇන්ටි හිනාවුණා.
ඊ ළඟට ගත වුණ පැය ඇතුළේ පසන් හෙමින් සීරුවේ ෆේස්බුක් යන්න එකසිය අට පාරක් උත්සාහ කළා. ඇන්ටි එකසිය නම පාරක් බාධා කළා. මෙන්න මේ වගේ හේතු එකසිය නමයක්.
බදුල්ලට යනකොට බිංගෙවල් කීයක් පහුවෙනවද ?
දිගම බිංගේ කොයි එකද ?
මේ වැස්ස දවස් වල ඇල්ල ගිහිං වැඩක් නෑ නේද ?
බදුල්ලෙන් බැහැලා දිය ඇල්ලට ත්‍රී විල් එකේ ගිහිං එන්න තුන්දාහක් ඇති වෙයි නේද ? එක්කෙනෙක් දාහ ගාණේ දානවා. ලේසියි
මොනවා ? පුතා තවම සිරීපාදේ ගිහිං නෑ ?
මන්දාරම් නුවර කියලා එකක් තියෙනවා. ඔයා යන්නම ඕනේ. ගිහිං බලන්න
මව්බිම පත්තරේ "තුරු" කියලා අතිරේකයක් තියෙනවා. කොල්ලො ටිකක් ඇවිදින තැන් ගැන ලියනවා. ඔයා බලලා නැද්ද ? මම නම් ඒ ලිපි ඔක්කොම එකතු කරලා තියෙන්නේ. යන්න ඕනේ
අර ! රිළවෙක්. දැක්කද ? නන්දා .. අන්න නෑයෝ ඉන්නවා. හහ් හහ් හා..
(රහසින්) අර දෙන්නාම මගේ පොඩි කාලේ ඉඳන් යාලුවෝ. අපි එකට පල්ලි ගියේ. තවම පල්ලි යන්නේ එකට. බලන්න ඒ දෙන්නගේ සන්තෝසේ
දෙවියන් වහන්සේ මං ගැන හිතලා තමයි පුතාව මේ සීට් එකට එව්වේ. වෙන කවුරු හරි ආවා නම් මේ නාකි මාත් එක්ක කතා කරන්නේ නෑනේ. ඔයා හිතන්නකෝ. අර දෙන්නා මෙතන හිටියා නම් පුතා එක්ක කතා කරන්නෙත් නෑ. ඒකයි මම කිව්වේ ! දෙවියන් වහන්සේ අපි ගැන බලනවා.
අන්තිමට කියපු කතාවත් එක්ක පසන්ගේ හිත ටිකක් ගැස්සුණා. විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න , පරණ යෙහෙළියන් එක්ක මාසෙකට වතාවක් නාන තැනකට , වන්දනාවකට යන අම්මාව මතක් වුණා. පසන් ෆෝන් එක බෑග් එක ඇතුළටම දාන්න තීරණය කළා. ෆේස්බුක් ගිහිං දේශපාලනය ගැන තමන්ගේ සත දෙක නොලිව්වට , කෑම බීම ගෘප් එකක ෆොටෝ එකක් අල නොකළට මෙතනත් ජීවිතයක් තියෙනවා කියලා පසන්ට හිතෙන්න ගත්තා. ඒ වෙනකොට ඇන්ටි කිය කිය හිටියේ ලේලිගේ හොඳ ගතිගුණ. ලේලි ඇන්ටිගේ ඉලන්දාරි වැඩ වලට කොයිතරම් කැමති ද කියන එක. " මේ ගමන එන්න වියදමට සල්ලි දෙන ගමන් අපේ පුතා මගෙන් අහනවා 'අම්මට ටිකට් බුක් කරන්න සල්ලි කොහෙන්ද'" කියලා" ඇන්ටි අතින් කටවහෙගෙන හිනා වුණා. "එයාලා දන්නේ නෑ මම සල්ලි ඉතුරු කරන හැටි" කිව්ව ඇන්ටි මාස දෙක තුනකට වතාවක් දරුවෝ තුන්දෙනාම ඇඳුමක් ගන්න කියලා වෙන වෙනම දෙන සල්ලි වලින් එක ලාබ ඇඳුමක් විතරක් ගන්න හැටි උජාරුවෙන් විස්තර කළා. "ඔන්න තුන්දෙනාම තුන්දාහ ගාණේ වගේ දෙනවා. මම එක ඇඳුමක් ගන්නවා දෙදාස් පන්සීයකට විතර. අරගෙන ඒක තුන්දෙනාටම වෙන වෙනම පෙන්නනවා , ඔයා දුන්න සල්ලි වලින් ගත්තේ කියලා. ඉතුරු සල්ලි වලින් තමයි පුතේ මම මේ තැන් බලා කියාගන්න වියදම් කරන්නේ" කිව්ව ඇන්ටි පොඩි කාලේ තාත්තා එක්ක රට වටේ ඇවිද්ද හැටියි , දීග ආවාට පස්සේත් වික්ෂෝපමාතා දේවස්ථානේ ආගමික සංචාර ගමන් වලට එකතු වුණ හැටියි පල්ලියේ ප්‍රජා සමිතියේ වැඩ වලට එක එක දිහා සංචාරය කරපු හැටි විස්තර කළා.මොකක්ද ඒකේ සමිතියේ ලස්සන නම ? ශ්‍රී හෘදය සමිතිය. සෙක්‍රඩ් හාර්ට් සොසයිටි.
"අපේ පුතාලා එක්ක ට්‍රිප් යනවා වුණාට ඒවා මේ වගේ නිදහස් නෑනේ. ගිය වෙලාවේ ඉඳන් පිරිමි ටික බොනවා. මමයි ලේලියි කුස්සියේ ඉඳන් බයිට් හදනවා ; උයනවා. ළමයි බලාගන්නවා. ට්‍රිප් එකක් ගියා කියලා වෙනසක් නෑනේ" ඇන්ටිගේ කතාව අස්සෙන් පසන් ට එකපාරට ම අම්මාව මැවිලා පෙනෙන්න ගත්තා. "මෙහෙම ආවාම නිදහස්. අර ප්ලාස්ක් එකේ තියෙන්නේ කිරි තේ" ඇන්ටි යෙහෙළියන්ගේ කකුල් ළඟ තියෙන බෑග් එකකට අත දික් කළා. "මම කිරි බොන්නේ නැති නිසා ඔය ප්ලාස්ක් එකේ කහට දාගෙන ආවා" පසන්ගේ කකුල් දෙක ළඟ තියලා තිබුණ වසරේ මාතෘකාව වුණ බෑග් එක පෙන්නලා ඇන්ටි කිව්වා. කිරි , තේ කහට අස්සේ පසන්ට ආයේ ආයෙම අම්මාව මැවිලා පෙන්න ගත්තා. අම්මා කවදද අන්තිමට තනියෙන් විනෝද ගමනක් ගියේ ?
ඔය අස්සේ පසන් බෑග් එකට දාපු ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒක මේ යාළුවෙක්ගෙන් නිකං එදිනෙදා විස්තරයක්. ෆෝන් එක ගන්න අත දානකොට ඒ එක්කම අතට ආපු කතා පොත පසන් සීට් එක ඉස්සරහ තියෙන පොඩි මේසය වගේ කොටසෙන් තිබ්බා. ඒ දිලීප ජයකොඩිගේ "ලයිල ලයිල ලා" පරිවර්තනය. කෝල් එක ඉවරවෙලා පසන්ට ෆේස්බුක් ඇප් එක තියෙන තැන දිහාවත් බලන්න වුණේ නැහැ. ඇන්ටි පොතට අත දික් කළා. "අනේ ! පුතාත් පොත් කියවනවද ? " කියපු ඇන්ටි උත්තරයක් අපේක්ෂා නොකරම කතා කරන්න ගත්තා. "මම දිලීප ජයකොඩිගේ පොත් හුඟක් කියවල තියෙනවා. මම හුඟක්ම ආස පරිවර්තන වලට. වෙන එකක් තියා මම "හෙයිඩි" බලලා ඇති පනස් පාරක්වත්. මම "හෙයිඩි" මුලින්ම කියෙව්වේ නමසිය හැට ගණන්වලදි " කතා පොත් අස්සෙන් තව ස්ටේෂන් කීපයක් , බිංගෙවල් කීපයක් පහු වුණා. එව්වායේ නම් ලියාගන්න කියලා යාලුවන්ට අණ කරන ගමන් ඇන්ටි කතා කරගෙන කරගෙන ගියා. වයස හැත්තෑ අටක ඇන්ටි පුස්තකාලෙට යන්න පඩි හැටක් නගිනවලු. පොතක් කියවන්න සති දෙකක් දුන්නට ඇන්ටි දවස් තුනෙන් පොත් ටික කියවනවලු. ඒ පුස්තකාලාධිපතිනියත් හරි හොඳයි ලු. ඇන්ටි හොයන පොත් ගෙන්නලාත් දෙනවලු. " පොලියානා පොත් තුන ම ගෙන්නලා දුන්නානේ. ඒක නියමයිනේ. ආහ් ! ඔයත් කියවලා තියෙනවද ?" ඇන්ටි විස්මය පල කළා. "මමයි ලේලියි ගෙදර ඉන්න ගමං සමහරවෙලාවට "සතුටුවෙන සෙල්ලම" කරනවා" ඇන්ටි හිනාවෙන සද්දේ කෝච්චි පෙට්ටිය පුරා පැතිරුණා. "බාගෙට උයපු දවසට අපි හිතාගන්නවා අද නම් අපි කන්නේ වෑංජන පහක් එක්ක රජ කෑමක් කියලා. හොඳම වැඩේ කියන්නේ අපේ දුවට ඒ සෙල්ලම තේරෙන්නේ නෑ. එයා මගෙනුයි ලේලිගෙනුයි අහනවා , ඔයාලට පිස්සුද අනේ කියලා" ඇන්ටි ආයෙම හිනාවෙලා මෙහෙම කියනවා. "අපි හිනාවෙනවා විතරයි"
පොත් කතාව ඇදීගෙන යනකොට ඇන්ටි කිව්වා කත්‍යානා අමරසිංහගේ පොත් වලටයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ පොත් වලටයි හුඟක් ම කැමතියි කියලා. තව පොඩ්ඩෙන් ඇන්ටි "සෙංකොට්ටන්" කතාවත් පසන්ට කියාදෙනවා. පසන් ඔය අතරේ කවදාවත් නොකරන වැඩක් කරන්න තීරණය කළා. ඇන්ටිටත් නොකියා මේ උදේ පාන්දරම කත්යානාටයි මස්ඉඹුලටයි කෝල් ගත්තා. ඒ දෙන්නාම පසන් ටිකක් අඳුනනවා. මුලින්ම කත්‍යානා ට කෝල් එකක් අරං කාටද කතාකරන්නේ කියලා ඇන්ටිට නොතේරෙන්න මේ උද්යෝගීමත් කියවන්නිය ගැන විස්තර කළා. පස්සේ ඇන්ටිට ෆෝන් එක දුන්නා "මෙන්න කත්‍යානා ට කතා කරන්න" කියලා. කත්‍යානා අනෙක් පැත්තෙන් කතා කරනකොට ඇන්ටිගේ කට විස්මයෙන් ඇරුණා. ටයිටැනික් චිත්‍රපටයේ මිත්තණිය අතීතය සිහිකරන මොහොත වගේ මූණ පුදුම සතුටකින් ඇඳුණා. "ඔයා මොන වගේ කෙනෙක්ද කියලා මම හිත හිත හිටියේ" ඇන්ටි එහෙම කිව්වා. මස්ඉඹුලගේ ඇමතුමට නම් ඇන්ටි පුහුණු නිවේදිකාවක් වගේ ගැම්මට කතා කළා. කවදාහරි දවසක කොහේහරි දැක්කොත් කතා කරනවා කිව්වා. මිනිස්සුන්ට වැඩක් වෙන පොත් ලියන්න ඕනේ විදිය ගැනත් කියලා දුන්නා. "මම ඔය බොළඳ කතා නම් කියවන්නේ නෑ. ඔයාලා ඒවා නොලියන එකමයි හොඳ". ඇන්ටි අර "සෙංකොට්ටං" ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට අවවාද කළා.
එතකොට සරසවි උයන ස්ටේෂන් එක පහුවෙලා. පසන් නුවර බහින්න බෑග් ලෑස්ති කරන්න ගත්තා. ඇන්ටි අර පොත් ලියන කට්ටිය කොහොමද පුතාගේ යාලුවෝ වුණේ කියන එක ගැන අහන්නයි, කෝල් අරගෙන කතා කරන්න දුන්න එක ගැන පසන්ට ස්තුති කරන්නයි , ඇන්ටිගේ මිණිබිරී ලියන කෙටිකතා ගැන විස්තර කරන්නයි වෙලාව ගත්තා. නුවර ස්ටේෂන් එකේ කෝච්චිය නැවැත්තුවා. පසන් ඇන්ටිටයි යෙහෙළියෝ දෙන්නටයි කතාකරලා සමුගන්න හදනකොටම ඇන්ටිගේ ප්‍රීතිමත් කටහඬ ආයෙම ගිගුම් දෙන්න වුණා. " බලන්න ! මම අයිනේ සීට් එක මෙයාලට දුන්න නිසානේ මට කතා කර කර යන්න පුතාව හම්බ වුණේ. පුතාව හම්බවුණ නිසානේ මට මහින්දටයි කත්යානටයි කතා කරන්න හම්බ වුණේ. මම කොච්චර ආසද ඒ දෙන්නාගේ පොත් වලට. දෙවියන් වහන්සේ අපි දිහා බලාන ඉන්නවා කියන්නේ ඒකයි පුතේ. ඔයාව මෙතෙන්ට එව්වේ දෙවියන්වහන්සේ ම තමයි" ඇන්ටි පසන්ගේ අත මිරිකගෙන කියාගෙන ගියා.
“ජේසු පිහිටයි පුතේ ! “
Kaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.com1