ග්‍රාම නිලධාරියෙක්ගෙන් සමාජයට සිදුවන සේවය



"හෝ ගාන පොකුණ" චිත්‍රපටය ටී.වී එකේ යන නිසා නිකමට කොටසක් බැලුවා.
අලුත් ටීචර් ඉස්කෝලේ උදේ රැස්වීමට අලුත් සම්ප්‍රදායක් අඳුන්නලා දෙනවා. හැම ළමයාම දවස ගාණේ මොකක් හරි මාතෘකාවක් යටතේ කතාවක් කරන්න ඕනේ.
චිත්‍රපටයේ ඉන්නවා බක පණ්ඩිත තාත්තා කෙනෙක්. උන්දැ තමයි ගමේ ග්‍රාම නිළධාරියා. එයාගේ පුතාගේ කතාව තියෙන්න නියමිත දවසට කලින් දවසේ කෙනෙක් අහනවා 'හෙට පුතා මොකක් ගැන ද කතා කරන්නේ' කියලා. අරුන්දැ උජාරුවෙන් කියනවා.
"ග්‍රාම නිලධාරියෙක්ගෙන් සමාජයට සිදුවන සේවය"
හැබැයි පොඩි එකා ඊ ළඟ දවසේ උදේ බොරු බඩේ අමාරුවක් අරගෙන බොරුවට මැරෙන්න හදනවා. අන්තිමට කොල්ලා ඉස්කෝලේ යන්නේත් නෑ. තාත්‍තා දුන්න මාතෘකාවෙන් රැස්වීමේ කතා කරන්න වෙන නිසා .
දැන්නේ යකඩෝ තේරෙන්නේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ට ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දි අනිවාර්යයෙන් ම දෙන්න තිබුණ "විශ්ව කීර්ති" සම්මානේ , දෙනවා දෙනවා කිය කිය ඉඳලා උළෙල දවසේ දි "සම්මානයට සුදුස්සෙක් නැහැ" කියන ගොං කතාවත් එක්ක කාටවත් නොදී හිටියේ ඇයි කියන එක. 
"ග්‍රාම නිලධාරියෙක්ගෙන් සමාජයට සිදුවන සේවය" ගැන කතාකරන්න කිව්වාම පොඩි එවුන්ට පවා බඩේ රුජාව හැදෙනවා කියලා තියෙන ෆිල්ම් එකට ලංකාවේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දි "විශ්ව කීර්ති" සම්මානේ දෙයිද හිටං ?


විශ්ව කීර්ති සම්මාන හුටපටය : 

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment