චාල්ස් පියතුමා හෝ සහෝදරතුමා කියන හැඳින්වීමෙන් යුතු පුද්ගලයෙක්ගේ සාහිත්‍යය විචාර , ගීත ගායනා වැඩසටහනක් අහම්බෙන් යූ ටියුබ් එකෙන් නරඹන්න ලැබුණා. චාල්ස් "සඳකැන් වැසිලා" ගීතය ගායනා කරලා ගීතය රසවින්දනය කරනවා. නැවත නැවත ඒ ගීතයේ තෝරාගත් පද ගායනා කර කර තමන් කියන්න හදන කාරණය සාධනය කරනවා. චාල්ස් ගේ ප්‍රියතම ගී පාදය තමයි " මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු - අසල්වාසියෙකු සොයනු පෙනේ" කොටස. තමන්ගේ ආදරණීය බිරිඳ වෙනත් පුරුෂයෙක් සමඟ යහන්ගත වෙලා ඉන්නවා දකින විවාහක පුරුෂයෙක් ඒ සිදුවීමේ කම්පනය උපේක්ෂාවෙන් දරාගන්නා හැටි මෙහෙමයි කියලා උත්කර්ෂයට නගන චාල්ස් ඒ ආශ්‍රයෙන් පවුල් සංස්ථාවට ගන්න පුළුවන් ආදර්ශ ගැන කතා කරනවා.
ඔක්කොම හොඳයි. එකම දේ ඒ සිංදුව ගැන මූලික හැඳින්වීම කරනකොට චාල්ස් ගේ ප්‍රවේශයේ කියවෙන්නේ "මේ ප්‍රේමකීර්ති ද අල්විස් මුහුණ දුන්න අත්දැකීමක්" වගේ අදහසක්. ඒ කියන්නේ ප්‍රේමකීර්තිගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක යහන්ගත වෙලා ඉන්නවා ඇහැට දැක්කට පස්සේ ඒ කම්පනයට ලිව්වා කියන එක. චාල්ස් ට කවුද එහෙම කිව්වේ ? ප්‍රේමකීර්තිම ද ?
අවංකව ම කතා කරනවා නම් මේ ගීතයේ අර්ථය මේ වගේ දෙයක් කියන අදහස එළියේ කතාවෙන පළමු අවස්ථාව මේක නෙමෙයි. චාර්ල්ස් ට කලින් ඉඳන් බොහෝ දෙනෙක් ඒක එහෙමයි කියලා විශ්වාස කරන ගමං තව අයට තහවුරු කරලා ඒ දේ ම බලහත්කාරයෙන් ඒත්තු ගන්වන්න හදනවා. මේ වගේ ජනකාන්ත මිථ්‍යා මත මුලින් පැතිරෙන්නේ අනුමාන සහ සම්භාවිතාමය ස්වරූපයෙන්. පස්සේ කාලයක් යනකොට අර අනුමාන සහ සම්භාවිතාමය ප්‍රශ්නාර්ථය හැලිලා කාරණය නියතයක් ,පරම සත්‍යයක් බවට පත් වෙනවා. හැම දෙනාම වගක් විභාගයක් නැතිව මේ ප්‍රලාප බෙදා හදාගන්නවා.

සිංදු වලට විවිධ අර්ථකථන දෙන්න උත්සාහ කරන එක සාහිත්‍යකරණයේ දී ශක්‍යතා දියුණු කරගන්න හොඳ අභ්‍යාසයක්. ඒත් එහෙමයි කියලා ජීවත්වෙලා ඉන්න ගෑණු මනුස්සයෙක් සමස්ත සමාජයකම පරීක්ෂණාගාර මීයෙක් වෙන එක හරිම ඛේදජනකයි. ප්‍රේමකීර්ති ද අල්විස් අඩු වයසෙන් සහ සන්නිවේදන මාධ්‍යය අද තරම් නොදියුණු යුගයක දී සාහසික වෙඩි පහරකින් මිය යනවා. අද වෙනකොට ප්‍රේම් සොඳුරු බවේ , මනුෂ්‍යත්වයේ සහ උත්තරීතර බවේ සංකේතයක් වෙලා. ප්‍රේම් ලියපු අව්‍යක්ත පද සහිත ගීත පවා විශිෂ්ඨයි කියලා උත්කර්ෂයට මැවෙන සමාජයක ඒ හැම ගීතයක් ඇතුළෙම ප්‍රේම්ගේ ජීවන අත්දැකීමක් ඇතිය කියලා උපකල්පනය කරන්න පෙළඹෙනවා. මේවාට දරදිය සපයන කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමයි දසක ගාණක් තිස්සේ සාහිත්‍ය , කලා සමාජ වල ගැවසෙන , ඒ සමාජය ආශ්‍රය කරන ඒ වුණත් තමන්ට කියලා ස්ථාවර නමක් හදාගන්න බැරිවුණ කණ්ඩායම. ඒ අයගේ අවසාන උත්සාහය තමයි මේ සයිබර් අවකාශය සෘජුව හෝ වක්‍රාකාරව ඉලක්ක කරගත් වේදිකාව. "රජ කුල රහස මැති නිය" දැන සිටි සැලලිහිණියා වගේ ම තමනුත් ඒ කලා ලෝකයේ කෙරුම්කාරයින්ව හොඳට දැන සිටියාය , ඒ රහස් පවා තමන් දන්නවා ය කියන එක හරහා අලුත් වෙළඳපොළක් අලුත් ප්‍රේක්ෂකාගරයක් විවෘත කරගන්න එක තමයි මේ අයගේ උපක්‍රමය. පළිඟු මැණිකේ නාට්‍යයේ සූරසේන ගමට ඇවිත් කොළඹ ගැන කියනවා වගේ තමයි මේ වගේ අයගේ කලා ලෝකයේ රසබර තැන්. ඒවායේ අවසාන ගොදුර තමයි ජීවත් වෙලා ඉන්න මිනිස්සු.

මම මේ තරම් දුරට මේක ලියන්න හේතු වුණේ දයා ද අල්විස් කියන ගීත රචිකාවට තියෙන අප්‍රමාණ ගෞරවය සහ ඇගේ නිහඬතාවය උඩ හබන් කුකුළන්ට මඟුල් අවස්ථා සැපයෙන බව පේන නිසා.
මිත්‍රවරුනි,
ඔය "සඳ කැන් වැසිලා" සිංදුව අල්ලගෙන ලියන හැම යාං හෑල්ලක්ම පිටිපස්සේ ඔබලා නොදැනුවත්ව උත්කර්ෂයට නගන "පවුල් සංස්ථාව" සහ "කුටුම්භය" කියන දේ මාරම මාර දෙයක් නම් , මෙන්න මේ දේත් අමතක කරන්න එපා. දයා ද අල්විස් කියන කාන්තාව ප්‍රේමකීර්ති ද අල්විස් එක්ක විවාහ වෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා වුණු ලේඛක සෝමපාල රණතුංගයන් මිය ගියාට පස්සේ. මුල් විවාහයේ පුතාත් එක්ක දයා ව භාරගන්න ප්‍රේමකීර්ති , තමන්ට දාව සුරංගි ද අල්විස් හම්බ වුණාට පස්සේ දයාගෙන් වෙන් වෙලා වෙනත් විවාහයක් කරගන්නවා. ඒක ප්‍රේම්ගේ කැමැත්ත. හැබැයි අමතක කරන්න එපා දයා තනියම හරි තමන්ගේ දරුවෝ දෙන්නාව හොර මැරකම් නොකර ලෝකෙට බරක් නොවෙන්න උස් මහත් කරපු බව. මේ ඡේදය කියවනකොට විවාහය හෝ නැවත විවාහ වීම කියන එක පුද්ගලික අයිතියක් ය කියලා හිතෙන්න ගත්තා නම් මෙච්චර කල් දයා ද අල්විස් ගැන තමන්ගේ කෝණෙන් කතා කරනකොට එයා ට ඒ පුද්ගලිකත්වය අහිමි වුණේ ඇයි කියලත් ආපහු පාරක් හිතන්න.
ප්‍රේමකීර්ති සාහසික වෙඩි පාරකින් මැරුණා. එක පාරට මාර ම සුන්දර මනුස්සයෙක් වුණා. ගුවන් විදිලි සංස්ථා ඉතිහාසයේ කාගෙන්වත් අහන්නේ නැතිව වුණත් ප්‍රේම් කියන්නේ කිසිම වැරැද්දක් නැති , කැළලක් නැති උත්තරීතර චරිතයක් බවට පත් වුණා. ගතානුගතික සමාජය ප්‍රතික්ෂේප කරන දේවල් ප්‍රේම් අතින් වුණා නම් ප්‍රේම් ලියපු සිංදු උපුටා අරගෙන ඒ තීරණ ගන්න වුණේ දයා ද අල්විස් ගේ වැරැද්දෙන් ය කියලා ඒක පාර්ශ්වීය තීන්දු ගත්තා.
ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වුණු මොහොතේ ධර්මසිරි ගමගේ මෙහෙම ලිව්වා.
"කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අදුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු. පසුදා උදැසන ඔහු හෝමාගම රෝහලේ සිමෙන්ති බංකුවක් මත වැතිර සිටියේය. නල දත ඉතිරි වන සේ මුවට වෙඩි තබා තිබුණද මරණයට සිනහව උදුරා ගත නොහැකි විය."
දයා ද අල්විස් ජීවත් වන මොහොතේ සහන් කසීර වික්‍රමසිංහ කියලා කෙනෙක් මෙහෙම ලියනවා.
"ගීත රචිකාවකගේ ජීවිත පුෂ්පය රුදුරු වෙඩි පහරවලින් මිලාන වෙමින් පවතී. මල් පෙත්තක් බඳු ඇයගේ හදවත සිදුරු වෙමින් දැක දැක ම අප රැයක් දහවලක් නොමැතිව ඒ ප්‍රලාපයන් බෙදා හදාගන්නෙමු. අහිමි වීම් රැසකට මුහුණ දී ජීවිතය පමණක් ඉතිරි වූ ගැහැණියකගේ සිනහව උදුරා ගැනීමට එක ගීතයකට හැකි විය"
මිත්‍රවරුනි;
වෙඩි උණ්ඩයට වඩා මරණීය තුවාල , කටකතා විසින් සදාතනිකව ඉතිරි කරනු ඇත.
හිතවත් කසීර... ඔබගේ ලිපිය කියවූ මා, ඔබට යමක නිවැරදි කලයුතුයි.. චාල්ස් තෝමස් යනු සාමාන්‍ය ගිහි කෙනෙකු මිස කතෝලික පියතුමෙකු හෝ සහෝදරතුමකු නොවෙයි... අනික් කරුණ, ප්‍රේමකීර්ති මහතා ලියන ලද " රත්තරන් මැණික් " ගීතය ගැන හරි විස්තරය දැනගන්න නම් දෙරණ නාලිකාවේ ප්‍රචාරය වුන ශ්‍රීමතී තිලකරත්න මහත්මිය සහභාගී වුන " ගී මතක " වැඩසටහන නරඹන්න.....
ReplyDeleteDear Kaseera,
ReplyDeleteI salute you for standing of voiceless women.
Best,
DiM