Dong Fangxiao | වංචාව සහ හෙළිදරව්ව | 2000


2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ කන්තා ජිම්නාස්ටික් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ (Team) ලෝකඩ පදක්කම හිමි වූයේ චීනයට ය. පදක්කම්ලාභී චීන කණ්ඩායමේ සාමාජිකාවක වූ Dong Fangxiao, කේවල භූමි ව්‍යායාම ඉසව්වේ (Floor Exercise) 6 වැනි තැනත් , පිණුම් අශ්වයා ඉසව්වේ (Vault) 7 වැනි තැනත් දිනා ගත්තාය. Dong Fangxiao සිඩ්නි ඔලිම්පික් උළෙලට පෙර වසරේ දී , එනම් 1999 වසරේ චීනයේ ටියෑන්ජින්හි පැවති ලෝක සූරතා ජිම්නාස්ටික් තරගාවලියේ දී කණ්ඩායම් ඉසව්වේ (Team) ලෝකඩ පදක්කම දිනා ගත් දිනා ගත් අතර කේවල තරග තුනම පරාජයට පත් වූවාය.
Dong Fangxiao 2008 වසරේ චීනයේ පැවති බීජිං ඔලිම්පික් උළෙලට තාක්ෂණික නිළධාරිනියක ලෙස අයැදුම් කර තිබුණාය. ඇය ජාත්‍යන්‍තර ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි වීමේ දී සහ ඇගේ ජීව දත්ත පත්‍රය එවීමේදී තම උපන්දිනය ලෙස සඳහන් කර තිබුණේ 1986 ජනවාරි 23 දා ලෙසිනි. එම අයැදුම්පත සලකා බැලීමේ දී ඇගේ පූර්ව වාර්තා කැඳවූ කමිටු නිළධාරීන් යම් පරස්පරතාවක් හෙළිදරව් කර ගැනීමට සමත් විය.
ඇය 1999 ලෝක සූරතාවලිය සහ 2000 ඔලිම්පික් උළෙල යන තරහාවලි සඳහා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අනුව ඇයගේ උපන්දිනය වන්නේ 1983 ජනවාරි 20 වැනි දාය. ඒ අනුව ඇය එම තරග වලට සහභාගී වී ඇත්තේ වයස අවුරුදු 16 සහ 17 දී ය.
නමුත් ඇය ක්‍රීඩාවෙන් සමුගෙන වර්තමානයේ භාවිතා කරන උපන්දිනයට අනුව 1999 වසරේ දී ඇය 13 හැවිරිදි ය. 2000 වසරේ දී 14 හැවිරිදිය.
වත්මන් ජාත්‍යන්තර නීතියට අනුව ජිම්නාස්ටික් තරග සඳහා අවම වයස අවුරුදු 16 කි.
Dong Fangxiaoට වැඩි වයසක් පෙන්වා ක්‍රීඩා කළ වරදට චීනයේ පදක්කම් අවලංගු කළ අතර අදාල තරගාවලි ද්විත්වයේ ඇයගේ සියලුම ප්‍රතිඵල අවලංගු කෙරිණ.
2000 වසරේ ඔලිම්පික් ලෝකඩ පදක්කම ඇමරිකානු කණ්ඩායමටත් 1999 ලෝක සූරතා ලෝකඩ පදක්කම යුක්රේන කණ්ඩායමටත් පිරිනැමිණ.
වංචාව පසුපස හෘද සාක්ෂ්‍යයේ සෙවණැල්ල නිහඬව ගමන් කරන්නේය. ඇයට ඒ බව අමතකම වී තිබිණ.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. වංචාව පසුපස හෘද සාක්ෂ්‍යයේ සෙවණැල්ල නිහඬව ගමන් කරන්නේය. ❤️

    ReplyDelete