Dick Fosbury | උස පැනීමේ විප්ලවය |1968


ඇමරිකානු ක්‍රීඩක Dick Fosbury විසින් 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ දී මීටර 2.24 ක පිම්මක් සමග රන් පදක්කම දිනා ගත්තේ නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමිනි.
Fosbury ඉතිහාසගත වන්නේ ඒ පදක්කම නිසා නොව, ඔහු ක්‍රීඩා ක්ෂේත්‍රයට හඳුන්වාදුන් නව 'Back - First' පිනුම් තාක්ෂණය නිසාය. අද වන විට සියලුම උස පැනීමේ ක්‍රීඩකයන් භාවිතා කරන එම පිනුම් තාක්ෂණය Fosbury Flop ලෙස නම් කර ඇත.
1968 වසරේ දී Dick Fosbury විසින් ඔබ අප අද දකින මෙම පිම්ම හඳුන්වා දෙන තෙක්ම ක්‍රීඩකයින් පුරුදුව සිටියේ ඉදිරියට දිව විත් වරකට එක කකුල බැගින් හෝ කකුල් දෙකම එකවර තරණය වන ලෙස උඩ පැනීමටය.
1968 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට සහභාගී නොවූ Dick Fosbury ඒ කාලවේලාව අව්ව තපින්නටත් නගර සංචාරය කරන්නටත් යොදා ගත්තේය. තරගයට පෙර වැඩි පුහුණුවීම් නොකළ ඔහු වර්ග දෙකක පාවහන් යුවලක් ද පැළැඳ තරග වැදුණේය. ඉංජිනේරු සිසුවෙකු වූ ඔහු තම දැනුම ඇසුරින් නව තාක්ෂණික පිම්මක් හඳුන්වාදුන් නමුත් ඉන් පසු කිසිම ඔලිම්පික් උළෙලකට තරග නොවැදුණේය.
නමුත් Fosbury Flop අදටත් ක්‍රීඩා පිටියේ ජීවමානය.

1 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment