උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
ඉගිලී මිස කැරකී මිස
බිමට ආවේ - නෑලු මල්පෙති

අලුත් නෑනා විසි නොකළ නම්

තාම ඒ පොත මහගෙදර ඇති


ෆියට් රථයක බිඳෙන මූණත
රත්මලීගේ කඳුළු තැවරූ
බවදුකේ හිටි නෝනහාමිට
හොඳම නිළියට තෑගි ලැබුණා
වේදිකාවෙන් ඇහුණු දේකට
අනේ අම්මේ මටත් ඇඬුණා

බෝඩිමේ බඩු අඩුක් කරලා
පරණ සඟරා එකට බැන්දට
ආයේ ඕවා ලෙහන්නටවත්
හම්බවේදැයි කියනු බෑ
ඩයනාගේ ලොකු රූපේ ගත්තට
වාහනේ ඉඩ තිබුණේ නෑ

ඇහැළ ගස් දැන් මලින් පිරිලලු
අඹත් රඹුටන් ජම්බු හැදිලලු
දරකඩන්නට නොදන්නා මුත්
තාම මම ඒ දෝණිමයි
මාව දෙන්නෙත් මාව ගන්නෙත්
කැළේ ඉන්නා නරියමයි

අබරණ ලමින් ඉදිමුම් වසමි
රතිකෙළි යෙදෙමි - දරුවන් වදමි
හිමි එන මගම පා ඇණුමෙන් නැගී
දාසිය ලෙසින් ගේ තුළ වෙසෙමි
අඟුන කොළ කපනකොට
කතා ගුණ නැති බව දනිමි
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment