බුද්ධ නීතියෙන් බැඳීම හෙවත් බුද්ධ චීවරයෙන් තක්කඩි කම වසා ගැනීම


දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවට වරදකරු වුණු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි හට හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දෙන ලදි.
තම ස්වාමියා වූ කෝවලන් මරා දැමූ පසු වම් පියයුර කඩා දමා මදුරා පුරය ගිනිබත් කළ කන්නගී ගැන කියැවෙන්නේ පත්තිනි පුරාවතේ ය. ළයෙහි හීයක් ඇනී කිඳුරා මියැදුණු විට සක්වල ලෝක පාලක දෙවියන් යදිමින් හැඬූ කිඳුරිය ගැන කියැවෙන්නේ චන්ද කින්නර ජාතකයට ය. පුතුන් මළේ යැයි විශ්වාස කරවන්නට එළු ඇට පෑ විට මේ මගේ පුතා වන්නට බැරි යැයි එබස් නොඅදහන පියාණන් ගැන පවසන්නේ මහා ධර්මපාල ජාතකයටය. සිය වලිගයෙන් මුහුද සිඳ පැටවුන් බේරා ගන්නට වෙර දැරූ ලෙහෙනියක් ගැන කියවෙන්නේ කලන්දක ජාතකයට ය.
ගමේ පන්සලේ , දහම් පාසලේ , බණේ පිරිතේ , රූපවාහිනියේ මේ සියලු කතන්දර ඇස් ලොකු කරමින්, මනාව රඟ දක්වමින් දෙසන්නේද බුද්ධ චීවරය දරන සංඝයා වහන්සේලාම ය. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලන ගැහැණුන්ට බැණ තර්ජනය කරන්නේද ඒ බුද්ධ චීවරය දරන සංඝයා වහන්සේලාම ය. වරදට නීතියෙන් දඬුවම් නියම වූ විට බුද්ධ චීවරයෙන්ම තක්කඩි කම වසා දමන්නට උත්සාහ කරන්නේ ද ඒ සංඝයා වහන්සේලාම ය.
මිත්‍රවරුනි ;
සංඝ සමාජයේ භාෂිතය සහ ක්‍රියාව අතර දිගින් දිගටම පරස්පරතාවක් පෙනෙන්නේ නම් , ධර්ම සංගායනාවක් පවත්වා දුසිල් මහණුන් සසුනෙන් නෙරපන ලෙස බල කිරීමට කාලය එළැඹී ඇත.
ගිහියාට සුභාෂිතය , ලෝකෝපකාරය පාඩම් කරන්නට බල කරන , තමන්ගේ ප්‍රශ්න වලදී සිවුර උස්සාගෙන මැරයින් සේ හැසිරෙන පැවිද්දන් කොට්ඨාසයක් වෙනමම නඩත්තු කළ යුතුද ? පොදු නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ භූමියක් තුළ දී ගිහියන්ට මැරකම් පා අසු වූ විට බුද්ධ නීතියක් ගැන කියමින් තක්කඩියන් මුදාලන්නට දත කන පරපෝෂිත කහකඩ ප්‍රජාවක් නඩත්තු කළ යුතුද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Hi, Sahan unfortunatly we dont have enough Guys who has guts to say the Truth. first of all Buddhisam is not a religion ,its a Philiosophy, our Parents is cheating US from birth and write Buddhisam as our religion in Birth certificate.....what a Tragedy.
    i dont have time to write today about the LUXury ,buddhist Monk having in this poor country,also how much land they own......this is a tragedy, but we dont have people have guts to say it....

    do they follow Buddhism............? Not at all..

    they want us to follow budhisam and they go in the PAJARO...

    what a Buddhisam......how much money they have in Bank..?

    Is that buddhism..?

    unfortunatly there are only 5 to 10 per Buddhist Monk are practicing real buddhisam in SL.

    We are braib washed from 6/7 years about so call religion and they LIVE a luxury life.......and ask ask and ask every day for our money,I feel they are begging
    Just Think about the " PIN KATAYA" in Temples

    i hope the sri lankans release this in 50/100 years.

    Thanking you for your guts, admire. Sahan

    ReplyDelete
  2. Hi there,
    I totally agreed with u too Sahan.
    I didn't realized how much our brain were washed by our elders to believe and tolerate this thugs.
    We all under civil law and how come these monks are not.
    I was personally very happy the day he was arrested. Atleast a green light for equality.

    No one have right to destroy someone's human right. Speacially Buddhist monk should be more relax and calm as they suppose to be.

    I managed to explain this to my mother and she understood the difference. We really need to make people understand ( I hope people do so)
    Anyway please do write more about these thugs.. people deserve to know more about them.. and criminals should be punished not to worship..

    ReplyDelete