"දුව අරගලයට එකතුවුණ එක ගැන මගෙ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනෙ ඒක. ඒ උනත් දුවේ, හෙට පිට රටවල් වල ඉඳන් දොස්තරලා , ඉංජනියර්ල වෙලා ඉගෙන ගන්න අය මෙහාට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තෙ නැති හිඟන්නො හැටියටනෙ ඉන්ඩ වෙන්නෙ. ඒ ගැන හිතනකොට තමයි මට දුක" එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණු තරුණියකගේ පියා මෙසේ පැවසූ විට තමා නිරුත්තර වූ බව පැවසුවේ එහි කාන්තා සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වන තමිලිනී ජෙයක්කුමාරන් ය. "සහෝදර සහෝදරියො හත් දෙනෙක් ඉන්න පවුලක් වෙලත් අපිට එක තුරුළේ ඉන්න බැරි වුණා. මට අදටත් පාරේ තොටේදි එකට යන සහෝදර සහෝදරියො දකිනකොට හිත ඇතුළෙන් ලොකු කඩා වැටීමක් ඇතිවෙනවා. අනේ අපිට පොඩි කාලේ එකට ඉන්න බැරි වුණා නේද කියලා. අම්මලා තාත්තලා එක්ක හුරතල් වෙන්න ඕනේ වයසෙදි මම ළමයි දෙන්නෙක් බලාගෙන මහන්සි වෙලා ඉගෙන ගත්තා. අන්තිමට නැවතුණේ යුද්ධෙන්." යනුවෙන් පැවසුවේ ළමා සොල්දාදුවෙක් ලෙස බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට බඳවා ගෙන තුවක්කුවක් අතට දුන් රදිකා පද්මනාදන් ය. කකුලට වෙඩි වැදී තෙදිනක් පුදුකුඩුඉරිප්පු රෝහලේ සිහි විසඥව සිටින මේ ළමා සෙබළියට සංවිධානය විසින් අණ කරනු ලැබුවේ රෝහලෙන් පිටව තම නිවසට යන ලෙසිනි. ඔවුනට කකුල් කැඩුණු අශ්වයින්ගෙන් පලක් නැත.
එල්.ටී.ටී.ඊ සමයේ තමන් නිදහසේ සිටි බවත් , නැවතත් සංවිධානය පිහිටුවීම තම අරමුණ බවත් පවසන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ය. ඇය ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ බිරිඳය. 2008 වසරේ දී කොටහේන ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරර් කෝවිල් ප්‍රධාන දොරටුව අබියස ත්‍යාගරාජා මහේෂ්වරන් වෙඩි තබා ඝාතනය කළ විට විජයකලා හැඬූ කඳුළින් පවසා සිටියේ ඔහු යාපනයෙන් ඡන්දය ඉල්ලන්නට අදහස් කළ නිසා හටගත් කෝන්තරයක් මේ ඝාතනයට හේතු වූ බවය.
2008 ජනවාරි 01 වැනිදා අයත්වන්නේ ඊලාම් යුද්ධයේ බිහිසුණුතම කාල පරිච්ඡේදයට ය. නමුත් යාපනයේ කරෙයිනගර් දූපතේ පදිංචිකරුවන් වන මාර්කන්ඩු විජයකලා සහ ත්‍යාගරාජා මහේෂ්වරන් 2007 දෙසැම්බර් 31 වැනිදා රැය පහන් කළේ වන්නි ප්‍රදේශයේ හෝ පුදුකුඩිඉරිප්පු සටන් බිමක නොව වැල්ලවත්තේ 36 වැනි පටුමගෙහි ය. ඔවුන්ගේ දරුවන් තිදෙනා වන භවධරණී , බෙනරවන් සහ භවිත්‍රා කිසි දිනෙක හෝ ළමා සොල්දාදුවන් ලෙස කටයුතු නොකළ අතර ඔවුන් ජාත්‍යන්තර පාසලක නිදහසේ ඉගෙනුම ලැබූහ.
යළිත් සිහි කරමි ;
එල්.ටී.ටී.ඊ සමයේ තමන් නිදහසේ සිටි බවත් , නැවතත් සංවිධානය පිහිටුවීම තම අරමුණ බවත් පවසන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ය. උතුරු නැගෙනහිර දමිළ වැසියන් ඊළමක් උදෙසා දිව් පුදමින් , මරණය පෙනි පෙනී ජීවත් වන පසුබිමක වැල්ලවත්තේ ජීවත් වූ ඇයගේ සැමියාට කෝවිල් දුසිම් ගණනක් පසු කර කොටහේනේ පිහිටි කෝවිලකට යන්නට තරම් නිදහසක් සහ නිවී සැනසිල්ලක් තිබී ඇත. එල්.ටී.ටී.ඊ දේශපාලන නායිකාව ලෙස තමලිනී ජෙයක්කුමාරන් වැනි කාන්තාවක් වන්නියේ මරණ බිය පසෙක ලා යුධ වදින විට , රදිකා පද්මනාදන් වැනි පාසල් සිසුවියන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගන්නා විට විජයකලා සහ දරුවන් සුවපහසු ජීවිත ගත කර ඇත.
නැවතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය පිහිටුවීම තම අරමුණ බවත් පවසන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ය.
"බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන්ට වෙඩි තියලා මරලා දාන්න ඕනේ. නැත්නම් බඳින්න ඕනේ" යනුවෙන් පවසන්නේ "දඩයම" චිත්‍රපටයේ දසනායක මුදියන්සේලාගේ රත්මලී ය.
වෙඩි තබන්නට නොව බල්ලන් බැඳ තබන්නට කාලය එළැඹ ඇතැයි සිහිපත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජය ය.
This comment has been removed by the author.
ReplyDelete???
Delete