බලය ලද විගස කිසිවෙකුටත් නොපෙනී ටින් බෙලෙක්ක වලට පයින් ගසමින් , මල් පෝච්චි සහ නවතා තිබූ බයිසිකල් පෙරළමින් ගමන් කරන කම්කරුවා කහ ඉරක් ළඟ නතරව පාර හරහා මාරු වන්නට බොත්තම ඔබයි. සංඥාව ලද විට වෙනදා මෙන් සැනසිල්ලේ පාර හරහා මාරු වන අදිසි කම්කරුවා පියවි ඇසට නොදකින ට්‍රක් රථයක් ඔහුව හප්පාගෙන ධාවනය වන්නේය. Genie කෙනෙක්ගෙන් වරම් 3 ක් ලද කම්කරුවාගේ ඉරණම එසේ තීන්දු විය.
සෞඛ්‍ය ඇමතිව සිටි මොහොතක පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව මහත් අරගලයකින් පසුව පක්ෂ සභාපති ධූරය හිමි කර ගත්තේය. සංධානගත වී ජනපතිවරණයකින් ජය ලැබූ හෙතෙම එම සංධානයද අත හැර , තම පක්ෂයෙන් කොටසක් ද වෙනමම තරග වදින බව බව දැනම ප්‍රාදේශීය සභා මැතිවරණයකට පෙනී සිට අන්ත පරාජයකට ලක් විය.
රාජපක්ෂ රෙජීමයේ ආගම්වාදී සහ වර්ගවාදී හැසිරීම් සහ අන්තගාමී ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද මාධ්‍ය වාරණය පිළිබඳව ද කෑ ගසා බලයට පත් මෛත්‍රීපාල රජය ආගම්වාදී සහ වර්ගවාදී හැසිරීම් වලට නිසි පියවරක් නොගෙන සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීමට තීරණය කළේය. සමාජ මාධ්‍ය ජාලා වාරණය කරගෙන රට පාලනය කරන්නට ගොස් එල්ල වූ අමතර පීඩනය හමුවේ එය ඉවත් කිරීමට තීරණය කළේය.
The X Files හි උද්ධෘතය වන්නේ සොයා යන සත්‍යය එතැනය යන පාඨය ය
++++++++++++++++++
ReplyDelete