මැතිවරණ කොමිසමේ සභාපතිගේ පොලිස් දෙපාර්චමේන්තුව


මැතිවරණ කොමිසමේ සභාපතිගේ මාධ්‍ය හමුවේ මහින්ද දේශප්‍රිය මහත්තයා ස්තුති කරගෙන යනකොට එක තැනක දි 'පොලිස් දෙපාර්තමේන්තුව' කියන වචනය උගුර යටින්, භග්න ස්වරයකින් පිට වුණා. රටේ වෙලාවට ඒ මාධ්‍ය හමුව ආවරණය කරන්න ආපු මාධ්‍යවේදීන් අතර ජාතික රූපවාහිනියේ මහේෂ් නිශ්ශංක හිටියේ නෑ. වැරදිලා හරි මහේෂ් නිශ්ශංක ඉස්සරහා පුටුවක වාඩිවෙලා හිටියා නම් මහින්ද දේශප්‍රිය ට මේ කපේ ට මැතිවරණය කල් දාන්න වෙන්නේ නෑ.

මහේෂ් : සභාපතිතුමනි ; ආයෙම වතාවක් අහමුද ඒ වදන රටම හඳුනන, රටක් ආදරය කරන ඔබගේ ඒ ගැඹුරු හඬින් ?

මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව

මහේෂ් : සභාපතිතුමනි ; මම මෙහෙම යෝජනාවක් කරන්නම්. හැකි නම් මයික්‍රෆෝනය නොමැතිව ඒ වචනය අපිට අසන්නට සලස්වන්න තව වරක්.

මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව

මහේෂ් : අනර්ඝයි ! අනර්ඝයි !! අනර්ඝයි !!! මට මේ හඬ අසන මොහොතේ සිහියට නැගෙන්නේ ඔබ මෙන් ම අම්බලන්ගොඩ ධර්මාශෝකයේ නම රැන්දූ ආදි සිසුවෙක් වූ එල්ලමුල්ල කපුගේ ගුණදාස නම් අපූරු හඬ පෞරුෂය. ඔහු වෙන කවරෙක් හෝ නොවෙයි. ජනතාව වෙනුවෙන් හඬ අවදි කළ මහා ගායක ගුණදාස කපුගේ. මා ගෞරවනීයව සිහිපත් කරනවා ජන හද ගැසෙන රාවය වූ ඒ මහා ගායකයාණන් මේ මොහොතේ දී. ඉතින්, සහෘදයනි ; මේ මද්දහනේ අප සමග දොඩමළු වන, අප සමග ඒකාත්මික වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතගෙන් මා ඉල්ලා සිටිනවා ඒ සදා නොමියෙන ගායකයාගේ හඬින් අර පෙර කී වදන් පෙළ යළිත් මුමුණන ලෙස

මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව

මහේෂ් : අහා ... කොයි තරම් නම් සොඳුරු ද මේ මද්දහන. තරහ නැතිනම් අපට තව එකම එක වරක් පවසන්න ඔබගේ ස්තුතිය හිමි විය යුතු ඒ ගරු කටයුතු මහජන සේවයේ නම ..

මැ.කො.ස : පොලිස් දෙපාර්චමේන්තුව

මහේෂ් : දැවෙන ඉරු රැස් උණුසුම නොතකා මේ මොහොතට ...
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: