අලින්නේ අපේ කෙරුම්


බතික් සැට්ටයක් ඇඳ පෙරහරක සංචාරය කළ පමණින් රෝගී, දුර්වල අලි මැහැල්ලකට දියවඩන නිළමේ කෙනෙකුට හිමිවන වරප්‍රසාද හිමි නොවන බව ඔබ අප අවබෝධ කර ගත යුතුය.

නුවර පෙරහරේ අලි ගැන හද කම්පා වන්නේ නම් එලිෆන්ට් සෆාරි සඳහා යොදවන අලි ගැන ද අප්‍රිකාවේ සංචාරකයින් පිනවීමට ගන්නා අලි ගැන ද , බිලි පූජා වලට කැප කෙරෙන එළුවන් ගවයින් ගැන ද හද කම්පා විය යුතු නොවේදැයි අසන මහෞෂධ පඬිවරුන් හට ඔවුන් වෙනුවෙන් සටන් වැදීම අරඹන්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මිත්‍රවරුනි, අපට මේ හතර දික් බාගයම එක වර ආවරණය කළ නොහැකි ය.

ඒ නැතත් "සත්ත්ව මාංශ අනුභවය පවක් ලෙස සලකන්නේ නැතිනම් මේ අලි පෙරහරේ ගෙන යාම වැරදි වන්නේ කෙසේදැයි" විමසන ජීනියස්ලා හට අමන්දා අබේසූරිය ගේ ප්‍රතිතර්ක ප්‍රකාශය උපුටා දක්වමි. සත්ත්ව මාංශ අනුභව කරනතුරුම පෙරහර වල සිදුවන අලි හිංසනයට එරෙහි වන්නට බැරි නම් , ඔබ මැල්ලුම් හෝ කොළ සම්බෝල අනුභව කරන තුරු ම ඔබට විල්පත්තුව හෝ වෙනත් කැළෑ කැපීම් ගැන වද වීමට ද නොහැකි ය.

සියල්ල පසෙකින් තබා මේ රට කුමක්දැයි හඳුනා ගනිමු.

මිත්‍රවරුනි ; 

රටවිරු ශ්‍රමිකයෙක් ලෙස පමණක් ගෞරවයට පාත්‍ර විය යුතු "කුවේට් කුමාරි" නම් සමබර නොවන හැසිරීමකින් යුතු මැදි වියේ ගැහැණියකට අනිසි අවධානයක් දෙමින් , මාධ්‍ය සාකච්ඡා වලට කැඳවමින්, උපන්දින සාදයන් හි කටගැස්ම ක් බවට පත් කරගනිමින් ඇයගේ සමබරතාවයකින් තොර හැසිරීම ම විනෝද ගොදුරක් කොටගන්නා , මනුෂ්‍ය දුහිතෘවක කෙරේ කිසිදු මොහොතක මානව දයාවක් නූපදින මිනිසුන් සිටින රටක, ඇට පෑදුණු අලි මැහැල්ලක් වෙනුවෙන් කෙසේ නම් සත්ත්ව කරුණාවක් උපදින්න ද ?

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. මහලු රෝගී ගවයෙක්ගෙන් කරත්තයක් අද්දවන එක කවුරුවත් සාධාරණීකරණය කරන එකක් නෑ. ඒත් එහෙම අලියෙක් පෙරහැරේ ගෙනියන එක සාධාරණීකරණය කරන බෞද්ධ බැතිමතුන් දැක්කහම හිතෙනවා මේ ආගමික පිස්සන්ට වැඩිය දේශපාලකයො හුඟක් හොඳයි කියල.

    ReplyDelete