අපේ දිහා නෑ අපේ දිහා නෑ - ගෑනු ළමයි නෑ දීග යන්න නම්


යහපාලන රජය සංජීවනී වීරසිංහ බඳු ය. එවිට මුස්ලිම් අමාත්‍යවරු සමන් ද සිල්වා බඳු ය.

යහපාලන රජය උජාරුවෙන් මෙසේ ගයයි.
"අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්න නම්"


මුස්ලිම් අමාත්‍යවරු ඒ අසා විස්සෝප වෙති.
"හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්"


යහපාලන ආණ්ඩුවට කේන්ති යන්නේ එවිට ය.
"අපේ වගක් මොටද වදේ"

ඒ අසන මුස්ලිම් අමාත්‍යවරු දුකට පත් ව දමනය වන්නට ගනී.
"ඔහොම කතා රිදේ"

සියල්ල අවසානයේ යහපාලන රජය මුස්ලිම් අමාත්‍යවරුන් ව භාර ගන්නට තීරණය කළහ. එබැවින් සංජීවනී සහ සමන් දෙදෙනාම එක් ව මෙසේ ගයති
"අහල පහළ ඔයයි මමයි තරහ වෙන්න එපා"





Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: