ෆල්ගුනි පතක් ට තිබුණේ ලස්සන කටහඬකි. ඇය තමන්ගේ ලස්සන කටහඬට ගැලපෙන ලස්සන ගීත ම තෝරාගැනීම හරහා ලද අමතර ආලෝකය සමාන වන්නේ ඒ කාලයේ නීලා වික්‍රමසිංහ තමන්ගේ ලස්සන පෙනුමට ගැලපෙන වර්ක් කළ ඔසරි ඇඳ ගොඩනගා ගත් අනන්‍යතාවයට ය.
ෆල්ගුනි පතක්ගේ සෑම ගීතයක් ම පාහේ ජනප්‍රිය වන්නට හේතුව වූයේ ඇගේ කරහඬට අමතරව ඒ ගී පුරා නින්නාද වන ඉතා පොහොසත් සංගීතය පමණක් නොව සෑම ගීතයකටම පාහේ නිර්මාණය වූ අපූරු රූප රචනාවයි. ෆල්ගුනි පතක් අනූව දසකයේ මුල භාගයේ කළ වික්‍රමය ලංකාවේ යම් තරමකින් හෝ කළේ නම් ඒ සෙනේෂ් බණ්ඩාර දිසානායක සහ ස්වර්ණවාහිනියේ විකාශය වූ "හාට් බීට්" වැඩසටහනේ "කුසුමට ළං වී රොන් ගන්නා" වැනි ගීත වලට රූප රචනා කළ කවුරුන් හෝ නමක් නොදන්නා නිර්මාණ ශිල්පියා ය. ලාංකේය ගීත රූප රචනා කලාවේ හැරවුම් ලක්ෂ්‍යය නිලාන් කුරේගෙන් සනිටුහන් වූ අතර නිලාන් ඒ හැරවුම් ලක්ෂ්‍යයට ම අඩි කිහිපයකට නුදුරින් වූ බොරු වළකට වැටී නොපෙනී ගිය බවද සිහිපත් කළ යුතු ය.
ඉදින් ෆල්ගුනි පතක් කටහඬ ද සංගීත ය ද ඒ හා සමාන රූප රචනාවකින් ද අප වෙත ගීත ඉදිරිපත් කළා ය. අලීෂා චිනෝයි වැනි සමකාලීන ගායිකාවන්ගේ සාම්ප්‍රදායික රූමත් බව ද සංගීතය තුළ ආශාවේ වස්තුව වන විට පවා ෆල්ගුනි පතක් නොසැලී තම ගමන ගෙන ගියා ය. ඉන්දීය සරල ගීත උන්මාදයක් ලංකාව තුළ ව්‍යාප්ත වන විට ඌෂා උතුප් , අනයිදා සහ මේනාස් , අනුරාධා වැනි ගායිකාවක් මෙරටට ගෙන්වූව ද කිසි දිනෙක ෆල්ගුනි පතක් ගෙන්වීමට කිසිවෙක් හෝ උනන්දු වූයේ නැත. සාරි හඳින ඌෂා , අනුරාධා මෙන් ම එම කාලයට සාපේක්ෂව සරාගී , ජේත්තුකාර පෙනුමක් ඇති අනයිදා - මේනාස් සමග සසඳන විට ටොම් බෝයි පෙනුමක් ඇතිව , අකීකරු කෙටි කොණ්ඩයකින් සහ බාච්චු ඇඳුමකින් යුතු මේ ගායිකාව කාගේවත් අවධානයට පාත්‍ර නොවන්නට ඇත.
නමුත් , පළල් බෝඩරය සහිත ඉන්දියානු සාරියක් හැඳ , ගුලි කර ගැට ගැසූ කොණ්ඩයට මල් ද ගැවසූ ඌෂා උතුප් ගොරහැඩි පිරිමි හඬින් ගී ගයන විට මේ සරල පෙනුමක් ඇති ලාලිත්‍යයෙන් තොර ගැහැණිය උතුරා යන ගැහැණු ලාලිත්‍යයෙන් යුතුව ගී ගැයුවා ය.
මෙරි චූනර් උඩ් උඩ් ජායේ ! මගේ සළු පට වෙනතක ඉගිලේ
0 comments:
Post a Comment