ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑදී ඇත්තේ මතු බුදුවන බෝසතුන් පිරිසකගෙනි. ඒ මන්ද යත් මේ සමස්ත කණ්ඩායම ම මුළු ක්‍රීඩා ජීවිතයම මුළුල්ලේම දස පාරමිතා පුරන බැවිනි.
1. දාන පාරමිතා
වෙස්සන්තර ජාතකයේ එන දන් දීමත් පරාද කරවන සුළු ක්‍රීඩා විලාසය දකින විට "මොහු හැර වෙන දන් ගන්නෝ නැද්දෝ - වෙන දන් දුන් කල බුදු බව නැද්දෝ" යන අනාඝාතාත්මක වැළපුම් ගී ගයමින් විනා මැච් එකක් නරඹනු නොහැකි ය.
2. ශීල පාරමිතා

3. නෙක්ඛම්ම පාරමිතා
කෙස්ස පැහුණු පමණින් නික්මෙන රජවරුන් සිටින්නේ "මඛාදේව ජාතකයේ" ය.
කෙස්ස පැහී , ඇස් නොපෙනී හති වැටෙනතුරු ම කණ්ඩායමේ රැඳී සිටින්නට ආසා කළ ද තරගාවලියක ප්‍රථම වටයෙන් ම නික්මීමට , පිතිකරණයට ගිය සැණින් පිටියෙන් නික්මීමට අපේ අය ඉතා ලැදිය.
4. ප්‍රඥා පාරමිතා
කණ්ඩායම සෑදී ඇත්තේම "උම්මග්ග ජාතකයේ" එන "මහෞෂධ පණ්ඩිතයින්" එකොළොස් දෙනෙක්ගෙනි.
උපදින විටම අතේ සඳුන් ගැටයක් මිට මොළවාගෙන පැමිණි නිසා ඔවුන් පිත්ත ඇල්ලීමේ දී ද , පන්දු යැවීමේ දී ද , උඩ පන්දු රැකීමේ දී ද, පන්දුව යොමු කිරීමේදී ද තරමක් දුර්වල ය. ඒ හැරෙන්නට බලය , ජවය , පෝෂණය , සහ තාක්ෂණය වැනි ඕනෑම විෂයයකට අදාල වෙළඳ දැන්වීම් වලදී නානාවිධ උපදෙස් දෙන්නට අතිශය ප්‍රඥාවන්තය.
5. වීර්ය පාරමිතා
"අපණ්ණක ජාතකයේ" සඳහන් සාත්තු නායකයා මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ද කවදා හෝ ඊ තණ පඳුරක් යට ඇති ගලක් බිඳ දිය උල්පතක් පාදා ගන්නා බව විශ්වාස ය.
ඒ දවස උදා වනතෙක් අවට ලැග , පෙර කෑ දේ ම තලු මර මරා කමින් සිටින ගවයන් වන්නේ ක්‍රීඩා ලෝලී අප ය.
6. ඛන්ති පාරමිතා
අපේ ක්‍රීඩකයින් තරම් ක්ෂාන්තිවාදී ක්‍රීඩකයින් වෙනත් ග්‍රහලෝකයක හෝ නොමැත.
"ක්ෂාන්තිවාදී ජාතකයේ" එන තවුසා කස පහර ද ඉවසා දෙඅත් සිඳලීම් ද ඉවසා දෙපා , නාසා කන් සිඳලීම් ද ඉවසා සිටියාක් මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ද ඔස්‍ට්‍රේලියාවේ සිට කජුවත්ත එක්සත් ක්‍රිකට් කණ්ඩායම දක්වාම වුවද පරාජය මුවින් නොබැණ ඉවසා සිටින්නට තරම් ක්ෂාන්‍තිවාදී වෙති.
7. සච්ච පාරමිතා

8. අධිට්ඨාන පාරමිතා
ඔවුන් වටකර ගිනි තැබුව ද , වද හිංසාවට ලක් වුවද , මළ සොහොනට ගෙනගොස් දමන බවට තර්ජනය කළ ද තම අධිෂ්ඨානය අත් නොහැර ගොළු බිහිරි සේ සිටි "තේමිය ජාතකයේ" තේමිය කුමරා බඳු ය.කුමන තර්ජනය සහ බලකිරීම් හමුවේ වුවද නොසැලෙමින් සුපුරුදු ලෙස පරදිමින් , බිංදුවට දැවී යමින් සිටිති.
9. මෙත්තා පාරමිතා

10. උපේක්ඛා පාරමිතා

++++
ReplyDeleteheh
ReplyDelete