දිසාපාමොක් ආචාරීන් සේදූ එළු ඇටයක් පෙන්වා "තොපගේ පුතුන් ව්‍යාධියකින් මළහ"යි කී විට ; වැඩිමහලු ධර්මපාලයෝ "මේ එළුවකුගේ ඇට හෝ බල්ලෙකුගේ ඇට හෝ වේද ; අපගේ දරුවෝත් මියෙත්දැ?”යි පවසා සිනාසුණු බව මහා ධර්මපාල ජාතකයේ කියැවේ.
බෙතානියෙහි ලාසරස් මිය ගිය කල්හි යේසුස් වහන්සේ පෙරමගට එන ලාසරස්ගේ සොහොයුරිය, මාර්තා අමතා " පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය" යි පැවසූ බවත් ලාසරස් හට නැවත ජීවය දුන් බවත් බයිබලයේ කියැවේ.
අපගේ දරුවන් අඩු වයසින් මිය යන්නේ නැති බවට පවසන්නට ද ලාසරස් ට මෙන් නැවත ජීවිතයක් ලබන්නට ද අවස්ථාවක් නොලැබිණ. හෝරා කිහිපයක් තුළ සියල්ල අතීතයට එක් කරමින් ජීවිත පුපුරා ගියේ ය. දූවිලි අංශු ඉහළට නැගිණ. දුම් වලාවන් ඉහළට නැගිණ. නමුත් ඔබ සදාකාලික නින්ද වැළඳ ගත්‍තෙහි ය.
මාසයක් යනු තුවාල වියැලෙන්නට කාලයක් නොවන බව දැන දැන ම ඒ වේදනාබර මතකය ගොඩ ගනිමි. අහිමි වීම ! එය දරගත නොහැකි හැඟීමක් බව සිහිපත් කරමි.
උපනූපන් ජාතියක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා යැයි හදවතින් පවසමි.
0 comments:
Post a Comment