සංඝ ආඥා සහ තග සඟ සරණ


එක්තරා බුද්ධ පුත්‍රයින් කොට්ඨාසයක් විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාට විහාරස්ථාන වලට ඇතුළුවීම තහනම් කළා යැයි පුවතක් අසන්නට ලැබේ.
එක් අතකින් එය එතරම් සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන්නේ මංගල සමරවීර මහතා බුදු වනවා තබා සෝවාන් ඵලයක් හෝ ලබා නොමැති බැවිනි. මන්ද යත් ලංකාවේ වර්තමාන විහාරස්ථාන සහ භික්ෂු ප්‍රජාව බුද්ධ වචනයට කෙතරම් ගරු කරනවාද කිවහොත් වැරදීමකින් හෝ බුදු කෙනෙක් පහළ වී සිව්වැනි වරටත් ලංකාවට වැඩිය ද දැන් සිටින භික්ෂූන්ගෙන් අවසර නොගෙන ඔවුන්ගේ ඒරියා වලට වඩින්නට ඒ බුදුන් වහන්සේට ද ඉඩ නොලැබෙන නිසා ය. එබැවින් වෙහෙර ගිලින ලංකාවේ සංඝරත්නයට මංගල සමරවීර වනාහි ගම්මිරිස් යහමින් යෙදූ අග්ගලයක් පමණකි.
අනෙක් පාර්ශ්වයෙන් ගතහොත් මෙය මනෝවිද්‍යාත්මක පාර්ශවයෙන් අධ්‍යනය කළ හැකි කරුණකි. මංගල සමරවීර වනාහි තමා සමකාමියෙක් බව ප්‍රසිද්ධියේ පිළිගනිමින් තමාගේ ආදායමින් රිසි සේ ජීවත් වන නිදහස් පුරවැසියෙකි. අද්‍යතන ලාංකික භික්ෂුව තමා සන්තක නිශ්චල සහ චංචල දේපොළ වලට දක්වන තණ්හාවත් ඒවා වෙන කෙනෙකුන් උදුරා ගනීවීයි දක්වන බියත් අපි හොඳින් දනිමු. ඉදින් , කුප්‍රකට "පන්සලේ සෙල්ලම" යනු කුමක්දැයි දන්නා අයෙක් හට සමහර විහරාධිපතිවරුන් මංගල සමරවීර පන්සලට පැමිණීම පිළිබඳ දක්වන ඊර්ෂ්‍යාව සහ රෝෂය කුමදැයි වටහා ගන්නට අපට හැකි විය යුතු ය. එය එක්තරා ආකාරයක සපත්නී රෝෂයක් ලෙස ද නම් කළ හැකි ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. https://asammathaya.wordpress.com/2019/06/06/%e0%b7%83%e0%b6%82%e0%b6%9d%e0%b7%8f%e0%b6%a5%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb/

    ReplyDelete
  2. I totally get the meaning... unfortunately our people would never understand because we all were taught to follow the crowd instead of being themselves

    ReplyDelete