ඔබ
ස්වර්ග මාවත් අතර නිදහසේ දිව යන
කුසුම් ගොමු තුරු හිස් වියන් ඇසුරේ සෙවණ ලන
ලවැලි තල දුල් දිය කඳුරු අතරේ ඉසිඹු ලන
අප
කවදා කෙසේ විදාරණය වේදැයි නොදන්නා
ගිනි කන්දක් මත ය
ඔබ අතැර ගියේයැයි හඬ හඬා දුක් වන
ඔබ තව ඉන්නට තිබුණේයැයි සිත සිතා දුක් වන
ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි.
එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
ඒකනම් 💟 👌
ReplyDeleteවචන 😍💜
ReplyDelete