යුද්ධය හා සාමය


වම්පස ඡායාරූපයෙන් දැක්වෙන්නේ පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ය.
ලොව පුරා රෝමානු කතෝලික බැතිමතුන්ගේ ජීවමාන ආගමික නායකයාණන් වහන්සේ වන උන් වහන්සේ පසු ගිය දා සූඩාන රාජ්‍ය නායකයන්ගේ පාද සිපාචාර පවත්වා ඉල්ලීමක් කළේ ය. ඒ යළිත් යුද්ධයක් සඳහා අවතීර්ණ නොවන ලෙස ය.
ලේ වැගිරීම්, යුද ගැටුම් සහ විජීගීසාවෙන් පෙළුණු යුරෝපීය ඉතිහාසය සමග බැඳී ආ රෝමානු කතෝලික දහම වර්තමානය වන විට යුද්ධය කෙරෙහි දක්වන්නේ මෙබඳු ආකල්පයකි.
දකුණුපස ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ ශ්‍රී ධර්මායතනයේ විහාරාධිපති ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ ය.
ලංකාවම දන්නා හඳුනන ස්ථවිරයාණන් වහන්සේ නමක් වන ගුණවංශ හිමි 1990 වසරේ දී 'බල සෙනඟට රණ ගී' යනුවෙන් තම ගී පද රචනා ඇතුළත් කැසට් පටයක් එළි දැක්වූයේ ය. ශ්‍රී ලංකාව තුළ දරුණු යුද්ධයක් උද්ගතව තිබූ අවදියක බෞද්ධ භික්ෂුවක් වන ඇල්ලේ ගුණවංශ හිමි රචනා කළේ මෙබඳු ගීත ය.

උපන්න මවුබිම රකින්න යන මගෙ 
සූර වීර වූ සෙබළ පුතේ
නිවන් දකින්නට ඒ පිංකම ඇති
මතු භවයෙදි රත්තරං පුතේ


අසිපත කොපුවෙන් එළියට ගන්නේ
ලේ නොම තැවරී නැත එහි ලන්නේ


චූලෝදර - මහෝදර ට සටන් නොකරන්නැයි පවසනු පිණිස බුදුන් වගන්සේ වැඩම කළ ලංකාව තුළ අවිහිංසාව පදනම කොටගත් බෞද්ධ සමාජයේ භික්ෂුවක් යුද්ධය අර්ථ ගන්වන්නේ එලෙසිනි.
ලෝකය තනි යායකි. අපි එහි එක්තරා කොණක, වගා ළිඳක වැටී සිර වී සිටිමු.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. I totally agreed.
    It will take another few decades for us to come out from the deep well.

    ReplyDelete