විල්පත්තුව : ඇඩ්ලින් සහ ආනන්දගොඩ


විල්පත්තුව යන නම ඇසෙත් ම මට සිහිවන්නේ ඇඩ්ලින් විතාරණ ය. ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව එකල ප්‍රකට වී තිබුණේ "විල්පත්තු මිනීමැරුම" ලෙසිනි.
ඇඩ්ලින් පළමුව ජයලාල් ආනන්දගොඩ ට රැවටුණා ය. දරුවෙක් බිහි වූ පසු ව මගහැර සිටි ඔහු සොයා යන ඇය නැවත වතාවක් රැවටී හත්මස් ගැබිණියක බවට පත් වූවා ය. අනතුරුව ඒ දරුවන් දෙදෙනා ට පියෙක් සොයන්නට කළ අරගලය අවසාන වන්නේ ජයලාල් ආනන්දගොඩ විසින් ඇඩ්ලින් විතාරණ ව විල්පත්තු අභය භූමිය මානයේ දී ෆියට් රථයකට යට කර මරා දැමීමෙනි.
අද සමාජයේ ඇඩ්ලින් විතාරණලා පඳුරකට පයින් ගැසූ විට දුසිම් ගණනින් විසි වේ.
පළමු වරටත් රැවටී අනතුරුව දෙවන වරටත් රැවටෙන ඔවුන් බොහෝ දෙනෙක් සියලු බලාපොරොත්තු මැද විල්පත්තුව කරා ගමන අරඹති.
අමතක නොකළ යුතු දෙයකි. ඇඩ්ලින් ගේ ඉරණම විල්පත්තුව කරා ගෙන ගිය ජයලාල් ආනන්දගොඩ වුවද සමාජය ඉදිරියේ පෙනී සිටියේ කළුතර ඥානෝදය විදුහලේ ගුරුවරයෙක් ලෙස විනා සල්ලාලයෙක් ලෙස නොවේ.
විල්පත්තු යන ගමනේ දී ගුරු වේශයෙන් සිටින ජයලාල් ආනන්දගොඩ ලාගෙන් ප්‍රවේසම් විය යුතු බව ඇඩ්ලින් විතාරණලා දැනුවත් ද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment