මිත්‍රවරුනි , විප්ලවය සිදු වූයේ නැත !


මට මෑතක් වෙනකංම තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි අච්චර ප්ලෑන් කරලා , ප්‍රතිපත්ති එක්ක වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණ කොහොමද විප්ලවය පැරදිලා එක දිගට හමුදාවට , පොලිසියට බිලි වුණේ කියලා. ඇයි දෙයියනේ පංති එකක් දෙකක් නෙමෙයි - පහක්ම තියලා උගන්නපු මිනිස්සුනේ. දැන් ඔය 'ගින්නෙන් උපන් සීතල' ෆිල්ම් එකේ ඒ තරමට නොපෙන්නුවට, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේත් ඉතිං ඒ කාලේ බය නැතිව සට පට ගාලා වෙඩි තියපු , නීතිය අතට අරගත්ත කණ්ඩායමක්නේ. ඉතිං කොහොමද විප්ලවය අල වෙලා කට්ටිය හමුදාවට අහු වුණේ කියලා මම ඒ කාලේ ඉඳන් හිතුවා. 

ඒ ප්‍රශ්නේ විසඳුණා.'ගින්නෙන් උපන් සීතල' ෆිල්ම් එක ගැන ලියවෙන සටහන් ටික කියවලාම ප්‍රශ්නේ විසඳගත්තා. 

දැන් මේ ෆිල්ම් එක ගැන ලියවෙන රිවීව් වලින් බහුතරයක කියනවා ජනතා විමුක්ති පෙරමුණ ඒ අයගේ ගෙදර හරි , මහ ගෙදර හරි , නැන්දලාගේ මාමලගේ ගෙදර හරි බත් මුට්ටිය උස්සං ගියාලු. සමහරුන්ගේ රෙදි වැලේ තිබ්බ රෙදි පවා ගෙනිහිං තියෙනවා. ෆිල්ම් රිවීව් එකේදි තමයි පවුලේ ඇසට් ඉන්වෙන්ට්‍රි එක අප්ඩේට් කරන්නේ. 

අනේ අම්මපා ! මම අනුරුද්ධ ජයසිංහ වුණා නම් ඔය ෆිල්ම් එක කරන්නේ මෙන්න මෙහෙමයි. 

අර තීරණාත්මක මොහොතේ විජේවීර නැතිව දේශපාලන මණ්ඩලේ තීරණ වලට එළඹෙන සීන් එකක් තියනවනේ. ඒක වෙන්නේ මෙහෙම. 

සෝමවංශ : අපේ ඊ ළඟ සැලැස්ම වෙන්නේ මහර ගලේ පන්සල ළඟ ඉන්න විදුර ඩයස්ගේ සීයාගේ රෙදි වැලෙන් අමුඩේ උස්සන එක. 

කබ්රාල් : මම ඒ අමුඩේ උස්සන්න සැලසුමක් හදලා තියෙන්නේ. (සිතියමක් දිග හැර විස්තර කරයි) 

බෝපගේ : විජේවීර සහෝදරයා නැතිව විදුර ඩයස්ගේ සීයාගේ රෙදි වැලෙන් අමුඩේ හොරකම් කරන්න තීරණය කරන එක හරිද ? 

ගමනායක : නෑ. අපිට විජේවීර සහෝදරයාගෙන් ඒකට අනුමැතිය ගන්න පුළුවන්. 

ඔය වගේ දේවල් තමා ඒ කාලේ පක්ෂේ ඇතුළේ වෙලා තියෙන්නේ. 

ඒකෙන් මේකෙන් වැඩක් නෑ. මම කිය කිය හිටියේ විප්ලවය පැරදුණ හැටිනේ. ඒක වුණේ මෙහෙමයි. 

දැන් මේ බුකියේ ලියවෙන ඒවයේ හැටියට 88-89 කාලේ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ජනගහණයෙන් හතරෙන් තුනකගේම බත් මුට්ටි උස්සලා තියෙනවා. ඔය කියන තරම් බත් මුට්ටි උස්සලා ඒ අය මොනවද කරන්නේ ? මොකෝ උයපු බත් මුට්ටි රට යවන්න කියලෑ ? ඉතිං ඒවා කන එක ඇරෙන්න තියෙන්නේ ඔප්ෂන්ස් දෙකයි. 

1.  බත් වේලලා කබලේ බැදලා අග්ගලා හදන එක
2.  බත් මුට්ටිය මාළුන්ට කොටන්න ඇලට දාන එක

මම හිතන්නේ නෑ පක්ෂේ උදවිය ඔය දෙකෙන් එකක්වත් කළා කියලා.ඒ අය කළේ ලංකාවේ හතරෙන් තුනකගේ බත් මුට්ටි උස්සලා පැය විසි හතරම එව්වා කාපු එක. (බොරු නම් ෆේස්බුක් එකේ බලන්න) 

ඔන්න ඉතිං කට්ටිය ඒ උස්සපු බත් ටික ගෙනිහිං හැංගිලා කනවලු. හැබැයි එහෙම කන වෙලාවේදී නෙමේ හමුදාවට අහු වෙන්නේ. බත් මුට්ටිය නැති වෙච්ච ගමන් අර ගෙවල් වල උදවිය පොලිසියේ ඇන්ට්‍රි එකක් දානවනේ. එතකොට ඒ ගෙවල් වලට හමුදාවෙන් ආරක්ෂාව දෙනවානේ. ඔය අස්සේ බත් එක කාපු උන් ටික අතුරුපසට මොනවද තියෙන්නේ කියලා බලන්න ආයෙම අර ගෙවල් වලට එනවානේ. අන්න එවෙලෙට හමුදාවෙන් පැනලා අල්ල ගත්තා බෙල්ලෙන්ම ! විප්ලවය ඉවරයි.

ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. ඊට අමතරව රිවීව් එකටම තියෙන්නේ චිත්‍රපටයේ කැමරාකරණය ද නදීක ගුරුගේගේ සංගීතය ද , උමාරියාගේ කටහඬ ද විශිෂ්ඨය. එච්චරයි. 

මිත්‍රවරුනි , විප්ලවය සිදු වූයේ නැත !
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment