Pia Wurtzbach | පමා වී ආ වසන්තේ | 2015



2015 විශ්ව රූ රැජණ තරගයේ අවසන් ප්‍රතිඵලය වරදවා ප්‍රකාශ කළ පූරකයා වූයේ ස්ටීව් හාර්වේ ය. ඔහු පළමුව විශ්ව රූ රැජණ කිරුළ 'කොලොම්බියාව' දිනා ගත් බව නිවේදනය කළේය. කොලොම්බියානු තරගකාරිය Ariadna Gutiérrez සතුට සහ ප්‍රීති ප්‍රමෝදය සමරමින් සුබ පැතුම් භාර ගනිමින් නරඹන්නන්ට ආචාර කරමින් විශ්ව රූ රැජණ කිරුළ හිස පැළඳුවාය. ඉන්පසුව අවුල් සහගත මුහුණින් ඉදිරියට පැමිණි නිවේදකයා, ස්ටීව් හාර්වේ තමා අතින් බරපතල වැරදීමක් සිදු වූ බව පවසා 2015 විශ්ව රූ රැජණ කිරුළ හිමි විය යුත්තේ පිලිපීන රූ රැජණට බව ප්‍රකාශ කළාය. ප්‍රීති ප්‍රමෝදය එක් නිමේෂයකින් දකුණු ඇමරිකාවෙන් ආසියානු මහාද්වීපය කරා පියසර කළේය.


2016 වසරේ විශ්ව රූ රැජණ තරගාවලිය පැවැත්වුණේ පිලිපීනයේ මැනිලා නුවරදී ය. 2016 වසරේ විශ්ව රූ රැජණ කිරුළ දිනාගන්නා ජයග්‍රාහිකාව ප්‍රකාශයට පත් කිරීමට පෙර පසුගිය වසරේ විශ්ව රූ රැජණ වූ පිලිපීනයේ Pia Wurtzbach විසින් නිවේදක ස්ටීව් හාර්වේ වෙත උපැස් යුවලක් තෑගි කළාය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment