සතුටු සුරංග ගේ ගායනා සහ කඩි ගුලක් මත එළුවෙක් වාඩි වීම


සතුටු සුරංග ගායනා කරන බස් රථයක ගමන් කිරීම යනු දුක සහ දුකට හේතුව වටහා ගන්නා පහසුම ක්‍රමය වේ. දුක නැති කිරීම පිණිස දුක නැති කිරීමේ මාර්ගය අනුගමනය කිරීමට යාමෙන් බස් රථයට අලාභහානි කළේ යැයි ඔබව පොලිසියට කුදලාගෙන යාමට ද ඉඩ ඇත.
"අම්මා.. වරුනේ .. " යනුවෙන් සතුටු සුරංග බැඟිරි තැලීය. කඩි ගුලක් මත පශ්චාත් භාගය තබාගෙන සිටි එළුවෙක් සිහි විය.
එකත් එකටම කවුරුන් හෝ මේ නන්දා මාලිනී ගේ පුතෙකුයැයි වරදවා වටහාගෙන නන්දාගෙන් "ඔබේ පුතාගේ ගායනය ගැන අදහස කෙබඳුදැයි" විමසන්නට ඇත. නන්දා මෙසේ ගැයුවේ එනිසා ය.
යදමින් බැඳ විලංගු ලා
මගේ පුතා රැගෙන යන්
ඉඳිකටු ඇණ ඇඟිලි තලා
දෙතිස් වදය පමුණුවන්
කමෝන් නන්දා .. එක්සත් බස් මගී සංගමය ගාණේ ඉඳිකටු පෙට්ටි දුසිමක්ම ලියා ගන්න.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ස්පීකරේට එන වයර් එක ඇදලා කඩන්ඩ මහත්තයෝ. පව් නෑ.

    ReplyDelete
  2. දැන් අලුත් එකෙක් ඉන්නවද ? බස් අජියා තමයි අපි දැනන් හිටියේ.

    ReplyDelete