සතුටු සුරංග විසින් ගෙඩි සියයක් බිම හෙලීම


මේ වනවිට මා ගමන් කරමින් සිටින බස් රථයේ හිමිකරු වන්නේ ප්‍රවීණ ගායනවේදිනී සතුටු සුරංග මහතාය.

ඔහු , වසන්තා සන්දනායක සිට නතාෂා පෙරේරා දක්වා ගායිකාවන්ගේ ගීත එකින් එක කාබාසිනියා කරමින් සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නීය. මග දෙපස ඇති රැෆික් එක නිසා අපට ද ඔහු සමග ඒ දිගු ගමන යන්නට සිදු වී ඇත.

සතුටු සුරංග මහතා මුලින්ම ගැයුවේ " ලොවම එපා වී ලොවම කළකිරී" ය. ඒ ගායනය අසා රියදුරු මහතාට කෙතරම් දුරට එපා වී කළකිරුණේද යත් පුස් බයිසිකල් පවා අපව පසු කරන්නට විය. ඔහුට සුක්කානම එපා නොවූ නිසා යාන්තමට අපේ ජීවිතය බේරුණි.

ඉන් අනතුරුව සතුටු සුරංග මහතා " ගෙඩි සියයක් බිම හෙලුවත්" සිංදුව ඔහුට ඕනෑ තැන්වලින් පද බෙදා ගායනා කරන්නට වූවාය. නන්දා මාලිනී අහළ පහළක වූවා නම් අප්පච්චී බිම හෙලූ ගෙඩි සහ නන්දා බිම හෙලූ සතුටු සුරංගගේ ඔළු ගෙඩිය සමග සමස්ත ගෙඩි සංඛ්‍යාව එකසිය එකකි. අප්පච්චිට එක ගෙඩියකි. උසාවියට ඔළු ගෙඩියකි.

ඔහු කිව්වේ " පුංචි ළිඳේ - වතුරට නාඬන්න නංගියේ " යනුවෙනි. පුංචි ළිඳේ නම් පළමුව කළ යුත්තේ පුංචිව ළිඳෙන් එළියට ගැනීම ය. බළලෙක් ළිඳට වැටුණු විට දී පවා සතියක් හමාරක් ළිඳේ වතුර පාවිච්චි නොකරන බැවින් පුංචිව ළිඳට වැටුණු විට වතුර ගේන්නේ කොහෙන්දැයි ටක්කෙටම දන්නේ ප්‍රවීණ ගායනවේදිනී සතුටු සුරංග මහතාය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ලිඳේ පැනල නෑ පු0චි හන්දියෙ ලු.. සුර0ගය එක්ක එයි බස් එක ආපහු එනකොට

    ReplyDelete