නිල්ල මැදින් ආදර පාරේ නිදැල්ලේ යාම


සිංහල සිනමාව ගැන ආසාවක් ඇති වූ විට පැරණි චිත්‍රපට නැරඹිය යුතුය. හින්දි අනුකාරකවාදී වාණිජ සිනමාව ගැන හදාරන්නට නම් අසූව දසකයේ චිත්‍රපට බැලිය යුතුය.
චිත්‍රපට ගීත වලට ඇති ඇබ්බැහිය නතර කරගන්නට නම් ඒවායේ නැටුම් දර්ශන නොවරදවා නැරඹිය යුතුය. අනෝජා වීරසිංහ සහ ජීවන් කුමාරතුංග සමග පිරිමැසිය නොහැකි තරහක් ඇති වූ විට ඔවුනට උපහාර ලෙස සිනමා දැක්මක් සංවිධානය කර "මමයි රජා " චිත්‍රපටයේ " නිල්ල මැදින් යං ආදර පාර නිදැල්ලේ " ගීතය පැය බාගයකට වරක් පුළුල් තිරයේ පෙන්විය යුතුය.
පොල්ගෙඩියක මිල කීයදැයි නොදැන පාර්ලිමේන්තු ගිය මල්ෂා කුමාරතුංගට කී කට කැඩිච්ච කතා ඉල්ලා අස්කරගත යුතුය. තාත්තාගේ ජොගින් + ඇරොබික්ස් අච්චාරු නැටුම් අනුගමනය කරමින් සිනමා මාවතේ ගමන් නොකර දේශපාලන මාවත පමණක්ම තෝරාගැනීම ගැන මල්ෂාට සහ දෙවියන් වහන්සේට ස්තුති කළ යුතුය.



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. සින්හල සිනමාව මොඩිෆයි කොට සින්දු අයින් කල යුතුය හොලිවුඩ් ස්ටයිල් එකට සින්හල චිත්‍රපටි තැනිය යුතුය. ඉන්දියාවේ හිරවී නොසිට ඇමරිකාව පැත්තත් කොපි කොට බැලිම වටී

    ReplyDelete