එන්රික් ග්ලේෂියාස් වෙත ලියමි


ආදරණීය එන්රික් අය්යේ

මා එවූ බ්‍රෙෂියර් එක ලැබුණා ද ? එවුවා කිව්වාට අය්යා සිංදු කියන තැනට දමා ගසන්නට වුණේ හිටිය සෙනග කන්දරාව මැද ඉස්සරහට එන්න නොලැබෙන නිසාය. නත්තලට ට්‍රයම්ප් එකේ සේල් එකක් තිබුණ නිසා වැඩි ගාණක් ගියෙත් නෑ. මීට පස්සේ ටැනිස් බෝල ගහද්දි මතක් කරලා ඕක ඇඳගෙන සෙල්ලම් කරන්ට කියා ඇනා අක්කා ට කියංට. එහෙම කිව්වේ අපේ අම්මා බවත් එයාට කියංට. තාම කසාදේ පොතේ නොලීවාට ඇනා කුර්නිකෝවා කියන්නේ අය්යාගේ එක්කෙනා බව රටම දන්නවාය. එහෙවු එකේ ඔහොම ලෝකෙටම පේන්න බාගෙට හෙළුවෙන් ටැනිස් බෝල ගහන එක වැරදිය. ඔය එව්ව එක බුරුල් වගේ නම් හර්නෙල් කට්ටක් ගහගෙන පිරි මහගන්ටැයි කියංට. 

එන්රික් අය්යටත් ඇනා අක්කාටත් සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි !


- ප.ලි - 

මෙහේ ගිනි පත්තුවෙලාය. බ්‍රෙෂියර් එක දැකපු අපේ ජනාධිපති තුමන් ගේ කුමර බඹසර බිඳිලා රෙද්දේ පැල්ලමකුත් හිටලා ය. රෙදිනැන්දා ඒක පරීස්සා කර බැලුවාය. රටේ ඈයෝ චරිතවත් ජනපති කෙනෙක් ලැබුණු සතුටට රබන් පැළුවාය. ආරංචියේ හැටියට අය්යාට උම්මා දුන් කෙල්ල පහුවෙනිදාම බඩ ගැබ්බර වුණාය. පෙරේදාට පළමුදා කන්දක් විළිලා මීයෙක් වැදුවාය. මීයාට තැබූ නම යහපාලනය ය. ඌට බ්‍රෙෂියර් , බුරි වගේ දේවල් පේන්නට බැරිය. 

අපිට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි !


2015 දෙසැම්බර් 08



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: