ප්‍රේමය විටෙක දුම්රියක් බඳුය. කිසිම අරුමෝසමක් නොමැති ඒකාකාරී රේල් පීලි දෙකක් සහ උකටලීව උඩුබැලිව වැතිර සිටින සිල්පර කොටන් රාශියකට ඉහළින් ඇදෙන ඒ ප්‍රේමයේ දුම්රිය කිසියම් දිනෙක ඔබට මුණ ගැසී ඇතුවාට සැක නැති. වරෙක ශීග්‍රගාමීව,තවත් වරෙක මන්දගාමීව දිවයන,නවතින්නට සිත් නොදෙන නැවතුම්පොළ අසල පවා මූණ සඟවාගෙන නැවතී සිටින, සීතල මීදුම දෙබෑ කරමින් තුඟු ගිරි හිස් අතරින් එකලාව ඇදෙන ඒ දුම්රියෙහි හඬ ඔබට ඇසී නැතිද ?
ඉදින්, කරුණාකර ප්‍රේමයට නිශ්චිත නැවතුමක් නියම නොකරන්න. එයට හැල්මේ ගමන් කරන්නට අවසර දෙන්න.කැමති නැවතුම් පොලක ලැගුම් ලා ඉසිඹු ගන්නට ප්‍රේමයට වුවමනාවක් තිබිය හැකියැයි ඔබට මෙතෙක් කල් නොසිතුණේ මන්ද ? එයට අවැසිම නම් රේල් පීලි අතරින් මිදී කඳුකර මීදුම අතර රිසි මානයකට ඇදෙන්නට ද වරම් දෙන්නේ නම් මැනවි.
ප්‍රේමයට හේතු නොසොයන්න. ප්‍රේමයේ සීමා මායිම් මනින්නට හෝ බර කිරන්නට ගොස් කිරුම් - මිනුම් විෂයයෙහි ඔබගේ අසමත්කම ලොවට ප්‍රදර්ශනය නොකරන්න. එයට උපමා සොයන්නට නොවෙහෙසෙන්න. මන්ද එක සිනාවක් අසල , එක කථාවක් අසල පවා ප්‍රේමය නැවතුම්ලන්නට රිසි වනු හැකි බැවිනි. ඉදින් , කරුණාකර ප්‍රේමයට නිශ්චිත නැවතුමක් නියම නොකරන්න
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි
ප්‍රේමය හැදින්නෙමි
මේ ලෝ තලයේ
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා
ගායනය : ජගත් වික්‍රමසිංහ
පද රචනය : දේශාංජලී වික්‍රමසිංහ
සංගීතය : ජගත් වික්‍රමසිංහ
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment