සෙල්ෆී : සැබෑ දයාව සහ භක්තිය ඇත්තේ එතැනය



දෙදහස් දහ තුන වසර ගෙවී යද්දී ස්පාඤ්ඤයේ ලුසීනා හි කාමලයිට් කන්‍යාරාමයේ දුරකථනයෙහි හඬ පණිවුඩයක් පටිගත ව තිබිණි. දුරකථනය ට ප්‍රතිචාර දක්වන්නට අපොහොසත්ව සිටි කන්‍යා සොයුරියන් මේ පණිවුඩය අසා විස්මයටත් , කලබලයටත් පත් වූහ. 


"දුරකථනය ට පිළිතුරු දෙන්න බැරි තරමට මේ තාපසිකාවන් මොනවා කරනවද මන්දා ?" එම ප්‍රශ්නය අසන්නේ අතිශය විනෝදජනක සහ මිත්‍රශීලි ස්වරයකිනි. "මම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ - මම අදහස් කළා මේ වසර අවසානයේ ඔබට සුභ පතන්නට. පසුව ඇමතුමක් දෙන්නම්. ඔබට දෙවි පිහිටයි " 



ඇමතුම පමණක් නොව සුදොවුම් පාප් වහන්සේගේ සිනහව ද , හැසිරීම ද අතිශය මිත්‍රශීලි ය.
මේ ඡායාරූපයේ එළි දකින්නේ පාප් වහන්සේගේ පළමු ආසියානු සංචාරය වන දකුණු කොරියානු සංචාරයේදී ය. ඒ පාප් වහන්සේ නමක් විසි පස් වසරකට පසු දකුණු කොරියාවට පා තබන ඉතිහාසගත අවස්ථාවයි. එයට එක් වීමට වරම් ලබන ගැටවරයෙක් ට පාප් වහන්සේ සමග සෙල්ෆියක් ලබා ගැනීමේ ආසාවක් ඇති වේ. කතෝලික බැතිමතුන්ගේ ජීවමාන දෙවිඳුන් බඳු පාප් වහන්සේ එම ගැටවරයාගේ අහිංසක ආසාව දෙස දයාවෙන් බලන්නේ සිනහමුසු සහ විනෝදකාමී හැඟුමෙන් ඡායාරූපයට පෙනී සිටීමෙන් ය.

සැබෑ දයාව සහ භක්තිය ඇත්තේ එතැනය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment