දෙසැම්බර් 02 : ෆිදෙල් කස්ත්‍රෝ කියුබානු ජනරජයේ 17 වැනි ජනපතිවරයා බවට පත් වේ


1976 වසරේ අද වැනි දවසක,ෆිදෙල් කස්ත්‍රෝ කියුබානු ජනරජයේ දහ හත් වැනි ජනපතිවරයා ලෙස ධූරයේ වැඩ භාරගනු ලැබීය.
1959 වසරේ ජනවාරි මස පළමු වැනිදා එතෙක් කාලයක් කියුබාව පාලනය කළ ජනපති බැටිස්ටා පරාජයට පත් කිරීමට ෆිදෙල් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා සමත් විය. ගරිල්ලා සටනෙන් විජයග්‍රහණය කරා ගෙන ගිය කියුබානු විප්ලවය අවසානයේ ක්‍රස්තෝ නව රජයේ අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. විප්ලවීය සටන්කරු චේ ගුවේරා ද එම රජයේ අමාත්‍ය ධූරයක් දැරූ අතර 1976 දෙසම්බර් මස දෙවැනි දා වන තෙක්ම කියුබාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ ෆිදෙල් කස්ත්‍රෝ ය. ජනපතිවරුන් දෙදෙනෙක් යටතේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කස්ත්‍රෝ හට කියුබානු පළමු පුරවැසියා බවට පත් වීම හරහා විශේෂයෙන් ලැබුණු දෙයක් වේ නම් ඒ සතුරු බලවේග යනුවෙන් හැඳින්විය හැකිය. ඝාතන ප්‍රයත්නයන් , වෙළඳ සම්බාධක වැනි අභියෝග මැද වුවද කස්ත්‍රෝ තම ප්‍රතිපත්ති ලිහිල් නොකරම කියුබානු ගමන මෙහෙයවීමට සමත් විය.



කස්ත්‍රෝගේ අගමැති - ජනපති ධූර කාලය තෙක්ම ඔහු හා ගැටුණු ඇමරිකානු ජනපතිවරුන් දස දෙනෙකි. 2008 දී ඔහු ධූරයෙන් සමුගත් පසුව බලයට පත් වූ බැරක් ඔබාමා යනු කියුබාව සමග මිත්‍රශීලී වූ එකම ඇමරිකානු ජනපතිවරයා ය. එසේ වී නුමුදු කියුබාව ඇමරිකාවේ හොඳ හිත පිළිබඳ කිසිදිනෙක හෝ නොතැවෙන්නට ඇති බව කැස්ත්‍රෝ ප්‍රමුඛ කියුබානු රජයේ හැසිරීම් වලින් පසුගිය කාල සිමාවේදීම දක්නට ලැබිණ.
2016 වසරේ නොවැම්බර් මස 25 වැනිදා ලොවෙන් සමුගන්නා විට ෆිදෙල් කැස්ත්‍රෝට වයස අනූවකි. අගමැති කම දැරූ වසර ගණන දහ හතකි. ජනපති ධූරය දැරූ වසර ගණන තිස් දෙකකි.
නමුත් ඔහු ඉතිරි කළ මතකය නවතින්නේ සියවසකටත් එහා දුරකින් විනා ඉන් පෙරාතුව නම් නොවේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment