මාෂල් ජනතා ! කවුරුදෝ ඔබ කවුරුදෝ


'දොර කවුළුවෙන් එබී බලා' ගීතයේ අද ඇසෙන්නේ ෂර්ලි වෛජන්ත-මාලනී බුලත්සිංහල ගැයූ පසු ගායනය යි. එය බටහිරට ලැදි තානයක් සහිත සංගීතයකින් , කඩිනම් ව ගැයෙන, මිහිරි ගීයකි. 

නමුත් මෙහි මුල් ගායනය, එනම් 'යොවුන් ගී' කැසට් පටයට මාෂල් ජනතා - චන්ද්‍රලේඛා පෙරේරා ගයන ගීතය අසන විට පැරණි නාද මාලා අතරින් ඉපැදෙන පැරණි හඬ මතකය කෙතරම් ආනන්දජනක ද ? ෂර්ලි වෛජන්තගේ කටහඬට ට වඩා සිය දහස් ගුණයක පෞරුෂයකින් හෙබි මාෂල් ජනතා ගේ පැහැදිලි කටහඬ ද, මාලනී බුලත්සිංහලගේ පුහුණු කළ සීනු ස්වරයට වඩා හදවත ට ගැයෙන චන්ද්‍රලේඛා පෙරේරාගේ නැවුම් කටහඬ ද මේ ගීතය පුරා ඉස්මතු වී ඇසෙයි. 

ඉතිහාසය තුළ මාෂල් ජනතා නම් සංගීතවේදියා වෙනුවෙන් වෙන් වූ ඉඩ ප්‍රමාණවත්දැයි නැගෙන සෝක භරිත සිතිවිල්ල සමග මේ ගීතය නැවත නැවත අසමි. 

'කවුරුදෝ ඔබ කවුරුදෝ ... මන්දහාසයෙන්' ලෙස මාෂල් ජනතා ගයන පද කීපය අසමි. ඒ පැහැදිලි හඬ පෞරුෂය ලාංකේය සංගීත පරිධියෙන් විතැන් වීමත් අවසානයේ කේමදාස සංගීත වෘන්දයේ හඬක් ලෙසින් පමණක් ම නැංගුරම් ලෑමත් පිළිබඳ ව දුක් වෙමි. අනෙක් අතට ඒ නිසි අවධානය නොලද හඬ එක්වනම නිහඬ නොවී එවන් මහ ගසක් සෙවණේ හෝ අවදි වුණියැයි සිතා සතුටු වෙමි. 

මාෂල් ජනතා ! 
කවුරුදෝ ඔබ කවුරුදෝ ... මන්දහාසයෙන්



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment