බතික් රෙද්ද සහ පඬු රෙද්ද


බතික් රෙද්දක් පොරවා පෙරහරට ඇදගෙන යන හස්ති රාජයාගේ සහ පඬු රෙද්දක් පොරවා බණට , පිරිතට වඩමවාගෙන යන සාමණේර භික්ෂුව අතර කිසිදු වෙනසක් නැත.

මේ දෙපාර්ශ්වයටම තමා මුහුණ දී ඇති සැබෑ තත්ත්වය සහ තමාට මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ කුමක්දැයි යන්න ප්‍රකාශ කිරීමට ඉඩ අවකාශයක් නොමැති අතර නිසැකව ම මේ දෙපාර්ශ්වය වෙනුවෙන් ම හඬ නැගිය යුතුව ඇත්තේ ඔවුන්ගේ කුලකය ට පරිබාහිර පාර්ශ්වයන් විසිනි.

ඒ හැරුණු කොට ; මේ දෙපාර්ශ්වය අතර දක්නට ලැබෙන ප්‍රබල සමානතා කිහිපයකි. ඔවුහු අවබෝධයකින් තොරව චිරාගත සම්ප්‍රදායයක් වෙනුවෙන් තම ජීවිතය කැප කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වන්දනීය මුලාවකට හසුවෙති. පඬු රෙද්ද සහ බතික් රෙද්ද පෙරවූ සැණින් මේ දෙපිරිසම ආගම නම් බන්ධනයකින් වෙලී යන අතර එතැන් සිට එම බන්ධනය ම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අහුරාලන හූනියමක් වනු ඇත.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment