සූර වීර වූ සෙබළ පුතේ (අක්මීමන)



උපන්න මවුබිම රකින්න යන මගෙ 
සූර වීර වූ සෙබළ පුතේ
නිවන් දකින්නට ඒ පිංකම ඇති
මතු භවයෙදි රත්තරං පුතේ

ඇල්ලේ ගුණවංශ හිමි විසින් 1990 වසරේ දී "බල සෙනඟට සමර ගී " කැසට් පටයට රචිත මාලනී බුලත්සිංහල විසින් ගායනා කළ ගීතයකි. කෙටි කාලයක් ඇවෑමෙන් මාලනී බුලත්සිංහල තමා අවබෝධයකින් තොරව එම ගීත ගායනා කිරීම පිළිබඳ කණගාටු වන බව ප්‍රකාශ කර රසිකයින්ගෙන් සමාව අයැද සිටියා ය.
හිරෝෂිමා - නාගසාකි බෝම්බ ප්‍රහාර එල්ල වූයේ 1945 තරම් දුර අතීතයක ය. නමුත් අදටත් ජපානය තිළ ඒ බෝම්බ ප්‍රහාරයේ රසායනික බලපෑම් වලට ගොදුරු වන මනුෂ්‍ය ප්‍රාණීන් දක්නට හැකිය.
ගී ලියා , ආවඩා ඉහළ නැංවූ ලාංකේය යුධ මානසිකත්වය ද හිරෝෂිමා - නාගසාකි බෝම්බ වලට වඩා වෙනස් නම් ඒ මහා පිපිරුම් ශබ්දයෙන් ම පමණි. රාජපක්ෂ රෙජීමය හෝ සිරිසේන පතෝල මැස්ස කියා වෙනසක් නැත. යුධකාමී අතීතයක අඳුරු සෙවණැලි වරින් වර මතු ව මනුෂ්‍යත්වය අභිබවා යන'යුරු දැක දැක ත් ඔබ අප නඩත්තු කරන්නේ ද, උත්කර්ෂයට නගන්නේ ද ඒ මානසිකත්වයම ය.
මිත්‍රවරුනි ; 
ඔබ අපේක්ෂා කර සිටියේ ටී 56 කින් වෙඩි තබන පුවතක් නොව සැවන්දරා මල් පොකුරකින් පහර දුන් පුවතක් අසන්නට ද ?


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment