අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය අරගලයක් මෙහෙයවන ශිෂ්‍යාවකගේ වීඩියෝවක් දකින්න ලැබෙනවා. ඇය ඉතාමත් ආවේගශීලීව අනෙක් සගයින් ව මෙහෙයවනවා පේනවා.
ශිෂ්‍ය අරගල වැරදියි කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. පවතින ක්‍රමයේ යම් නොගැලපීමක් තියෙනවා නම් , අයුක්තියක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ වෙනුවෙන් පාරට බැහැලා කෑ ගහන්න , විරෝධාකල්ප මතයක් දරන්න තරම් ආත්ම ශක්තියක් තියෙන , හිතේ හයිය තියෙන තරුණ තරුණියන් ඉන්න එක ගැන සතුටු වෙන හිතකින් අර දැරිවිව ආදරයෙන් වැළඳගන්න කැමතියි. බර වැඩියි කියලා නිල් මහනෙල් මලක් වත් ඔළුවේ නොගහන දිට්ඨි මංගලිකාලා සිය දාස් ගණනක් තවමත් ඉන්න සමාජයක හෘද සාක්ෂ්‍යයක් කියලා යාන්තමින් දෙයක් හරි ඉතිරි වුණ කීපදෙනෙක් වත් ඉන්න එක ගැන අප්‍රමාණ සන්තෝසයි.
හැබැයි ඉතිං කියන්නම ඕනේ. දෘෂ්ටිවාදීව ගත්තාම නම් ඒ දැරිවි කියන්නේ මොනවද , ඒ හරහා ඒ දැරිවි ට අදහස් කරන්න ඕනේ මොනවද කියලා හිතන්න ගියොත් අපේ ඔලුව කැරකෙනවා.
“මේක කුවේණි හිටිය රට. විහාරමහාදේවි ඉපදුණු රට. කළු වෙළඹ ඉන්න රට. සිරිමාවෝ ඉපදුණ රට"
මහපාරේ වැසිකිළි යන ජාතියක් ය කියලා අදටත් අපි උසුළු විසුළු කරන අල්ලපු රටේ කල්පනා චව්ලා වගේ කාන්තාවන් පවා මානව සංහතියේ සහ විද්‍යාවේ නාමයෙන් ජීවිත කැප කරලා ඉතිහාසයට එකතු වෙනකොට වර්ෂ 2019 දි ලංකාවේ සරසවි ශිෂ්‍යාවකට තමන් ස්ත්‍රියක් වීම පිළිබඳ ආඩම්බරය ඇති වෙන්නේ කුවේණි වගේ බංකොළොත් පුරාවෘත්තයකින් ද ? විහාරමහා දේවි වගේ චරිතයකින් ද ? කළු වෙළඹ , සිරිමාවෝ වගේ සිල්ලර කාරණා ගැන දිගින් දිගටම ආඩම්බර වෙන්න නම් මේ තරම් ඉගෙනගෙන සරසවියට එන්න ඕනේ ද ? මට නම් පේන්නේ ගොඩගේ සාප්පුවේ පොත් රාක්කයක් ඔළුවට වැටුණා වගේ හැඟීමක්. කිසිම අදාලත්වයක් නැති පුරාවෘත්ත , ඉතිහාස , ක්‍රීඩා සහ දේශපාලන කාරණා ටිකක් එකපාර කලවමේ ඔළුවේ වැදෙන්න නම් එහෙම දෙයක් වෙන්නම ඕනේ.
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ එඩ්වඩ් - චරිතාගේ සිංදුවක මෙහෙම ලියනවා.
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ පෙවූ
පරපුරක් බිහි කරවු මාවතේ තනි නොවූ
ඒ කියන්නේ වීදි දරුවෝ ගැන නෙමෙයි කියලා තේරෙන්න මෙච්චර කාලයක් ම ගියා.
0 comments:
Post a Comment