ශිෂ්ඨාචාරය ආපස්සට ගමන් කරමින් ඇත.

ත්‍රස්තවාදියාට ජාතියක් හෝ ආගමක් නැතැයි යන්න සති තුනක් යන්නටත් පෙර තම ක්‍රියාවෙන්ම ඔප්පු කළ සිංහල නොමිනිසුනි ; නුඹලාට අපගේ ප්‍රණාමය !
මිනිසත් බව කෙළෙසමින් මතුවන තිරිසන් භාවයට කුරාණයේ ; බයිබලයේ හෝ ධම්ම පදයේ ඉගැන්වීම් වල කිසිදු සම්බන්ධතාවයක් නැති බව නුඹලා විසින් ම පෙන්වා දී ඇත.
විනාශය උදා වන්නේ කොළඹ සුපිරි හෝටලයකට , ජනාකීර්ණ දේවස්ථානයකට මරණය සහ ඝාතනය ම වනපොත් කළ රැවුල්කාර මුසල්මානුවෙකු විසින් බැග් පැක් එකක සඟවාගෙන එනු ලබන බෝම්බයකින් පමණක් නොවන බව දැන් අප දනිමු.
නිහඬ නිසංසල ගම්පියසක ; සාමකාමී ජනපදයක සාමාන්‍ය ජීවිතයක් ගත කරන ; රැවුල වවා නොමැති ; අන්තවාදී ඉගැන්වීම් යනු කුමක්දැයි පවා නොදන්නා සිංහලයෙකු හෝ දමිළයකු විසි කරන ගල් කැටයක ; දඬු මුගුරක පවා ඒ අවාසනාවන්ත විනාශය ඒ ලෙස ම ගැබ් ව ඇත.
ඉස්ලාම් අන්තවාදය ඇසුරෙන් මිනිස් බෝම්බ බවට පත් වන සහරාන් ලා පිළිබඳ සමස්ත මුස්ලිම් ප්‍රජාව ම වගකිව යුතු නැත.
මන්ද යත් ; 
මා උගත් ආනන්දයේ ම ඉගැන්වූ සුසිරි සිරිවර්ධන ගුරු මාතාවගේ පුත්‍රයා වන ආනන්දයේ ම උගත් මධුමාධව අරවින්දගේ නිහීන ක්‍රියාවන්ට සමස්ත සිංහල සමාජය ම වගකිව යුතු නැති බැවිනි.

මිත්‍රවරුනි ; 
ශිෂ්ඨාචාරය ආපස්සට ගමන් කරමින් ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Dear Kaseera,

    You have well proven that no need many words to a big story, to read our uncivilized life.

    Best Regards,

    Thilak

    ReplyDelete