ඉදිරියේ දී පැවැත්වෙන විභාගයට පුනරීක්ෂණ පංති - දැන් ඇරඹුණා !


පසුගිය වසරේ පෙබරවාරි - මාර්තු කාල සීමාවේ මහනුවර ප්‍රදේශයේ හටගත් සිංහල - මුස්ලිම් ගැටුමෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව දෙකක් ලෙස ගණන් බැලිණ.
තෙල්දෙණිය අම්බාල පදිංචිව සිටි කුමාරසිංහ යනු මියගිය දෙදෙනාගෙන් එක් අයෙකි. අවමඟුල තෙක්ම ගිහි - පැවිදි පිරිස් නිවෙස අරක් ගෙන සිටි නමුත් ඉන් පසුව කුමාරසිංහගේ අබල දුබල මව සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවා සමග බිරිඳ තනි ව අපහසුවෙන් දිවි ගෙවන බව මෑතක දී වාර්තා විය. අවමඟුල් උත්සවය සමයේ මුස්ලිම් සමිතියකින් රුපියල් පණස් දහසක් පිරි නැමූ බව කුමාරසිංහගේ බිරිඳ පවසා තිබූ අතර ඔහුගේ මව පවසා තිබුණේ අද වන විට විශේෂ අවශ්‍යතා සහිත කුඩා දරුවා ට රජයෙන් පිරිනැමෙන තුන්දහස ද ඔවුන්ගේ වියදමට පිරිමසා ගන්නට වී ඇති බවයි. අවමඟුලෙන් පසුව කිසිවෙක් බලන්නට නොආ බව පැවසූ ඔවුන් සිදුවීමේ දී මියගිය අනෙක් පුද්ගලයා වූ මුස්ලිම් තරුණයාගේ පවුලේ සාමාජිකයින් පැමිණ දුක සැප විමසා ගිය බව ද පැවසූහ.
ඒ මියගියේ කෙන්ගල්ල පදිංචි බාසිත් ය. ඔහුගේ මරණය වෙනුවෙන් රජයේ තක්සේරුව රුපියල් ලක්ෂ එක හමාරකි. බාසිත් ගේ සහෝදරයා පවසා තිබුණේ රජය එලෙස අත සෝදා ගනිද්දී මුස්ලිම් ප්‍රජාව ලක්ෂ හැටකට අධිකව වියදම් කර ඔවුන් දැනට වෙසෙන නිවෙස ඉදිකර දුන් බව ය. තමා කණගාටුවන්නේ කුමාරසිංහ මහතාගේ පවුලේ සාමාජිකයින් අද පත් ව සිටින තත්ත්වය පිළිබඳ බව පැවසූ ඔහු කුමාරසිංහගේ මරණයට මුවා වී කිලෝමීටර විසි දෙකක් ගිනි තියන්නට එක් වූ ගිහි - පැවිදි ප්‍රජාව අද කොහේ සිටින්නේදැයි ප්‍රශ්න කළේ ය. එදා කුමාරසිංහ ඝාතනයට ලක් වූ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ලක්ෂ 15 ක් පිරිනමන්නට සූදානම් වුවද එය මරණය වවාගෙන කමින් සිටි පිරිස එය භාරගන්නට ඉඩ නොදුන් බව ද සිහිපත් කළේ ය.
2018 මාර්තු මාසයේ දී ජාතිවාදී ප්‍රකාශ සහ මිනිසුන් උසිගන්වන සුළු පණිවුඩ සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හළ "සිංහලේ අපි" සමූහයේ ඇඩ්මින් වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. හෝමාගම පදිංචි වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙක් වූ සැකකරු මාකොළ ළමා රැඳවුම් කඳවුර වෙත භාර කරන්නට අධිකරණය නියෝග කළ මොහොතේ ඔහුගේ දෙමාපියන් මහ හඬින් හඬා වැටුණු බව එකල පුවත්පත් වල සඳහන් විය.
මිත්‍රවරුනි; මතකද ඒවා ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment