
එතකොට මෙච්චර වෙලා බලං උන්න පිරිස මේක පාකිස්ථානේ අහවල් ප්‍රදේශය කියලා , පාකිස්ථානයට ජය පතන පාඨ කියන ගමං වින්ග් කමාන්ඩර් අභිනන්දන් ට නෙළන්න ගත්තාලු.
අනේ අපිට බෑ ඕවට හිනාවෙන්න. ඔය සිද්ධියම අවුරුදු පහක් ඇතුළත දෙපාරක්ම වුණ රටක් මේක. මේක ඉන්දියාවයි කියලා ලණුව දුන්න පාකිස්ථාන් කාරයා වගේ උන් මේ රටේ ඕනෑ තරම්.
එක පාරක් නැකැත් කාරයෙක්ගේ වචනෙට රැවටිලා 2015 දි කලින්ම ජනාධිපතිවරණේ තිබ්බා. තියෙනකං ඉඳලා අනික් උන් වටවෙලා නෙළුවා.
ඒත් ලැජ්ජා නෑ. ගිය අවුරුද්දේ ලොකු තැනගේ ලණුවක් කාලා අගමැති පුටුවේ වාඩි වුණා. මාස දෙකක් ඉන්න වුණේ නෑ. වාඩිවෙනකං ඉඳලා අනික් උන් වටවෙලා නෙළුවා.
ලංකාවටත් වින්ග් කමාන්ඩර් අභිනන්දන්ලා එක්කෙනෙක් ඉන්නවා. එයා වටේටම ඉන්නේ එහෙම පිටින්ම පාකිස්ථානයක් !
ඔය කියන චරිතයට නෙලන එක නම් දැක්කේ කණගාටුවකින්. ඒත් ඉන්දියවට තමා කොතරම් පුංචි දැයි පෙන්නපු ඉම් රාන් ඛාන් ගැන නම් හිතට ආවේ පොඩි ආතල් එකක්.
ReplyDelete(මේ ඔබ මතු කරණ්නට යන්ත දැරූ මත වාදය නොවන බව මා දනිමි. පෝස්ටුව මතු පිටින් අත ගෑ බව සිතා මල පනින්න එපා!)