Nanceen Perry | හිමිකම සහ අත් හැරීම | 2000



2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 4x100 කාන්තා සහාය දිවීමේ ලෝකඩ පදක්කම සහ මීටර 4x400 කාන්තා සහාය දිවීමේ රන් පදක්කම හිමි වූයේ ඇමරිකාවට ය. එම උළෙලේ තනි ඉසව් තුනක් සඳහා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනූ මේරියන් ජෝන්ස් ජයග්‍රාහී සහාය දිවීම් කණ්ඩායම් දෙකම නියෝජනය කළාය. 

2007 වසරේ දී මේරියන් ජෝන්ස් විසින් තහනම් උත්‍තේජක භාවිතා කළ බව පිළිගත් අතර 2000වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දිනූ පදක්කම් සියල්ල අවලංගු කෙරිණ. සහාය දිවීමේ පදක්කම් දෙක ද එයට ඇතුළත් විය. 

නමුත් අභියාචනයක් ඉදිරිපත් කළ ඇමරිකානු කණ්ඩායම මේරියන් ජෝන්ස් ගේ ජයග්‍රහණ අවලංගු කිරීමත් සමග සමස්ත සහාය දිවීමේ ජයග්‍රහණ ද්විත්වයම අවලංගු නොකරන ලෙස ඉල්ලීමක් කළහ. සහාය දිවීමේ තරග සඳහා මේරියන් ජෝන්ස් හැරෙන්නට තවත් ඇමරිකානු තරගකාරියන් අට දෙනෙක්‍ට පදක්කම් හිමි ව තිබිණ. 4x100 ඉසව්වේ තිදෙනෙක් සහ 4x400 ඉසව්වේ සිව්දෙනෙක් ලෙසින් වූ එම ජයග්‍රාහිකාවන් හත් දෙනා අතරින් හය දෙනෙක්ම තම පදක්කම අවලංගු නොකරන ලෙස අභියාචනයක් ඉදිරිපත් කළාය. 

නමුත් මීටර 4x100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ නැන්සීන් පෙරී ඒ සඳහා සහභාගී වූයේ නැත. ඇය සිඩ්නි ඔලිම්පික් උළෙලේදී දිනූ ඒ ලෝකඩ පදක්කම හැරෙන්නට වෙනත් කිසිම ප්‍රධාන පෙළේ පදක්කමක් දිනා තිබුණේ ද නැත. එසේ නමුත් ඇය මේරියන් ජෝන්ස්ගේ වංචාව නිසා අහිමි කළ පදක්කම නැවත ඉල්ලන්නට උත්සාහ කළේ ද නැත. අවසානයේ දී ඇමරිකානු අභියාචනය ජයගත් අතර නැන්සීන් පෙරී ඉල්ලා නොසිටියද ඇයගේ ද ලෝකඩ පදක්කමේ හිමිකම තහවුරු විය. 

නමුත් කිසිදු ප්‍රධාන තරගාවලියක පදක්කමක් දිනා නොසිටි නැන්සින් පෙරී තමා දිනූ එකම එක ඔලිම්පික් පදක්කම උදෙසා තව දුරටත් පෙනී නොසිටියාය. 

බොහෝ දෑ ඇති මිනිසුන් සුළු දෙයක් පවා අත් හරින්නට පැකිළෙන යුගයක තමා සන්තක වූ වටිනාම දෙය අත්හැරීම මේ තරම් පහසුවෙන් කළ හැකිද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment