රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල්‍යය


රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල්‍යය හරහා පොදු ජනතාව උගත යුතු පාඩම් වන්නේ ඔහු පැළඳි බඳ පටියේ සන්නාමය හෝ ඔහුගේ බිරිඳ පෙනී සිටි වෙළඳ දැන්වීම හෝ විවාහ මංගල්‍යයේ දී සංග්‍රහ කළ ආහාර පාන යනාදිය නොවේ.
දේශපාලන වේදිකා මත තමාගේ සිංහල - බෞද්ධ කම විකුණන දේශපාලනඥයින් තම ප්‍රායෝගික ජීවිතය තුළ දී එම සීමා වලට කොටු වන්නේ නැති බවය. දේශපාලන වේදිකා මත උත්කර්ෂයට නැගෙන සිංහල - බෞද්ධ කතන්දර වලින් මෝහනය වන ඡන්ද දායකයා ළිං කටෙන් ගොඩ නොඑන විට දේශපාලකයින් විශ්ව ගම්මානයක නිදහස රිසි සේ භුක්ති විඳින බව ය.
ඡන්දදායකයින් දේශපාලනය උදෙසා හදිසියකට උදව්වට සිටින අසල්වාසීන් සමග ගහ මරාගත්ත ද , නැදෑකම් අතහැරියද දේශපාලකයින් රෙදි ඇඳගෙනම ප්‍රතිවාදී පිළේ විවාහ මංගල්‍ය වලට සහභාගී වන බවය.
තමන්ට බලය අහිමි වූ විට පොදු දමිළ ජාතියම ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූ දේශපාලකයින්ම තම පවුලේ විවාහ මංගල්‍යයන් සාධාරණීකරණය කරනු පිණිස කෝවිල් වලට වුවද රිංගන්නට සූදානම් බවය. දේශපාලන බලය ඇති අන්‍යාගමිකයන් දේශපාලනික ක්‍රමෝපායයන් වෙනුවෙන් තම සිද්ධස්ථාන ප්‍රදර්ශනාත්මකව භාවිතා කරන විට තම බැතිමතුන් වෙත දහසක් නීති පනවන, බැතිමතුන්ම මඩවන පූසාරීන් නිහඬව මුනිවත රකින බව ය.
කාඩිනල් යනු තක්කඩි කම පාර්ශ්වයෙන් කිසිවෙකුටත් නොදෙවෙනි පුද්ගලයෙක් බව ය. සමස්තයක් වශයෙන් පැවිද්දා යනු ධනය , බලය හමුවේ තම වචනය වෙනස් කරන එදා වේල පිණිස ලෝගුව හෝ චීවරය දරන වෘත්තිකයෙකු විනා අමුතුවෙන් අදහන්නට තරම් වෙනස් කොට්ඨාසයක් නොවන බව ය.
මිත්‍රවරුනි ;
අපි දේශපාලකයින් කැපූ ජාතිවාදී , ආගම්වාදී ළිං වල වැටුණු ගෙම්බන් වද්දී , ඔවුන් ආගමික නායකයින්ගේ සහාය සමග විශ්ව ගම්මානයේ නිදහසේ සැරි සරති.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment