"රංජනීට උපන්දින උත්සවයක දී මාමා කෙනෙකුගෙන් බෝනික්කෙක් ලැබුණු දා මම තදින් හැඬුවෙමි. එකල මගේ වයස කීයදැයි කීමට මතක නැතත් මා පාසල් නොගිය කාලය බව නම් ස්ථිරව ම කිව හැකිය. ලොකු නංගී නිදා සිටි පැදුර මත වැතිරගත් මම හඬන්නට පටන් ගතිමි.මා හැඬුවේ රංජනී වෙත තිබුණු බෝනික්කා ගැන නොවේ. හෙට මට අම්මා ගෙනත් දෙතැයි සිතාගෙන සිටි - දැන් අහිමි වී තිබෙන - මගේ බෝනික්කා මතක් වීමෙනි."
1966 වසරේ දී කරුණාසේන ජයලත් තම " ගැහැණු ළමයි" කෘතියෙහි සඳහන් කරන්නේ රංජනී ගේ බෝනික්කා ගැන නොව තමාට අහිමි බෝනික්කා ගැන හැඬූ කුසුම් පිළිබඳවය. ඇය මුළු ජීවිත කාලයේම හැඬුවේ අනුන්ට හිමි වූ දෑ උදෙසා නොව තමන් සතුව තිබී තමන්‍ට අහිමි වූ දෑ පිළිබඳවය.
නමුත් රංජනී ට බෝනික්කෙක් සිටියා යැයි කතාව එතැනින් අහවර කරන්නට ඉඩ නොදෙන්නේ කරුණාසේන ජයලත් ට හරියටම වසර පණහකට පසුව එනම් ; 2016 වසරේ දී ටිරන් කුමාර බංගගමආරච්චි රාවය පුවත් පතට ලියන සංවාදයක එක් පිළිතුරක් ඇස ගැසීමෙන් පසුවය. "ගැහැණු ළමයි" කියවූ මුල් දා කුසුම් කෙරෙහි ඇති වූ කම්පනය තවමත් පහ වී නොමැත්තා සේම වසර දෙකකට පෙර පුවත්පත කියවූ දා රංජනී ගැන ඇති වූ කම්පනය ද සුව නොවන තුවාලයකි. ඒ ලේඛිකා සීතා රංජනී ගේ අතීතය තැවරුණු වදන් ය.

"පින්තූර පැත්තකින් තියමුකෝ. පුංචි කාලේ මට සෙල්ලම් බඩු තිබුණේ නැහැ. මට අද වගේ මතකයි අම්මා පොළට ගිහිල්ලා පැකට් කරලා තිබුණු බෝනික්කෝ හතරදෙනෙක් තියෙන පුංචි පැකට් එකක් ගෙනාවා. ගෙනල්ලා ගැහැනු ළමයි හතරට බෙදලා දුන්නා. මල්ලිත් බෝනික්කෙක් ඉල්ලලා ඇඬුවා. මම පවුලේ වැඩිමලා හින්දා අම්මා කිව්වා ලොක්කි ඕක මල්ලිට දෙන්න කියලා. මගේ ළමා ජීවිතයටම ලැබුණු පළමුවැනි සහ එකම සෙල්ලම් බඩුව. මට විනාඩියක් අතේ තියාගන්න බැරිවුණා. ගෙදර ලොක්කි වුණාට මාත් එතකොට පොඩ්ඩියෙක්. මගේ පුංචි හිතට ආපු දුක අදටත් තියෙනවා "
ජයලත් ගේ පරිකල්පනයේ ඉපැදුණු කුසුම් ට බෝනික්කෙක් නොලැබෙන විට අඩුම තරමේ රංජනී සතුව හෝ බෝනික්කෙක් තිබිණ. එනමුත් තමාට ලියන්නට තිබූ සිහින පවා ලියා ගන්නට බැරි වූ බව පවසන සීතා රංජනී ; අපට ඉඟි කරන්න්නේ සැබෑ ලෝකයේ දී රංජනී පවා බෝනික්කෙක් නොලැබ කඳුළු සැලූ බවය.
යළිත් සිහිවන්නේ ජයලත් සහ ගැහැණු ළමයි හි කුසුම් ය.
"ලියනගේ දෝන කුසුමාවතී එහි සිටිතැයි මට මතක් විය. පුංචි ගැහැණු ළමයකු අතින් අල්ලාගෙන බාල සාරියක් ඇඳගෙන මේ පාරේ යන මා නොව අනාගතය ගැන උසස් බලාපොරොත්තු ඇතිව දක්ෂ ලෙස ඉගෙන ගත් දුප්පත් කුසුමාවතී !"
ජයලත් ! ඔබ රංජනී ගැන ද මේසාම ලිවිය යුතුව තිබිණ.
0 comments:
Post a Comment