ප්‍රාතිහාර්යය සහ ලංකාවේ නීති පද්ධතිය


ඉස්සර කාලේ දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන සාන්තුවරියක් හිටියලු. හැබැයි මේ සාන්තුවරියගේ සැමියා ඒ වගේ පුණ්‍ය වැඩ වලට කැමති නෑලු. ඉතිං ඔක්කොම හොඳ දේවල් කරන්නේ හොර රහසේලු. දවසක් මේ සාන්තුවරිය බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් පාන් ටිකක් බාස්කට් එකක දාගෙන වහගෙන යනකොට සැමියා එක පාරට කඩා පැනලා ඇහුවලු " මේ බාස්කට් එකේ මොනවද ගෙනියන්නේ " කියලා. සාන්තුවරිය බය වුණු පාරට කිව්වලු "රෝස මල්" කියලා. ඒක විශ්වාස නොකරපු සැමියා බාස්කට් එක ඇරලා බැලුවලු. ප්‍රාතිහාර්යයක් සිද්ධ වෙලා. දැන් බාස්කට් එකේ තියෙන්නේ රෝස මල් !!!
මේ කාලේ රාජ්‍ය ඇමති කෙනෙක් ගේ පුත්‍රයෙක් පදවපු වාහනය හදිසි අනතුරට ලක් වුණාලු. ඒ වෙලාවේ වාහනයේ තිබිලා වොඩ්කා බෝතලයක් හම්බ වුණාලු. මේ ගැන මාධ්‍ය මගින් රටටම කිව්ව අතරේ රාජ්‍ය ඇමති තුමා ප්‍රාතිහාර්යයක් ගැන කතා කළා. පුතා ගෙනිච්ච වොඩ්කා බෝතලේ ඇතුළේ තිබ්බේ වතුර කියලා කිව්වා.
එදා පාන් ගෙනිච්චේ සාන්තුවරියක් නිසයි මෙදා රිය අනතුර කළේ රාජ්‍ය ඇමති කෙනෙක් ගේ පුත්‍රයෙක් නිසයි මේ වගේ ප්‍රාතිහාර්ය අඩුවකින් තොරව සිද්ධ වෙනවා.
වැරදිලා හරි අර සාන්තුවරිය නිකම්ම නිකම් ගමක ගෑණු මනුස්සයෙක් වුණා නම්, රෝස මල් බාස්කට් එකක් අරගෙන ගියාම වුණත් ඒක ඇරලා බලනකොට තියෙන්නේ පාන්.
කැම්පස් කොල්ලෙක් පොලිසියකට හත් ගව්වක් දුරින් සූප්පුවක් ගහපු වතුර බෝතලයක් එක්ක යනකොට අල්ලා ගත්තා කියමුකෝ. එහෙනම් ඒ බෝතලේ අනිවාර්යෙන්ම තියෙන්නේ වොඩ්කා.
ප්‍රාතිහාර්යය සහ ලංකාවේ නීති පද්ධතිය අතර මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩිං එකක් තියෙනවා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Where is awareness.. why does people keep silence?
    Media wouldn't do anything either.seems we keep going around the bush and letting this rascals to the same again and again..

    ReplyDelete