රාලේ බැඳපං කිරි පුස්සා – රාලේ බැඳපං අපෙ පැඟිරා


පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කළයි කිරිපුස්සා 
සරුබිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා 
ආයෙත් සෙක්කුවෙ මේ සරුබිම හොයන්න
බඳිනවදෝ කිරිපුස්සා

සෙක්කුව නාට්යයට වසර 42 කි. පරාක්රම නිරිඇල්ල නම් තරුණ නාට්යවේදියාගේ මුල්ම නාට්යය වන “සෙක්කුව” කතාවට පාදක වූයේ එස්. ජී. පුංචිහේවාගේ ‘අහේතුවට හේතුව’ නම් උපමා කතා සංග්රහයේ එන “සෙක්කුව” නම් කතාව බව නිරිඇල්ල වරෙක පැවසීය. ඔහු දේශපාලන රැළි දහසකින් පවසන්නට නොහැකි බොහෝ දෑ සෙක්කුව සෙක්කුව වේදිකා නාට්යය ඔස්සේ සාකච්ඡා කළේය. දේශපාලන රැළි සියයකින් පහදන්නට බැරි යථාර්ථයක් මේ කුඩා ගීතය තුළ කැටි කළේය. අද වන විට පරාක්රම නිරිඇල්ල හෝ සෙක්කුව නොදන්නා කලා ලෝලියෙකු සිටී නම් එය හඹුවකි.
නමුත් දසක හතරක් තිස්සේ “සෙක්කුව” හොඳින් දන්නා අප තවමත් ලත වන්නේ “අහේතුවට හේතුව” කුමක්දැයි වටහාගත නොහැකිවය. සෙක්කුවෙහි බඳින්නේ කවුරුන්දැයි තීරණය කිරීමේ බලය අප අත ඇති මුත් අප සදාකාලිකවම ඒ පිළිබඳව අනුනට චෝදනා කරමින් සිටිනෙමු.
“රාලේ බැඳපං කිරි පුස්සා – රාලේ බැඳපං අපෙ පැඟිරා” යන්න විටෙක ඉල්ලීමකි. විටෙක අණ කිරීමකි.තවත් විටෙක දේව වාක්යයකි. උගත් පාඩම් පිළිබඳ කොමිසම් පිහිටවූවද උගත් කිසිදු පාඩ්මක් නොමැති ප්රජාන්තාන්ත්රික සමාජවාදී ජනරජයක ජීවත් වන අපි නිරන්තරව සෙක්කුව පිළිබඳ තැවෙමින් , සෙක්කුව පිළිබඳ විඳවමින් සිටිමු. පරාක්රම නිරිඇල්ල මීට වසර හතළිස් දෙකකට පෙර එය නිෂ්පාදනය කළේය. අප එය නරඹා පැහැදීමට පත් ව , වෙනදා මෙන්ම අමනෝඥ ලීලාවෙන්ම දිවි ගෙවන්නෙමු.

බුද්ධදාස ගලප්පත්ති සූරීන් ගේ "හිමිදිරිය" වෙබ් අඩවිය වෙනුවෙන් ලියන ලද්දකි.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment