කඳුලක හැඩය මහ සයුරේ දකීවිද


බ්‍රිතාන්‍යයේ වෙසෙන ශෙරී ඈචසන් (Sheree Atcheson) නම් තරුණිය තම ශ්‍රී ලාංකික මව සෙවූ පුවතත් , ඇයගේ මවයැයි පවසන කාන්තාවක් මැල්සිරිපුරයෙන් හමු වූ පුවතත් සිරස ටී වී ප්‍රවෘත්ති වෙතින් පසුගිය දින කීපයේ අසන්නට ලැබිණ.
1991 පෙබරවාරි 28 වැනිදා නිරෝෂිණී ලෙස උපත ලබා , බ්‍රිතාන්‍ය ජාතික යුවළකට හදා වඩා ගැනීම පිණිස ලබා දුන් මේ දැරියට නිවුන් සොයුරියක් ද සිටින බව ඇයග් මව යැයි පවසන කාන්තාව හෙළි කර ඇත. එම නිවුන් සොයුරිය මේ වනවිට විවාහ වී පුතෙකුද සිටින බවත් ඔවුන් කිසිවෙක් බ්‍රිතාන්‍යට හදා වඩා ගැනීමට දුන් නිවුන් සොයුරියක් ගැන නොදන්නා බවත් වැඩිදුරත් පැවසේ.
දයාසේන ගුණසිංහයන් 1982 වසරේ "නොවඳිමි සිදුහත්" කාව්‍ය සංග්‍රහයේ " එතෙර ගිය පොඩි දුවට…" යනුවෙන් නම් කෙරුණු කවියෙක අවසානයේ මෙසේ ලියයි.
මතු යම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද

වසන්ත ඔබේසේකරයන්ගේ " තීර්ථ යාත්‍රා" සිනමා නිර්මාණය රිදී තිරයට එන්නේ 1999 වසරේදීය. තම සැබෑ පවුල සොයා යන යුවතියක් අත් විඳින කටුක යථාර්ථය එහි නිරූපිතය. යස ඉසුරු සමග නගරයේ හැදුණු වැඩුණු ඇයව ගමකට වී දහදියෙන් පෙඟී රබර් කිරි කපන නිවුන් සොයුරිය ආදරයෙන් වැළඳ ගනී ද ?
එදා ගුණසිංහයන් සහ ඔබේසේකරයන් විනිවිද දුටු අනාගතය ඔබගේත් මගේත් වර්තමානය වී ඇත.
ශෙරී ; 
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද ?





Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. මමත් තීර්ථ යාත්‍රා බැලුවා. මාරම ෆිල්ම් එකක්. මම ආසයි ඒකෙ සංකේත භාවිතාවට. මටත් මේ සිද්ධිය ඇහුවාම මතක් උනේ ඒ ෆිල්ම් එක

    ReplyDelete
  2. කඳුලක හැඩය මහ සයුරේ දකීවිද

    ReplyDelete