" කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අදුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු. පසුදා උදැසන ඔහු හෝමාගම රෝහලේ සිමෙන්ති බංකුවක් මත වැතිර සිටියේය. නල දත ඉතිරි වන සේ මුවට වෙඩි තබා තිබුණද. මරණයට සිනහව උදුරා ගත නොහැකි විය " යනුවෙන් ධර්මසිරි ගමගේ සූරීන් එදා ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාගේ ඝාතනය සම්බන්ධවය. කවියාගේ මරණය ඛේදවාචකයක් වුවද , මරණයට උදුරා ගත නොහැකි වූ සිනහව ගැන ලියන්නට තරම් සමකාලීන පරපුර යම් තරමෙකින් හෝ වාසනාවන්ත වූහ.
මේ සයිබර් යුගයයි.
කවියෙකුගේ ජීවිත පුෂ්පය මිලාන වූ කල්හි මල් පෙත්තක් බඳු නොවූවද ඉතිරි වූ දැදුරු වූ හදවත ද යුනිකෝඩ් වලින් කීතු කීතු ඉරා දමන සැටි දකිමු. ජීවත්ව සිටින්නන්ගේ මුහුණේ ඉතිරිව ඇති සිනහ පොද පවා සුණු විසුණු කරමින් යුනිකෝඩ් වලින් වෙඩි තබන අයුරුද දකිමු.
මරණයට ද උදුරා ගන්නට නොම දී ජීවත් වන්නවුන් උදෙසා ඉතිරි කර ගිය සිනහව වළලන්නට කැසකවනු අයුරු බලා සිටිමු.
නමුත් ;
මරණයට මතකය උදුරාගත නොහැකි බව කවියා ද අප ද හොඳහැටි දනිමු.
අනිවා
ReplyDelete