1965 වසරේ අදවැනි දිනයක ඇමරිකාවේ ටෙනීසී නුවරදී කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ විය. සේවාමුක්ත ඒකාබද්ධ හමුදා සෙබළුන් හයදෙනෙක් පිහිටුවා ගත් මෙම සංවිධානය ලෝක ඉතිහාසයට එක් වන්නේ මනුෂ්‍යත්වයට නිගා දෙන අසංස්කෘතික කල්ලියක් ලෙසිනි. අවාසනාවට මෙන් අදටත් ඇමරිකාව තුළ කූ ක්ලක්ස් ක්ලෑන්හි තෙවැනි පරම්පරාව ක්‍රියාත්මක වේ.

කළු ජාතිකයන් කෙරෙහි වූ අමානුෂික ප්‍රතිපත්ති නීතිමය වශයෙන් ලිහිල් වන විට KKK හෙවත් කූ - ක්ලක්ස් - ක්ලෑන් ගේ අවනීතිය රජයන්නට විය. මහා කළු සංහාරයක් කරමින් , කළු ජාතිකයින්ට පහර දෙමින් , ප්‍රසිද්ධියේ නින්දා කරමින් ජාතිවාදය වැපිරීමේ නොනිල කොන්ත්‍රාත් කරුවා වන්නේ Ku Klux Klanය. එය කෙතරම් තිරස්චීන මට්ටමකට පැතිරුණේදැයි කිවහොත් කළු ජාතිකයින් මරා ගස් වල එල්ලන මට්ටමට KKK මගින් ප්රබෝධයට පත් සුදු ජාතිකයන් ජාතිවාදී හැඟීම් වලින් ඔද්දල් වූහ.

ප්‍රොතෙස්තන්ත ආගම උදෙසා වූ සටනේ ද කඩුව අතට ගත් මේ කල්ලිය කතෝලික දහම වැළැක්වීම පිණිස ඒ හා සමාන භීෂණකාරී පිළිවෙතක් ගෙනයන්නට වූහ. අවසානයේ ඇමරිකානු රජය නොදැක්කා සේ ඉවසා වදාරන කූ - ක්ලක්ස් - ක්ලෑන් හි අවකල් ක්‍රියා පිළිවෙතට එරෙහිව කළු ජාතිකයින් උද්ඝෝෂණය කරන්නට විය. කල්යත්ම රාජ්‍ය සීමාව ද ඉක්මවා යන මට්ටමක් පැමිණි හෙයින් මනුෂ්‍යත්වයේ නාමයට මුවා වූ ඇමරිකානු බලධාරීන් කූ - ක්ලක්ස් - ක්ලෑන් හි ත්‍රස්ත ක්‍රියාවන් මර්දනය කිරීමට ඉදිරිපත් වූහ .
එක් පසෙක මනුෂ්‍යත්වය සහ සමානාත්මතාවය ගැන කිඹුල් කඳුළු හෙළන ඇමරිකාවය. අනෙක් රටවල් වල මානව අයිතිවාසිකම් සොයන්නට දතකන ඔවුන්ගේ ඉතිහාසය පුරා මැකිය නොහැකි පැල්ලම්ය. අනෙක් පසින් මේ කිසිවක් නොදැන ඇමරිකාවට විරුද්ධව මව් බසින් පෝස්ටර් ඔසවන තුන්වන ලෝකයේ රටවල්ය. ඇමරිකාවේ කන්‍යාභාවයට අභියෝග කරමින් තම රට තුළ බිහිවෙන කූ - ක්ලක්ස් - ක්ලෑන් ලාට උඩගෙඩි දෙන රටවැසියන්ය. මිනිසුන් එල්ලා මරන්නට , අනෙක් ජාතිය නසන්නට , අනෙක් ආගම පාගා මඩින්නට උල්පන්දම් දෙමින් ඇමරිකාවට අභියෝග කරනා ශ්‍රී ලංකාවය. ජාතිය සහ ආගමට මුවා වී හිස ඔසවන රාජ්‍ය ත්‍රස්තවාදය ඛුද්දානු ඛුද්දකව කේන්ද්‍රගත වූ පසු ලෝක බලවතා වන ඇමරිකාවට පවා දැරිය නොහැකි බව වටහා නොගන්නා අපේ පාලකයින් ය.
0 comments:
Post a Comment