"බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන්ට වෙඩි තියලා මරලා දාන්න ඕනේ. නැත්නම් බඳින්න ඕනේ " දඩයම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන දසනායක මුදියන්සේලාගේ රත්මලී වරක් එසේ පැවසුවාය.
පසුගිය වසරේ ජූලි මාසයේදී කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ " දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයට සෙරෙප්පු වලින් සහ බඩ ඉරිඟු වහලු වලින් පහර දුන්නේ ද කන්ද උඩරට පේරාදෙණිය සරසවියේ "වළ" නමින් හැඳින්වෙන රංග භූමිය තුළදීය. කෞෂල්‍යා යනු පියරු නිළියක් නොවන නිසාත් , වේදිකා නාට්‍යකරුවන් යනු මහලොකුවට ගණන් ගත යුතු කොට්ඨාසයක් ලෙසනොසිතන නිසාත් බල්ලන් බැඳ දැමීම ගැන බොහෝ දෙනා වධ වූයේ නැත. එය විරෝධතාවයේ ක්‍රමවේදයක් ලෙස ජනගත වන්නට ඉඩ හැරිණ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ක්‍රිකට් තරගය පරාජයට පත් වීමත් සමග කුපිත වූ ක්‍රීඩා ලෝලීන් පල්ලේකැලේ ක්‍රීඩාංගනයට වතුර බෝතල් ප්‍රහාරයක් දියත් කළහ. ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්තියට පත් වූයේයැයි කම්පා වන පිරිස් දැන් බල්ලන් බැඳ තබන්නට යෝජනා ගෙන එති. බලු ප්‍රහාර වල කැත ගැන විවේචන ගෙන එති.
මිත්‍රවරුනි , ජාත්‍යන්තරය කියා අමුතු දෙයක් නැත. රංග භූමියක රඟ දක්වන කලාකරුවන්ට සෙරෙප්පු සහ බඩ ඉරිඟු වහලුවලින් දමා ගසන විට සංවේදී නොවූ අප තණකොළ පිට්ටනියකට වතුර බෝතල් වලින් දමා ගැසූ පමණින් කම්පා විය යුතුද ? රට තුළ මිනීමස් පුච්චා කන ම්ලේච්ඡයින් සේ හැසිරී ජාත්‍යන්තරය හමුවේ සිල් ඇඳුමි සැරසීම පලක් වේද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනී , ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයන් බව ඔප්පු කළ බැවින් ඔබගේ නොවක් භාවයට තුති පුදමි.
අග්ගලාව ගිලින විට නොදැක්කා සේ හිඳ වෙහෙර ගිලින විට ධර්ම සංවේගයට පත් වී පලක් නැත.
Like
ReplyDelete