අවසානයේ ප්‍රේමය ගිනි පුපුරක් බවට පත් විය. දීප්තිමත්ව , උණුසුම්ව දැවී මියැදෙන්නට විය. සැහැල්ලුවෙන් සැරිසැරූ ජීවන පුළුන් රොදට ද එගිනි ඇවිළිණ. ඉදින් තවදුරටත් සාමකාමී බවක් ඇත්තේම නැත. අළු බවට පත් වුණු ප්‍රේමයේ අංශූ මැද සදාතනික වූ දැවීමම පමණක් ඉතිරිව ඇත. කුවේණිය දවාලූ ගිනි ජාලාවම අප දෙදෙන මැද දොළොස්මහේ පහනක් මෙන් ඇවිළෙමින් පවතී. එහි සුන්ව ගිය පේ‍්‍රමයක ගිනි ද සුන්ව ගිය ජීවයක ගිනි ද ඇත.අනාගතයක සුන් වූ ගිනි ද අතීතයකින් උපන් ගිනි ද ඇත. යළි යළිත් පිරික්සා බැලුවෙමි. එදා අප බැඳ තැබූ සදාකාලිකැයි සිතූ ප්‍රේමය පමණක් දක්නට නැත.
දැන් ඉතිරිව ඇත්තේ දැවීමත් නිවීමත් අරමුණු කරගත් ජීවිත ගමනකි. ප්‍රේමයේ සලකුණක් වත් සොයනු නොහැකි දිනයෙක මෙගිනි නිවෙනු ඇත. එකිනෙකා නොහඳුන අප එදිනට මහත් සැහැලුවෙන් හිනැහෙනු ඇත. පුළුන් රොදක් බඳු ජීවිත ප්‍රේමයෙන් යළි යළිත් දවාලනු ඇත. නැවතත් අතීතයම මිහිමත බිහි වී අප හට දැවීමම උරුම වනු ඇත.
සියලුම සංතාපයන් මධ්‍යයේ එකම එක තාරකා ලකුණක් කෙරෙහි අපේක්ෂාවෙන් හිඳිමි. ප්‍රේමයේ ඇරඹුම ද , නිමාවද , ඉහිරී ගිය පිළිණ මැද නොවිසුරුණු අපේක්ෂාව ද එයමය. එය ඔබ ද දනී. මම ද දනිමි. සංසාරය නිම වන තෙක් ඒ හේතුවම ඇතැයි තහවුරු කොට සිතමි.
ඈත කඳු යායේ නීල වළාවේ
තාරකාවක් හිනැහෙන දවසේ
මමත් හිනාවෙන්නම්
ඔබ හිනැහේනම්
රන් පිහාටු දෙන්නට කන්ද උඩින්
රන් හංස කුමරු ඒවී
නෙත් කඳුළැල් දිය සීරා
දෙපා දොවා යාවී
මා මිහිලිය තුරුලේ නිදන දිනේ
වනන්තරේ ඔබ තනිවේ නම්
තැවුල් නිවාලන්නම්
මම එහා ලොවේ සිට කතා කරන්නම්
ගායනය : නන්දා මාලීනි
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : ඩබ්. ඩී. අමරදේව
චිත්‍රපටය : තරංගා | 1975
0 comments:
Post a Comment