දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියට අනුව ස්ත්‍රියකට වයස අවුරුදු 16 ට අඩු වන විට ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සංසර්ගය සඳහා ප්‍රවේශ වීම ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වේ.
නමුත් ලංකාවේ නීතියට අනුව ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම විවාහ වීමට නම් වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුය.
දරුවන් වැදීම ද ගර්භාෂය දැරීම ද ස්වභාවිකව පිහිටා ඇත්තේ ගැහැණියටය. වයස අවුරුදු 16 ට අඩු නම් කැමැත්තෙන් සසඟෙහි යෙදීමද ස්ත්‍රී දූෂණයක් වනවා යැයි පවසන නීතියට කාන්තාවකගේ වයස 16 - 18 අතර අවුරුදු දෙක පිළිබඳ අමතක වී ඇත. එම දෙවසර තුළ යුවතියක් කායික සබඳතා පැවැත්වීම නීතියෙන් වරදක් නැති නමුත් ඇයට කවර පදනමක් යටතේ හෝ විවාහ වීමට අවසර නැත. වයස 16 - 18 අතර යුවතියක් ගැබ් ගත් විටෙක ඇයට දරුවා වෙනුවෙන් හෝ විවාහ වීමට නීතියේ ප්‍රතිපාදන නොමැත.
"මව්පියන් විවාහකද " යනුවෙන් විමසන උප්පැන්න සහතිකයක් ඇති රටක මෙවැනි වියවුල් විසඳා දීමට කිසි කලෙක මැදිහත් නොවූ ආගමික නායකයින් ගර්භාෂයේ තීරණය සම්බන්ධව තමන්ගේ සත දෙක බලහත්කාරයෙන් අප වෙත දමා ගසති,
කාදිනල් තුමන් ඇතුළු ආගමික පාර්ශවයන් වෙත ගෞර්වයෙන් සිහිපත් කරන වග නම්;
ගිහියාගේ ආගම ජීවිතය වෙනුවෙන් විනා ගිහියාගේ ජීවිතය ආගම වෙනුවෙන් නොවේ. ගිහි - පැවිදි සීමා මායිම් ලකුණු කිරීමට කාලය දැන් එළැඹ ඇත. යම් මනුෂ්‍යයෙක් ලෝගුව හෝ සිවුර දවටා නොගෙන ජීවත් වන්නේ ඔහුට හෝ ඇයට ගිහි ලෞකික ජීවිතය අවැසි බැවිනි. සීසර්ගේ දේ සීසර්ට දෙන්නයැයි කියන්නේ එබැවිනි.
ඉතිහාසයේ සහ ආගමික සාහිත්‍යයේ හැරෙන්නට සල් ගස් යට උපදින දරුවෙක් වෙනුවෙන් වටතිර එළන්නන් ද , ගවලෙනක උපන් දරුවෙක් සොයා පැමිණෙන ශාස්ත්‍රවන්තයින් ද මහපොළොවේදී බේතකටවත් සොයාගන්නට නොමැත.
කාදිනල් තුමා ඇතුළු ආගමික නායකවරුනි ,
අමිහිරි වුවද යථාර්ථය එය නොවේ යැයි ඔබට පැවසිය හැකිද ?
කිව යුතු සියල්ල ඔබ ලියා ඇත.
ReplyDelete++++
ReplyDeleteපැහැදිලිව කෙටියෙන්, thumbs up කසීර
ReplyDelete