පෙරුම් පුරාගෙන ආ සංසාරේ - පැතුමද සුණු විසුණුව වැටුණේ


දරුවෙක් අහිමි වීම යනු තමන් නැති වීම ම බව පැවසුවේ වෛද්‍ය මනෝරානි සරවනමුත්තු ය. 1990 පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරළවැල්ල මූදු තීරයෙන් හමු වූ ඇයගේ පුතු රිච්ඩ් ද සොයිසා ගේ ප්‍රාණය සුන් මළසිරුරට පමණක් ලඝු නොවන එම ප්‍රකාශය සෑම මවකටම පියෙකුටම අදාල වන බවට සැක නැත. 2016 වසරේ මාර්තු 15 වැනිදා මීගමුව පළාත්බද මහාධිකරණයේදී සේයා සදෙව්මි දැරිය ඝාතන නඩුව අවසන් වන්නේ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් ගොනුකොට තිබූ සියලු චෝදනාවන්ට වරදකරු කරමිනි. නඩුව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මියගිය සේයාගේ මව ඉල්ලා සිටියේ තව දුරටත් තම දියණියගේ ඡායාරූප පල කිරීමෙන් වළකින ලෙසය.

එක්තරා දවසක ගමන් කරමින් සිටි දුම්රිය හදිසියේ නවතාලීමට හේතුව කිමදැයි විමසන එවකට මහකණුමුල්ලේ වජිර හිමියන් හට අසන්නට ලැබෙන්නේ යුවතියක් එම දුම්රියට පැන සිය දිවි නසාගත් පුවතකි. ඒ ඇසූ උන්වහන්සේ පසුකලෙක මේ පද කීපය ඉතිරි කළේය.

පැතුමද සුණු විසුණුව වැටුණේ
කාටද රිදුණේ - කවුරුද හැඬුවේ 
දුම්රිය මොහොතක් නතර වුණේ

මහකණුමුල්ලේ වජිර හිමියන් වේදනාව සහ සත්‍යය අකුරු කර එතැනින් නවතින්නේ ය. නමුත් එතැනින් නොනවතින , කුණු ලේ රසයම හඹා යන පිරිසක් ද වේ.
මිත්‍රවරුනි , ඔබ අප ජීවත් වන්නේ කීන බල්ලන් සේ ලේ මස් ඉවම සොයා ඇදී එන සමාජයකය. තම ආදරණීයයෙක් ගේ විපතේදී කඳුළු හෙළන්නට පළමුවෙන් මළසිරුර ආවරණය කිරීමට සිදුවන තරමට ඒ ලේ පිපාසාව ඉක්මවා ගොස් ඇත.
විල්වත්තේ නිශාදි බුද්ධිකා ගේ නිරුවත් මළ සිරුර දුටුවනම තම කමිසය උණා එයින් සිය ආදරණීය සොයුරියගේ දේහය වසා දමා වැළපුණ බාල සොහොයුරා ද තම ඉල්ලීම නොතකා කිරිකැටි දියණියගේ නිරුවත් මළ සිරුරේ ඡායාරූප ගන්නා මාධ්‍යවේදීන් වළක්වනු පිණිස ටී ෂර්ටය ගලවා ළදරු සිරුර වසා දැමූ සේයා සදෙව්මි ගේ පියාණන් ද ආදරයෙන් සිහිපත් කරමි.
මුහුදට වැටුණු ලේන පැටවාගේ ජීවිතය බේරා ගැනීමට තම වලිගයෙන් මුහුද සිඳලන්නට තැත් කළ ලේන මවක් ගැන උගන්වන්නේ ජාතක කතාවලය. කිසිවෙක් නොමළ ගෙයකින් අබ සොයන්නට අසමත් වන කිසාගෝතමී ගැන උගන්වන්නේ බුද්ධ ධර්මයට ය.
තමාගේ ලේන පැටවා මුහුදට වැටෙන තෙක්ම , තමාගේ නිවෙසේ අබ කිසාගෝතමීට පලක් නොවන බව වටහා ගන්නා තෙක්ම , ඔය සියලුම ඉගැන්වීම් තරුණ බෞද්ධ සංගමයෙන් පවත්වන දහම් පාසල් විභාග වලට විනා ජීවිතයට පලක් නොවනු ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. ඔය සියලුම ඉගැන්වීම් තරුණ බෞද්ධ සංගමයෙන් පවත්වන දහම් පාසල් විභාග වලට විනා ජීවිතයට පලක් නොවනු ඇත./////////////////// ++++++++++++++++++++

    ReplyDelete
  2. අන්තිම වචන ටික
    නයි මිරිස් වගෙයි

    ReplyDelete
  3. එවකට මහකණුමුල්ලේ වජිර හිමියන් ,අද

    https://www.facebook.com/vajira.mahakanumulla?fref=ts

    ReplyDelete
    Replies
    1. Just for the information only, he is friend of mine since he was a monk and to date.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම වජිර හිමි උපැවිදි වුණ බව දන්න නිසයි "එවකට" කියලා යෙදුවේ. ඒත් මේ ලින්ක් එක දකිනකං මම දැනං හිටියේ නෑ ඒ වජිර සහ මේ වජිර කියන්නේ එක්කෙනාමයි කියලා 😱
      2012-2015 මම එයා එක්ක වැඩ කරලා තියෙනවා. මම එයාලගේ ක්ලයන්ට් කෙනෙක්. මට අදාල ප්‍රඩක්ට් එකක ක්‍රියේටිව් රයිටර් හිටියේ වජිර 😱

      Delete