දෙසැම්බර් 07 : ජපන් හමුදාව පර්ල් වරායට පහර දෙයි


1941 වසරේ අද වැනි දවසක ජපන් හමුදාව - හවායි හි පර්ල් වරායට පහර දුන්නේ ඉතිහාසගත ව්‍යවසනයකට මුල පුරමිනි .
1941 වසරේ දෙසැම්බර් මස 7 වැනි දා උදෑසන 6.00 වන විට හවායි අහස් තලය කෝප ගැන්වුණු බඹර රංචුවකගේ සිරි ගැන්වී තිබිණ. එතෙක් පැසිෆික් සාගර කලාපයේ ආධිපත්‍යය උදෙසා ඇමරිකාව සහ ජපානය අතර පැවති සීතල යුද්ධයේ කූටප්‍රාප්තිය ලෙස හඳුන්වාදිය හැකි මෙම මෙහෙයුම සඳහා ජපාන නෞකා 06 ක් ද ප්‍රහාරක යානා 23 ක් ද අනුයුක්ත කරන ලදි.
ජිබ්‍රෝල්ටා ඔෆ් ද පැසිෆික් ලෙස නම් කරන ලද තම ඉලක්කය වෙත ගමන් ගත් ජපාන හමුදා ඇමරිකානු සෙබළුන් 2,403 දෙනෙකුගේ ජීවිත ද,ඇමරිකානු නෞකා 19 ක් ද,ප්‍රහාරක යානා 188 ක් ද විනාශ කිරීමට සමත් වේ. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ ජපන් සෙබළුන් 64 දෙනෙක් ගේ ජීවිත සහ ප්‍රහාරක යානා 29 ක් පමණි . එනමුත්,ජපානයේ ප්‍රධානතම ඉලක්කය වූ ලෙක්සින්ග්ටන් , එන්ටර්ප්‍රයිස් හා සරටෝගා නම් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා තුනට කිසිදු හානියක් සිදු නොවී තිබිණ.

ජපානය තම විජයග්‍රාහි ප්‍රහාරය සමරමින් ජය පැන් පානය කරද්දී ඇමරිකානු ජනපති ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් එම සිදුවීම හැඳින්වූයේ ඇමරිකාව අපකීර්තියෙන් මිරිකී ගිය දිනයක් ලෙසයි.
නමුත් - සැබෑ යුද්ධය එය නොවේ.
පසු දිනම ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කරන ඇමරිකාව, වසර ගණනකට පසු පර්ල් වරායේ වාඩුව ලබා ගන්නේ අදටත් මිහිමත පැණ නැගුණු මහා ඛේදවාචකයක් ලෙස ඉතිහාසයට එක් වූ හිරෝෂිමා , නාගසාකි යන නගර ද්විත්වය බිමටම සමතලා කර දමමිනි.

යුද්ධයක් යනු ජයපැන් බොන්නටත් , කිරිබත් කන්නටත් නොතරම් දෙයක් බව අපට යළි යළිත් සිහිකර දෙන්නේ මේ ඉතිහාසයමය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment