අසංක ප්‍රියමන්තගේ ඇස් දෙක නෙලා ගැනීම



සිංහල ගීත සාහිත්‍යයේ කැනිබලිස්ම් ගණයේ ගීත ඇත්තේ අතලොස්සකි. ඉන් බයානකම එකක් ගයන්නේ අසංක ප්‍රියමන්ත පීරිස් ය. අසංකගේ ගීත දැන් ඇසෙන්නේම බස් රථ වල දී නිසා මේවා අසා රාත්‍රී කාලයේ බසයෙන් බැස යනවාට වඩා ඩිපෝවටම යාමට සිත් දේ.
ඔය ඇස් දෙක නෙලා ගන්න 
නෙලා ළඟින් තියාගන්න 
නිල් ඉඳුවර මල්වට්ටියකට . . . 
හීන් මැණිකේ අවසර දෙනවද.

සිය යහළුවන් හොබී එකට මුද්දර එකතු කරන විට අංගුලිමාල කළේ මිනිස් ඇඟිලි කලෙක්ෂන් එකක් දැමීමය. ඉන්පසුව ජයනිත්‍යකල්‍යාණී ජුවෙලර්ස් වල වත් නැති ආකාරයේ මාලයක් තනා ගත්තේය. එය බෙල්ල වටේ දාගෙන ගම හරහා දිවුවේය.
අසංක ප්‍රියමන්ත ට අංගුලිමාලට මෙන් අස්ස කුලප්පුවක් නැත. ඔහු පළමුව හීන් මැණිකේ ගෙන් ඇස් ගලවා ගත්තාට කමක් නැද්දැයි අවසර ඉල්ලා සිටියේය. ගලවා ගත් ඇස් දමන්නේ මැටි කෝප්පයකට හෝ වළඳකට නොවන බවත් නිල් මහනෙල් මල් වට්ටියකට බවත් පැවසුවේය. වෙනදාට සිහින්ව කැපූ පිපිඥ්ඥා පෙති දෙකක් ඇස් මත තබන හීන් මැණිකේ නිල් මහනෙල් මල් වට්ටියක් උඩින් ඇස් දෙක තබන්නට ලැබුණු චෑන්ස් එක ගැන ඉමහත් සතුටට පත් වන්නීය. "මේ දෑස කුමටද " යනුවෙන් පවසා ඇස් දෙක දන් දුන් ඇය අක්ෂිදාන සංගමයේ අසංක ප්‍රියමන්ත පීරිස් ශාඛාවේ යාවජීව සාමාජිකත්වය හිමි කර ගත්තාය.
අද ප්‍රශ්නය : හීන් මැණිකේගේ ඇස් දෙක තිබෙන්නේ කොහේ ද ?



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. අසන්කගේ පොකැට්ටුවේ බවට සැකයක් තිබේ... ( පොකැට්ටුව දිහාට විය හැකිය ) :P

    ReplyDelete